අලූත් පක්‍ෂයක් හැදුවොත් එජාපය සමග ඞීල් දැමූ අය හෙලි කරනවා.. – අමරවීරත් රහස් හෙලි කරන්න යයි..

October 6, 2016 at 2:10 pm | lanka C news
අලූත් පක්‍ෂයක් හැදුවොත් එජාපය සමග ඞීල් දැමූ අය හෙලි කරනවා.. – අමරවීරත් රහස් හෙලි කරන්න යයි..

ඒකාබද්ධ විපක්‍ෂය විසින් පිහිටුවන බව කියන නව පක්ෂය බිහි කල වහාම එජාපය සමග ඞීල් දැමූ මන්ත‍්‍රීවරුන්ගේ නම් හෙළි කරන්නේ යයි එජනි සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දවල් මිගෙල් රැ දනියෙල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ඒකාබද්ධ විපක්ෂය දවල්ට මාධ්‍ය සාකච්ඡ පවත්වමින් එජාපයට මඩ ගැසුවත් රාත‍්‍රියට එජාප නායකයන් සමග ඞීල් දමන බවද කියයි.

එසේ ඞීල් දමන මන්ත‍්‍රීවරුන්ගේ සියලූ තොරතුරු තමන් සතු යයිද පවසන ඇමරවීර මහතා නව පක්ෂය බිහි වූ පසු ඒවා මාධ්‍යයට හෙලි කරන බවද කියා සිටියේය.

148 views
Main News