10 වැනිදාට ශ‍්‍රිලනිප තවත් 10ක් විපක්‍ෂයට.. ආණ්ඩුව තවත් අර්බුදයට..

May 5, 2018 at 4:40 pm | lanka C news
10 වැනිදාට ශ‍්‍රිලනිප තවත් 10ක් විපක්‍ෂයට.. ආණ්ඩුව තවත් අර්බුදයට..

එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන 10 වැනිදා පැවැත්වෙන විවාදයෙන් පසු ශ‍්‍රිලනිප ඇමතිවරුන් 10 දෙනෙකු විපක්‍ෂයේ අසුන් ගැනීමට යන්නේ යයි වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 දෙනා 08 වැනිදා පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය ගැන කලකිරී සිටින එම පක්‍ෂයේ කණ්ඩායමකුත් 10 වැනිදාට පසු විපක්‍සයේ අසුන් ගනු ඇති බවත වාර්තා වෙයි.

47 views
Main News