‘1000 ව්‍යාපාරය’ වතුකරයේ විරෝධතා..

February 18, 2019 at 8:02 am | lanka C news
‘1000 ව්‍යාපාරය’ වතුකරයේ විරෝධතා..

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රු 1000 ව්‍යාපාරය හැටන් නගරයේදි ඊයේ දින උද්ඝෝෂනයක් සිදු කලහ.

කළු කොඩි සහ පොස්ටර් අතතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් පෙලපාලයකින් රු 1000 ව්‍යාපාරය හැටන් නගර මධ්‍යයට පැමිණ උද්ඝෝෂනයක්ද සිදු කරන ලදී.

එම උද්ඝෝෂනයේ නියැලි සිටි එම සංවිධානයේ සමාජිකයන් සහ  තවත් සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයන් රජයට අවධාරණය කර සිටියේ රු 1000 මුලික වැටුපක් ලබා දිමිට වතු සමාගම්වලට හැකියාව තිබියදි වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක් සමග එක් වි වතු හාම්පුතුන්ගේ සංගමය රු 700 ක වැටුපක් පමණක් ලබා දි ඇති බවයි.

රජයේ පාර්ශවය නියෝජනය කරන වතුකරයේ දේශපාඥයින් කිහිප දෙනෙකු එක් වි අයවැයෙන් රු 50 දිමනාවක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට ප්‍රකාශයක් කරමින් වතු කම්කරුවන්ව තව දුරටත් සියළු දෙනා එක් වි මුලා කරන බව උද්ඝෝෂනයේ නියැලි සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන් කියා සිටිති.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,160 Viewers
Main News