ඩිලාන්, ඩලස්, මහින්දානන්දගේ මතයට කණේ පහරක් ගසමින් මංගල අමුතු කතාවක් කියයි…

July 31, 2017 at 2:10 pm | lanka C news
ඩිලාන්, ඩලස්, මහින්දානන්දගේ මතයට කණේ පහරක් ගසමින් මංගල අමුතු කතාවක් කියයි…

පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ටිවිට්ර් ගිනුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කලේ ‘රට වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ හෝ වෙනත් ඕනම කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම්’ බවයි.

එයට පිලිතුරු වශයෙන් සම්මුති ආණ්ඩුව වෙනුවෙන් එම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ටිවිට්ර් ගිනුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කොට ඇත්තේ ” ඇත්ත වශයෙන්ම රට පාලනය කරන්නේ කෙසේද යන්න පිලිබඳව ඔබේ උපදෙස් අපට අවශ්‍ය නොවේ” යන්න අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ මොනයම් කටයුත්තක් සඳහා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය මේ ආණ්ඩුව අපේක්ෂා නොකරන බව මෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආණ්ඩුවට අනවශ්‍ය බවයි.

එහෙත් නිතරම ආණ්ඩුවේ මෙන්ම පොදු විපක්ෂයේ ද සිටින ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ සහ ඩලස් අලහප්පෙරුම වැන්නන් ප්‍රකාශ කරනුයේ තව මාස 3 කින් හෝ ඉදිරි කාලය තුලදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එජාප ය අතහැර පොදු විපක්ෂයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් 52 සම්බන්ධ කරගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අලුත් ආණ්ඩුවක් හදනවා කියන මනංකල්පිත කතාවකි.

දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනාගෙන් 52 දෙදෙනකුම සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු විපක්ෂයේ ය, එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ 106 දෙනෙකු සිටි, මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව කිසි කලක දැනට තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එජාප ය නැතිව තනි ශ්‍රිලනිප ආණ්ඩුවක් සැදීමට ජනාධිපතිවරයාට (තාවකාලිකව හැර) නොහැකි බව පැහැදිලිය.

එමෙන්ම දැනට පොදු විපක්ෂයේ සිටින කවුරුත් හෝ ආණ්ඩුවට ගිය පලියට හෝ ශ්‍රිලනිප ඇමතිවරුන් ආණ්ඩුවේ සිටිමින් ජනාධිපතිවරයාට සහයෝගය දුන් පලියට පවතින ක්‍රමයට අනුව කිසිම දිනක බහුතර ශ්‍රිලනිප ආණ්ඩුවක් හැදීමට නොහැකි බවද ඉතා පැහැදිලි ය, මේ බැව් මුදල් අමාත්‍ය මංගල සමරවීර හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥන් පමණක් නොව හෝඩියේ පන්තියේ දරුවෙකුට පවා වැටහෙන කරුණකි, එහෙත් මේ බැව් මෙතෙක් කතාකරන සමහර මහෝෂද පණ්ඩිතයන්ට නොතේරීම ජුගුප්සා සහගතය.

118 views

9 Comments to “ඩිලාන්, ඩලස්, මහින්දානන්දගේ මතයට කණේ පහරක් ගසමින් මංගල අමුතු කතාවක් කියයි…”

  1. Dev says:

    Ay awasaha naa rata kanna nam.Umbala hadanne rata kanna ne.

    • ජයලත් සිරිවර්ධන says:

      සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පමණක් නෙවි පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුත් වරින් වර තෝරාගෙන කඩේ යවනවා, මම හොද ශ්‍රීලංකා කාරයෙක් මම කොහොම හරි ඕගොල්ලන්ට රනිල් එලවලා ඕගොල්ලන්ට ම ආණ්ඩුවක් හදලා දෙනවා. ඒක හරියට මහින්ද ආණ්ඩුවේ අන්තිම දවසේ කරඩුවට අත ගහලා දිවුරා යන්නේ නැහ කියපු කතාව වගේ, ඕක ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන සැප විදිමින් රට පවාදෙන උන්ට වගේම ආණ්ඩුවට මුක්කු ගහමින් තමන්ගේ දූෂණයන් වහගන්න කඩේ යන පොදු විපක්ෂයේ උන්ට නෝතේරුනාට ගමේ සහ රටේ පොදු ප්‍රගතිශීලි මහජනතාව ඒක හොඳට තේරුම්ගෙන තියෙන්නේ.

    • රදම්පොල අරියපාල says:

      මහින්ද රාජපක්ෂ එදා විනාශ කලේත් ඔය අඩි 4 යි අගල් 8 මිනිහා. අද ඒක කරන්නේත් ඔය කොට මිනිහා. මහින්ද මහත්තයෝ ඔය රදම්පොල මිට්ටාගේ ලනු කන්න එපා, අන්තිමට කබ රෙන්න වෙයි.

  2. බන්ඩා says:

    මහින්ද ඔිනැ කෙනෙක් එක්ක කතා කරය්. ටුවිටරේ මොනව ලිව්වත් කන්ට්‍රෝල් එකක් නැති මහජනයාට තිත්ත නොට් ෂුවර් මංත්‍රි සෙට් එකක් එක්ක අාණ්ඩුව බාර ගන්න අදහසක් මහින්දට තියනව කියල මම නම් හිතන්නෙ නැහැ. සිරිසේන මහින්දට වැඩක් කොරන්න දෙන්නෙ නැති බවත් මහින්ද දන්නවා. අනෙක
    ‘යහපාලනය’ ගොඩ ඒමක් නැහැ. දිනපතා ‘යහපාලනය’ ගවපාලනයක් වෙන බව පැහැදිලිය්. ඉතින් පහු වෙන්න පහු වෙන්න මහින්දගෙ ගොඩ වැඩි වෙනවා. තව වසර දෙකක් මහින්ද කපටිකමෙන් ඉවසුවොත් 2019 දි දිනන්නෙ 2/3 කේ බලයකින්.

    • Janak says:

      අය්ය හරි අය්ය.
      සුමටව වැඩේ කෙරෙනව.
      ඉවසන්ඩ, අය්ය, ලෝඩ් එක බෙයා කරගන්ඩ.
      යා පාලනේ අය්යලට, ලෝයර්ල සෙට් කරගෙන, ප්‍රිසන් එකේ ටොයිලට් සුද්දකරගෙන, ලෑස්ති වෙනකොට ටූ ඉයර්ස් යයි.
      ඊටපස්සෙ නවාස් සේරිෆ් අය්ය වගේ, බන්ගලිදෙසේ අක්ක වගේ, කට්ටිය කෝට් එකෙන්ම ප්‍රිසන් යයි.
      යා පාලනේ මල්ලිලට තව කාලයක් තිස්සෙ කානු අදින්න වෙයි.
      පුංචි අම්මපල්ල සතුටුයිද දැං .

  3. janaka says:

    බන්ඩය්ය,
    අය්ය හරි අය්ය.
    සුමටව වැඩේ කෙරෙනව.
    ඉවසන්ඩ, අය්ය, ලෝඩ් එක බෙයා කරගන්ඩ.
    යා පාලනේ අය්යලට, ලෝයර්ල සෙට් කරගෙන, ප්‍රිසන් එකේ ටොයිලට් සුද්දකරගෙන, ලෑස්ති වෙනකොට ටූ ඉයර්ස් යයි.
    ඊටපස්සෙ නවාස් සේරිෆ් අය්ය වගේ, බන්ගලිදෙසේ අක්ක වගේ, කට්ටිය කෝට් එකෙන්ම ප්‍රිසන් යයි.
    යා පාලනේ මල්ලිලට තව කාලයක් තිස්සෙ කානු අදින්න වෙයි.
    පුංචි අම්මපල්ල …… ………. සතුටුයිද දැං. ………… ….. සනීපද දැං.

  4. ගම්බාරේ says:

    මහින්ද ජනාධිපතිතුමනි ඔය පොදු විපක්ෂයේ ඉන්න බැටලු හම පොරවාගත් නරි දෙන්නා තුන්දෙනා ආණ්ඩුවට භාරදෙන්න, උන් මෙතන ඉදන් ඔබගේ සහ ජනතාවගේ අනාගත බලාපොරොත්තුව සුන් කරනවා.

  5. ravi says:

    Mangala mathithumani, Oba niyama pilithurak labaa dee atha,Pasugiya kaalaye rata paalanaya karapu hati apita penunaa.Janathaava ovunva devarakma pannaa damuve lassanata rata paalanaya kala nisaa viya yuthuya.

  6. Raj Gophal says:

    Ravi eya oyageth eke purala wagei

Main News