1000ccට අඩු පුංචි කාර් බදු සංශෝධනයක්.. ලක්‍ෂයේ සිට ලක්‍ෂ 04 දක්වා මිලක් වැඩි වෙයි..

August 1, 2018 at 12:42 pm | lanka C news
1000ccට අඩු පුංචි කාර් බදු සංශෝධනයක්.. ලක්‍ෂයේ සිට ලක්‍ෂ 04 දක්වා මිලක් වැඩි වෙයි..

මුදල් අමාත්‍යංශය විසින් අද දිනයේ සිට ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000ට අඩු මෝටර් රථ සදහා වන තීරු බදු ඉහල දමා තිබේ.

1000cc ට අඩු මෝටර් වාහන සදහා වන ඒකක බද්ද රු. 1,500,000 ක් දක්වා වෙනස් කර ඇති අතර 1000cc ට අඩු දෙමුහුන් වාහන සඳහාද බද්ද රු. 1,250,000ක් තෙක් වෙනස් කර තිබේ.

වාහන ආනයනකරුවන් සදහන් කරන්නේ මේ තත්වය මත 1000ට අඩු දෙමුහ්න් මෝටර් රථ රුපියල් ලක්‍ෂ 04කින් හා 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ රුපියල් ලක්‍ෂයකින් පමණ මිල ඉහල යනු ඇති බවයි.

මෙම බදු වැඩි කිරීම 2018 අගෝස්තු 01 ට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සදහා අදාල නොවෙන බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අතිශය ආකර්ශණය දිනාගත් වෙලද දැන්වීමක් පහතින් දැක්වෙයි.

1,170 views
Main News