10 වැනිදායින් පසු විදුලි කැපිල්ල නැවතු රහස මෙන්න..

April 11, 2019 at 3:50 pm | lanka C news
10 වැනිදායින් පසු විදුලි කැපිල්ල නැවතු රහස මෙන්න..

වියත්මග සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයෝ මෙම අදහස් පල කලහ.

සංජීව අනුපම වරලත් ඉංජිනේරු

විදුලි කප්පාදුව රටේ ජනතාවට ඇතුළු සමස්ත පද්ධතිවලට බලපා තිබෙනවා. රටේ පනතට අනුව විදුලි බලය සැපයීමට රජයට අයිතිය තිබෙනවා. නමුත් රජය ජනතාවට අවශ්‍ය විදුලිය ලබාදීමට අපොහොසත් වී තිබෙනවා. 1983 දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ජල විදුලිය ලබා දුන්නා. එදා කවුරුන් හෝ කියා තිබුණා ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා. නමුත් තවමත් සියයට 15 කට විදුලිය දෙන්න අපොහොසත් වෙලා තිබෙනවා. රටේ වැඩිවන විදුලි ඉල්ලූමට සැපයීමක් ලබා දෙන්න පුරෝකථනයක් හෝ සැලසුම් තිබුණේ නැහැ. නිවාසවලින් සියයට 98 කට විදුලිය ලබා දීම සතුටට කරුණක්. මීට වසර 5 – 6 කට පෙර සියයට 98 කට විදුලිය අඛණ්ඩව සැපයූ රටක්. සියයට සියයක්ම 2007 – 2008 වසරවලදී විදුලිය සපයන්න නොහැකි වුණේ යුද්ධය හේතුවෙන්.

අපිට සිහින තිබ්බා. වයිෆයි නොමිලේ දෙනවා කිව්වා. නමුත් ජංගම දුරකථනය චාර්ජ් කරන්නවත් අද විදුලිය නැහැ. වයිෆයි දෙන්න කතා කරනවා නමුත් සාම්පූර් බලාගාරය නතර කළා. සූර්ය බලයෙන්, සුළං බලයෙන් විදුලිය නිපදවන්න පුළුවන්. සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය නතර වෙලා. එමගින් අපට අවශ්‍ය පරිදි විදුලිය ලබාගත හැක්කේ ස්වභාවධර්මයට අනුවයි. එවැනි ක‍්‍රමවේදවලින් විදුලිය ලබා ගන්නවා නම් යම් ක‍්‍රමවේද තිබෙනවා. හොදින් වැසි හෝ සුළං ලැබෙනවා නම් එමගින් විදුලිය ලබා ගන්න පුළුවන්. අද සාම්පූර් බලාගාරය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පරිසර පනතට අනුව නිසියාකාරව බලාගාර ඉදිකරනවා නම් ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන්.  එදා ගල්අගුරුවලට චෝදනා කළ ඇතැමුන්ට නොරොච්චෝලේ බලාගාරයේ ප‍්‍රතිඵල අද පේන්නේ නැහැ. මෙරට වායු ¥ෂණය වැඩිම පුත්තලමේද? නැහැ කොළඹ. රථවාහනවලට විශාල වශයෙන් ඉන්ධන බලශක්තිය භාවිතා කරනවා. මේකට හොදම විකල්පය තමයි දෙමුහුන් වාහන භාවිතා කිරීම. නමුත් දෙමුහුන් වාහනවල බදු අඩු කරලා තිබෙනවාද? විදුලි කප්පාදුව ආශිර්වාදයක් කරගත් කොටස් ඉන්නවා. නමුත් ඉංජිනේරුවන් වශයෙන් මේවාට විසදුම් දීමට රජය අපොහොසත් වී තිබෙන බව පේනවා.

ආචාර්ය ක‍්‍රිෂාන්ත විසෙන්තිගේ මහතා  –

මේ වන විට විදුලි කප්පාදුවක් සිදුවෙනවා. රටට අවශ්‍ය විදුලි ඉල්ලූමට නිෂ්පාදනය නොකිරීම මීට ප‍්‍රධාන හේතුවක්. විදුලි කප්පාදුව හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ව්‍යාපාර මිලියනයක් තිබෙනවා. ශුද්ධ ව්‍යාපාර ලක්ෂ නවයක් පමණ තිබෙනවා. ඉතිරි එ්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. විදුලි කප්පාදුව නිසා එම ව්‍යාපාරවලට මෙන්ම ස්වයං රැුකියාවන්හි නිරත කේෂ්ත‍්‍රය මුළුමණින්ම කඩාවැටිලා. අලූත් අවුරුදු සමය නිසා ඔවුන් තවදුරටත් අසරණ තත්ත්වයකට පත්වෙලා. විදුලි උත්පාදනය කරගන්නා ලෙස කර්මාන්ත ශාලා හිමියන්ට රජය කියනවා. ජෙනරේටර්වලින් විදුලිය එ්කකයක් උත්පාදනය කිරීමේදී රුපියල් 35 කට වැඩි වියදමක් වැය කරන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්ත පවත්වාගෙන යන්න පුළුවන්ද?

අපනයන කේෂ්ත‍්‍රය දියුණු කරන්න කතා කරනවා. නමුත් විදුලි කප්පාදුවත් සමග අපනයන කේෂ්ත‍්‍රයත් කඩාවැටිලා. විදුලි කප්පාදු කරන රටකට ආයෝජකයන් එන්නේ නැහැ. රජයේ අකාර්යක්ෂමතාව නිසා තමයි විදුලි කප්පාදුව සිදුවෙන්නේ. නිසි පහසුකම් දෙන්න බැරි නම් ආයෝජකයන් එන්නේ නැහැ.  බලශක්තිය අඩු මුදලකට ආයෝජකයන්ට දෙන්න බැරි නම් ඔවුන් වෙනත් රටවල ආයෝජනය කරනවා.  අනාගතයටත් මේ විදුලි කප්පාදුව බලපානවා. ඇමැතිවරයා කියනවා 10 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදුවෙන්නේ නැහැ කියලා. එ්කට හේතුව විදුලිය නිෂ්පාදනය වැඩි වුණ නිසාද? නැහැ. අලූත් අවුරුදු සමයට රටේ බහුතර කර්මාන්ත ශාලා වසා දානවා. එ් නිසා විදුලි ඉල්ලූම අඩුවෙනවා. විදුලිය රැුගත් නැවකුත් දැන් ඇවිත් තිබෙනවා. රටේ අවශ්‍ය වන ඉල්ලූමට සැපයුම ලබාදීමට රජයට නොහැකි වී තිබෙනවා.   එ්කට අවශ්‍ය කරන ක‍්‍රියාමාර්ග ගන්න රජය අපොහොසත් වී තිබෙනවා.

වරලත් ගණකාධිකාරිනී පද්මිණී දිසානායක මහත්මිය  –

මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන විදේශ රටවලට ගියාට නිරතුරුවම උදව් කරන්න් අපේ රටටයි. විදේශිකයන්ට අපි කියන්නේ ලංකාවේ ආයෝජනය කරන්න කියලයි. නමුත්  රටේ මෙවැනි ප‍්‍රශ්න තිබෙන විට කිසිකෙනෙක් කැමති නැහැ ලංකාවේ ආයෝජනය කරන්න. විදේශිකයන් ලෝකයේ හැම අතින්ම සුන්දර රටක් විදිහටයි ශී‍්‍ර ලංකාව හදුන්වන්නේ. එවැනි තත්ත්වයකදී විදුලිය කප්පාදුව නිසා රටට සිදුවන්නේ කැළලක්. සංචාරක කර්මාන්තයට, තොරතුරු තාක්ෂණ අංශයට ඇතුළු සමස්තයටම දැඩි බලපෑම් මේ විදුලි කප්පාදුවන් එල්ල වෙලා තිබෙනවා. අපි රැුකියාවල නිරතව සිටින ඩුබායි රටේ වසර විස්සකින් තවම විදුලි කප්පාදුවක් සිදුවෙලා නැහැ. සෑම වසරකම විදුලි ඉල්ලූම වැඩි වෙනවා. නමුත් ඔවුන් විදුලිය නිසියාකාරව සැලසුම් කරනවා. ඩුබායිවල විදුලිය සලකන්නේ ජලය හා සමානවයි. එනිසා මූලික අවශ්‍යතාවන් ගැන ඔවුන්ට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඇතැම් විට උහුලගන්න බැරි තරම් උෂ්ණත්වය වැඩි වෙනවා. සෑම කෙනෙක්ටම දරා ගන්න පුළුවන් විදිහට විදුලිය සපයා තිබෙනවා. නායකත්වයේ තිබන දක්ෂතාව නිසා තමයි රජය අවශ්‍ය පහසුකම් ජනතාවට නිසියාකාරව ලැබෙන්නේ.

රටේ මූලික පහසුකම් ජනතාවට ලබා දෙන්න නිසි නායකත්වයක් අවශ්‍යයි. අපේ රටේ සැලසුම්  තිබෙනවා. දක්ෂ ඉංජිනේරුවරුන් ඉන්නවා. ඔවුන් ලෝකයටත් උදව් කරනවා. එවැනි අය සිටිද්දී මෙවැනි පොඩි ප‍්‍රශ්න විසදන්න බැරි ඇයි? එ්වා කළමනාකරණය කිරීමට බැරිකම නිසයි මෙවැනි තත්ත්වයක් අද උද්ගත වෙලා තිබෙන්නේ. අපේ සැලසුම්වල අඩුපාඩුවක් නැහැ. නමුත් කි‍්‍රියාත්මක කිරීම නිසි නායකත්වයක් නොමැතිකමයි ප‍්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ.  ගෝලීය අවශ්‍යතාවට ප‍්‍රමුඛතාව දීම වගකිව යුතු රජයක යුතුකමක්.

– වියත්මග මාධ්‍ය ඒකකය

37,187 Viewers

3 Comments to “10 වැනිදායින් පසු විදුලි කැපිල්ල නැවතු රහස මෙන්න..”

  1. Kadiya says:

    Jokers and brokers government don’t have any program to develop the country.

  2. U B PERERA says:

    kadiya. u are very correct

  3. Thomas Edison says:

    පල පල යන්ට ඉන්ජිනේරු සෙවලයෝ. තොපි විදුලිය දෙන්ට කියා දෙය්යන්ට කන්නලව් කරපු නිවටයෝ පිරිසකි. දැන් ලොරි ටෝක් !

Leave a Comment

Main News