රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..

October 7, 2016 at 12:01 am | lanka C news
රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියන පරිදි ඔහුට උවමනා ලෙස ඉඩ නොදෙන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

භාණ්ඩ සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් නැතත් වෘත්තිකයන් සම්බන්ධයේ කිසිදු එකගතාවක් ශ‍්‍රීලනිපයේ නැතැයිද ඔහු පැවසීය.

අගමැතිතුමන්ගේ ප‍්‍රකාශය අවසන් තීරණය නොව ඔහුගේ මතය බවද කී ඔහු මහ බැංකු අධිපතිවරයාගේ සිදුවීමේදී අගමැතිවරයා දැරූ මතය පරාජය වූ බවද සිහිපත් කලේය.

58 views

12 Comments to “රනිල් කිවුව පලිවට ETCA බෑ.. අපි විරුද්දයි.. – රනිල් එන්නත් පෙර ශ‍්‍රීලනිපය නිල විරෝධය දක්වයි..”

  1. Champa says:

    ETCA කියන්නේ එතකොට සිරිසේන ජනාධිපතිගේ කොන්ද පිලිබඳ ප්‍රශ්නයක්. කරන්න තියෙන එකම දේ මුළු රටම විරුද්ධ ETCA ගිවිසුම “කොන්ද කෙලින් තියාගෙන” අහෝසි කරන එක. ඕක කරන්න ඉන්දියාවට බය නම් හරි, රනිල් පාට් එකක් දාන්න අවොත් හරි කරන්න තියෙන්නේ රනිල්ව අගමැති කමෙන් අයින් කරන එක. රටේ තියෙන හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා. කඩා වැටෙන ආර්ථිකය ගොඩ ගන්නත් පුළුවන්. කරන්න තියෙන එකම දේ රටේ විනාශයට පාර කපන, ETCA නැතුව, Federal නැතුව සහ රණවිරු සහ දේශපාලන දඩයම නතර කරලා, ශිෂ්ඨ සම්පන්න විදියට රට පාලනය කරන්න පටන් ගන්න එක.

Main News