1000 සහන මල්ලට විරුද්ද අය අත්අඩංගුවට ගන්න..- බන්දුල රහස් පොලිසියට කියයි…

April 11, 2021 at 12:00 pm | lanka C news
1000 සහන මල්ලට විරුද්ද අය අත්අඩංගුවට ගන්න..- බන්දුල රහස් පොලිසියට කියයි…

සතොස වෙළඳ සැල් ජාලය හරහා අලෙවි කරනු ලබන රුපියල් දහසේ සහන මල්ල පිළිබඳව බරපතළ අසත්‍ය චෝදනා එල්ල කරන සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා අත්අඩංගුවට ගන්නා ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ජාතික වැඩපිලිවෙලට විරුද්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නම් සංවිධානයක් බරපතළ රාජ්‍ය විරෝධී චෝදනා ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.

මිනිසා එම සංවිධානයේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට මැදිහත් වන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

රුපියල් දහසේ සහන මල්ල භාණ්ඩ වර්ග 12ක් සහිතව ජනතාවට මේ දිනවල සතොස අලෙවි සැල් හරහා කිසිදු හිගයකින් තොරව බෙදා හරින බවද ඔහු පැවසීය.

10,972 views

6 Comments to “1000 සහන මල්ලට විරුද්ද අය අත්අඩංගුවට ගන්න..- බන්දුල රහස් පොලිසියට කියයි…”

  1. SKF says:

    සහන මල්ල ඉතා හොදයි. කාලෝචිතයි.

    හාල් කිලෝ 3න් සති 2ක් කන්න පුළුවන් කියලා කවුද ඇමතියෙක් තඩි පචයක් කෙලල තියෙනවා.
    අන්න ඌ තමයි සහන මල්ල හෑල්ලුවට ලක් කලේ. පුළුවන් නම් ඌව අල්ලගන්න.
    හිතා මතාම ආණ්ඩුව විහිලුවට ලක් කරණ උන්ට උපරිම දඩුවම් දිය යුතුයි.

  2. Paaribogikayek says:

    Kiyawa kiyawaa indala wedak nehe action gonna. Apith balan inne munge boru prachara ratata Eli karankan.

  3. On The Spot says:

    ඕක කරන්න එපා ගැසට් එකක් ගහන්න​.

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අළුත් ලොක්කෙක් පත් කරපු රහස ඔය එළියට ආවේ යස අගේට .

  5. Badu Malla says:

    Janathaawage adahas nidahase prakaasha kireemata wiruddhawena modayan kawuda? Unwa allala policiyata baara diyayuthui.

  6. බලුමූණා says:

    අන්න ඵහෙමයි බලුමූණො ටෝක් දෙන්නෙ….මේ වහුටු කළකණ්ණියා ආයෙම නම් ඡන්දෙ දීලා පාර්ළිමේන්තු යවන්න ඵපා…..!!!

Main News