09 වැනිදා ජන සුනාමියක් එනවාලු.. අපි හැංගෙන්නද ගහන්නද.. මන්ත‍්‍රීවරු රජයෙන් අසති…

August 7, 2022 at 10:00 am | lanka C news
09 වැනිදා ජන සුනාමියක් එනවාලු.. අපි හැංගෙන්නද ගහන්නද.. මන්ත‍්‍රීවරු රජයෙන් අසති…

එළඹෙන 09 වැනිදා නැවතත් රට වටෙන්ම කොලඹට සෙනඟ කැඳවා ජන සුනාමියක් ඇති කරන බවට එල්ල වී ඇති තර්ජන මත තමන් කරන්නේ කුමක්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විසින් ප‍්‍රශ්ණ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකදීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් භයානක අනතුරු ඇඟවීමක් කර ඇති බවත් 09 වෙනදා කොළඹ දේශපාලඥයන් පන්නා දමන බවට ඔහු තර්ජනය කර ඇති බවත් මන්ත්‍රීවරුන් පිරිස පෙන්වාදී ඇත.

මේ හේතුවෙන් තමන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රශ්න කර ඇති අතර විරෝධතා කරුවන්ට පහර දෙන්න ද නැතිනම් හැංගෙන්නදැයි දැයි පැහැදිලි පිළිතුරක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දී ඇත්තේ කලබල වීමට දෙයක් නැති බවත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර පියවර ගෙන ඇති බවත් ය.

එදිනට විශාල සෙනගක් කොළඹට පැමිණෙන තත්ත්වයක් මේ වන විට නැති බව ද බුද්ධි අංශ විසින් සහතික කර ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත.

39,025 views

27 Comments to “09 වැනිදා ජන සුනාමියක් එනවාලු.. අපි හැංගෙන්නද ගහන්නද.. මන්ත‍්‍රීවරු රජයෙන් අසති…”

  1. Lalla says:

    ඉස්සර වෙලාම ගහපල්ලා. ඊට පස්සේ ගුටිකාල මැරියල්ලා. ප්‍රශ්නය ඉවරයි.තොපිත් ඉවරයි….

  2. Boo says:

    තමන්ගේ දරුවන් පිටරට පරිස්සමට තියලා ලංකාවේ අහින්සකයින්ව කුලප්පු කරන ෆොන්සේකාගේ , ලපයාගේ සහ කුමාර් ගුනරත්නම්ගේ මී හරක් වහල්ලු තවත් කොච්චර ඉතුරුවෙලා ඉන්නවද කියල හෙට බලාගන්න පුළුවන්.

    ඉන්නවනම් ඇවිත් බෙරේ පූල් එකෙන් නාලා නොමිලේ පොලිස් මසාජ් එකක් එහෙම කරගෙන V8 ඇම්බියුලන්ස් එකකින් ගම රට බලා යන්න එන්න. රතිඥ්ඥා පත්තු කරලා පිළිගන්න කට්ටිය ඉන්නවා.

    • රනේ says:

      ඔහොම ටෝක් දීපු උඹ වගේ ගොඩක් අය බේරෙ නානවා අපි දැක්කා. අන්තිමට මාව හොස්පිටල් දාන්න අයියෝ වෙන තැනට ලොකු ටෝක් නොදී හිටපන්.

  3. Pabakariyawasam says:

    තොපිට කතිරෙ ගැහුවේ තොපෙ චංඩිපාට් බලන්න නොවෙයි ගුටිකාපියව් මිනිස්සුන්ගෙන්

  4. Sharm says:

    සුනාමියෙන් එන්නෙ තමන්ට කතිර ගහපු එවුන්ට නම් … මොකටද හැංගෙන්න?? උන්ට ගහන්න ඔහෙලට අයිතියක් නෑ..?? ඔහෙලගෙ සක්කිලි කම නේද මේ කතාවෙන් කියවෙන්නෙ?? මුන්වහන්සේ බලයෙ තියලා නඩත්තු කරන්න අපි බැඳිලා ඉන්නවා කියලා කාට හරි හිතෙනවා නම් 134 බස් එකට නග්ගලා යවන්න

  5. Wije says:

    Agitation and cricising demonstrations ok. And else they should explain their way of solving same. However government and its personnel should read the agitation well

Main News