100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…

May 12, 2019 at 12:02 am | lanka C news
100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…

අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කල බව සදහන් නිල ලේඛණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එම ලේඛණය බාර දීම සදහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වීසා අංශය විසින් ඔහු ආසන්න දිනකදී කැදවා තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුගිය මාර්තු 06දා ඇමරිකා පුරවැසිකම අත්හැරීමේ ලිපිය බාර දුන් අතර ඒ පිලිබදව සති දෙකක් පරීක්‍ෂා කිරමක් කර ඇත. ඒ රාජපක්‍ෂ මහතා විසින් අමෙරිකාවට ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි පියවා තිබෙද යන්න ගැනයි.

පසුගිය අප්‍රේල් 17 දින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තම අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය ඇමරිකා තානාපති කාර්යාලයට බාර දී ඇති අතර ඉන් සති තුනක් ඉක්ම ගිය පසු පුරවැසිභාවය අහෝසි කල බවට නිල ලේඛනය නිකුත් කර ඇත.

ගෝටාභට රාජපක්‍ෂ මහතා මේ වන විට භාවිත කරන්නේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයකි.

ගොටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවේදී මෑතකදී පවරා ඇති සිවිල් නඩු ගැන කිසිදු අවධානයක් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යොමු කර නැත.

26 views

33 Comments to “100% සම්පුර්ණයි.. මුළුමනින්ම ශ‍්‍රී ලාංකිකයි.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීමේ ලිපිය ගෝටාභයට බාර දේ…”

  1. Love nature says:

    සියලු ජනතාව ඔබ සමගයි

Main News