100% කාබනික ලොව පළමු රට ශ‍්‍රී ලංකාවයි.. නිර්භීත තීන්දුව ගත් ජනපති ඉතිහාස ගත වෙනවා..

November 4, 2021 at 4:40 pm | lanka C news
100% කාබනික ලොව පළමු රට ශ‍්‍රී ලංකාවයි.. නිර්භීත තීන්දුව ගත් ජනපති ඉතිහාස ගත වෙනවා..

රසායන පොහොර භාවිතාවෙන් ඉවත් වී සාම්ප්‍රදායික කෘෂිකාර්මික ඉඩම් සියල්ල සීයක්ම කාබනික වගාවන් බවට පත්කිරීමට තීරණය කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් එම නීර්භිත තීරණය ඉතිහාසගත වන බවද ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්කොට්ලන්තයේ දී පැවති Cop 26 සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් විශිෂ්ට සහ නිර්භීත තීරණයට තමන් කෘතඥ වන බවද ඔහු එහිදී පැවසීය.

ජනාධිපතිවරයාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙස නොබලා කටයුතු කරන බවද අමාත්‍යවරයාට එහිදී කියා සිටියේය.

25,104 views

22 Comments to “100% කාබනික ලොව පළමු රට ශ‍්‍රී ලංකාවයි.. නිර්භීත තීන්දුව ගත් ජනපති ඉතිහාස ගත වෙනවා..”

  1. Athula says:

    වැල යන පැත්තට මැස්ස ගහන ජඩය මුන් ඇති තරම් හම්ඹ කරලා තියෙන්නේ මුන්ට ඕනෙ ඒවා හම්බ කලේ කොහොමද කියන ක්‍රමයක්‌ හොයන ආණ්ඩුවක් එන එක වලක් වන්න.. මේවාට උත්තර දෙන්න ජනතාව දැන් සුදානම්.. 😡

Main News