09 වැනිදා මහින්දානන්දගේ කාර්යාලයට පහර සිව්දෙනෙක් අත්අඩංගුවට….

May 15, 2022 at 8:02 am | lanka C news
09 වැනිදා මහින්දානන්දගේ කාර්යාලයට පහර සිව්දෙනෙක් අත්අඩංගුවට….

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් සිව්දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් (14) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා වෙත (14) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා රු ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත මුදා හැර යලිත් එම නඩුව මේ මස (27) දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

ඉකුත් (09) දින නාවලපිටිය නගරය මධ්‍යට පෙලපාලියකින් පැමිණි පිරිසක් මහින්දානන්ද පදනම් කාර්යාලයට පහර දි අලාභ හානි සිදු කල බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිව නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත ඉන් සැකකරුවන් සිව්දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් (14) දින අත්අඩංගුවට ගෙන ඇත.

අයුතු ජනරාශ්‍රිය , අනර්ථය, සොරකම් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන්ට නාවලපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර ඇත.

සැකකරුවන් වෙනුවෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරුන් දෙදෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි සැකකරුවන්ට ඇප ලබා දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 25-50 වයස් කාණ්ඩවල පසුවන නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,013 views

7 Comments to “09 වැනිදා මහින්දානන්දගේ කාර්යාලයට පහර සිව්දෙනෙක් අත්අඩංගුවට….”

  1. Ms සිල්වා says:

    Jvp and peratugami are one organization. Sri Lankan security top management are very slow identifying the threat. They are busy arming themselves and there will be an insurgency soon. Catholics are forefront and some Buddhist minks are also behind this. It is shamed that cid is sleeping allowing them to infiltrate into state and private universities. Take action ASAP.

  2. sfs says:

    video වල ඉන්න සියලු දෙනාම පහසුවෙන් අත්අඩංගුවට ගත හැකියි

  3. Priyankara says:

    Polisiya ewanam ganata karanawa. A unata, Video, witnesses okkoma thiyeddith , gall face ahinsakayanta pahara depu ewn thama ath adanguwata gaththe naha. Oya krame thamai wenas karanna ona.

  4. Wickrama says:

    එතකොට ගෝල්ෆේස් අරගලයේ හිටපු අයට පහර දීපු අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද?

    • අරගලයේ නියෝමුවෝ says:

      අපි උන්ට දඬුවම් කරලා තියෙන්නේ . උඹ කලබල වෙන්න එපා ඒ ගැන .

      අරගලයේ නියෝමුවෝ

  5. Kamal says:

    As I thought, this is a heavily organized game by leftists. It explains how some random thugs managed to have not just one lawyer but two lawyers. It would be best if Cid could monitor the activities of these two lawyers to see if they are under the payroll of some mob leaders who organised the whole riot. If they are, then sue them both too for helping the riots.

  6. Gamarala says:

    මහජන බදු මුදල් වලින් මේවා සැදුවොත් මෙහෙම වෙනවා

Leave a Comment

Main News