රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ්රීලනිපය නිල විරෝධය දක්වයි..
October 7, 2016 at 12:01 am | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.
එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය.
අගමැතිතුමන්ගේ ප්‍රකාශය අවසන් තීරණය නොව ඔහුගේ මතය බවද කී ඔහු මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.