1000 පොහොර මිටියක් 1600ට විකුණයි..

May 2, 2020 at 2:04 am | lanka C news
1000 පොහොර මිටියක් 1600ට විකුණයි..

අලෙවි කල යුතු මිල රැපියල් 1000 ක් ලෙස සටහන් කර ඇති කිලෝ 50 යුරියා වර්ගයේ පොහොර මිටියක් බලන්ගොඩ ප්‍රදේශයේ අමු තේ දළු වෙලෙන්දන් විසින් රැපියල් 1600 ක මිලට කුඩා තේ වතු හිමියන්ට මෙිි මෙි දිනවල අලෙවි කරන බවට කුඩා තේ වතු හිමියන් චෝදනා කරති.

කිලෝ 50 ක පොහොර බැගයක් සදහා වෙලෙන්දන් විසින් රැපියල් 600 ක පමණ වැඩි මිලක් අය කර ගන්න බව වතු හිමියන් සදහන් කරති.ග්‍රාමිය ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් වැඩි වශයෙන් පොහොර ගෙන්වා ගනු ලබන්නේ තමන් විසින් අමු තේ දළු අලෙවි කරන වෙලෙන්දන් හරහාය.

නමුත් නගරයේ වෙලෙදසල් වල පොහොර මිටියක මිල ඉහළ 1500 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව පවසා තේ වෙලෙන්දන් විසින් රැපියල් 1000 ක අලෙවි කිරිමට ඇති කිලෝ පනහක යුරියා වර්ගයේ පොහොර බැගයක් 1600 ට තමන්ට ලබා දෙන බව කුඩා තේ වතු හිමියන් වැඩිදුරටත් චෝදනා කරති.

පොහොර වෙලෙන්දන් විසින් පොහොර බැගයක් සදහ⁣ අධික මිලක් අයකරනවාද නැතහොත් තේ වෙලෙන්දන් විසින් අධික මිලක් අය කරනවාද යන්න කුඩා තේ වතු හිමියන්ට විශාල ගැටලුවක් වි අැත.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

351 views

One Comment to “1000 පොහොර මිටියක් 1600ට විකුණයි..”

  1. mahinda says:

    yko pohora nomile neda denne

Main News