එජප-ශ්‍රිලනිප දෙවසරක ජාතික ආණ්ඩු ගිවිසුම අගෝස්තු 21 අවසන්.. එදා ගිවිසුම අත්සන් කලේ කබීර් සහ දුමින්දයි..

July 27, 2017 at 3:22 am | lanka C news
එජප-ශ්‍රිලනිප දෙවසරක ජාතික ආණ්ඩු ගිවිසුම අගෝස්තු 21 අවසන්.. එදා ගිවිසුම අත්සන් කලේ කබීර් සහ දුමින්දයි..

1956 න් පසුව මෙරටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගිවිසුමක් අත්සන් කොට ඒ ගිවිසුම පරිදි පක්ෂ දෙකේම මන්ත්‍රීවරු අමාත්‍ය ධූරයන් ලබා ගනිමින් ජාතික ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව කරගෙන යෑමට 2015 අගෝස්තු මස 21 වෙනිදා රටේ ප්‍රධාන පුරවැසියාගේ කාර්යාලය වන ජනාධිපති කාර්යාලයේදි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් කබිර් හසීම් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් අත්සන් කරන ලදි.

එසේ වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට 2015 අගෝස්තු මස 21 වෙනිදා මෙරටේ ප්‍රධාන පක්ෂ දෙක ගිවිසගත් අතර අවශ්‍ය නම් එය දීර්ඝ කිරීමට එම ගිවිසුම මගින් අවකාශ සලසා ඇත. එසේ නැවත දීර්ඝ කරන්නේ නම් ලබන අගෝස්තු 21 වෙනිදාට හෝ ඊට පෙර අලුත් ගිවිසුමක් පක්ෂ දෙකේ මහා ලේකම්වරුන් තවත් නිශ්චිත කාලයක් සඳහා අත්සන් කල යුතුය. එසේ නොමැති වූවොත් මෙම ගිවිසුම හරහා පාර්ලිමේන්තුවේ අවසරය ලබාගෙන ජාතික ආණ්ඩුවක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව වැඩි කල අමාත්‍ය ධූර සංඛ්‍යාව ඉබේම අහෝසි වී යනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි වූ අමාත්‍යවරුන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම හෝ එසේ නොමැතිව පාර්ලිමේන්තුව හරහා ඉදිරි අයවැය මගින් ජාතික ආණ්ඩුවේක් නොවන අමාත්‍යාංශය සඳහා අතිරේක මුදල් වෙන් කිරිමා මූල්‍ය නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වනු ඇත.

එමෙන්ම 2015 අගෝස්තු 21 වෙනිදා පක්ෂ දෙකේම නායකින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඉදිරිපිට මෙම ගිවිසුමමට එලබීම විශේෂත්වයකි.

1956 දි එදා එක්සත් ජාතික පක්ෂයේ සිටි එස්.ඩ්බ්.ආර්.ඩි. බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ සහ ටි.බි තෙන්නකෝන් වැන්නන් එම පක්ෂයෙන් එලියට විත් එදා මෙරටේ සිටි ප්‍රගතිශීලි බලවේග සමඟ එකතුවී ශ්‍රිලංකා නිදහස් පක්ෂය බිහිකොට 2015 වනවිට මෙරටේ නිදහසෙන් පසුව වැඩිම කාලයක් රට පාලනය කල පක්ෂය බවට ඒ වනවිට ශ්‍රි ලංක නිදහස් පක්ෂය පත්ව තිබිණි.

එදා සිට ශ්‍රිලනිප ටට නායකත්වය දෙමින් එස්.ඩ්බ්.ආර්.ඩි. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක,චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය එලෙසින්ම 2015 වසර දක්වා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ සිටිමින් රැක ගත් අතර 1956 න් පසුව නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු කිරිමේ සංකල්පය හදුන්වා දුන්නේ වර්තමාන ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පැමිණිමත් සමගය.

Link

367 views