11 පොහොට්ටු සමුළුවට ශ‍්‍රීලනිප කිසිවෙක් යන්නේ නෑ.. තත්වය ව්‍යාකූලයි.. ඉදිරියේ කුමක් වේවිදැයි දන්නේ නෑ..- ශ‍්‍රීලිනප මහ ලේකම්

August 7, 2019 at 12:01 am | lanka C news
11 පොහොට්ටු සමුළුවට ශ‍්‍රීලනිප කිසිවෙක් යන්නේ නෑ.. තත්වය ව්‍යාකූලයි.. ඉදිරියේ කුමක් වේවිදැයි දන්නේ නෑ..- ශ‍්‍රීලිනප මහ ලේකම්

අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සඳහා ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ නියෝජිතයකු සහභාගී නොවීමට පක්ෂය විසින් තීරණය කළ බව එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් පවත්වන ලද සාකච්ඡාවකදී මේ තීන්දුව ගත් බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා ඉදිරියටද ගෙන යන නමුත් පවතින දේශපාලන තත්වය ඉතාමත් ව්‍යාකූල නිසා ඉදිරිය ගැන කිසිවක් කිව නොහැකි බවත් මහලේකම්වරයා කීවේය.

දෙපාර්ශවය සමග සාකව්චා පැවැත්වෙද්දී එක් පාර්ශවයක් විසින් ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම ගැන ජයසේකර මහතා සිය කණස්සල්ලද දැක්වීය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිදහස් පක්ෂය 11 වන දා පොහොට්ටුවේ රැස්වීම වර්ජනය කිරීමේ තීරණයක්…

නිදහස් පක්ෂය 11 වන දා පොහොට්ටුවේ රැස්වීම වර්ජනය කිරීමේ තීරණයක්…#lka #News1st

Gepostet von Newsfirst.lk am Dienstag, 6. August 2019

38,322 Viewers

7 Comments to “11 පොහොට්ටු සමුළුවට ශ‍්‍රීලනිප කිසිවෙක් යන්නේ නෑ.. තත්වය ව්‍යාකූලයි.. ඉදිරියේ කුමක් වේවිදැයි දන්නේ නෑ..- ශ‍්‍රීලිනප මහ ලේකම්”

  1. Rata Wenuwen says:

    එහි යන්නට කවුරුත් ඉතිරිවී නැති බව බේනේ රිළවා දන්නෙත් නැහැ

  2. Amda says:

    මොනව වෙන්නද ඉතින්…වැලේ වැල් නැතුව ඉන්න slfp එකට ඉතින් පොහොට්ටුව නැත්නම් වෙන්නෙ එල්ලිලා මැරෙන්න

  3. Asoka Liyanage says:

    යන්නෙ නැහැ නොවේ. ගන්නෙ නැත. එයයි සත්‍ය කතාව.

  4. රාහුල කොලුවා says:

    රටේ පැවති ආසන්නම ඡනමතය ඉදිරියේ ශ්‍රීලනිපය සිටින්නේ තුන්වෙනි ස්ථානයේ.. ඉතින් අගමැති හෝ ඡනපති ධූර අපේක්ෂකත්වය ශ්‍රීලනිපයට දීමට පොහොට්ටුව අකමැතිවීම සාධාරණයි. ශ්‍රීලනිපය හිතනවා නම් පොහොට්ටුවට වැඩිය තමන්ට රටේ පිලි ගැනීමක් තියෙනවා කියලා මැතිවරණයකට ගියාට කමක් නෑ… හැබැයි ඔවුන් ඒකටත් බයයි.. රටේ ඡනපති සිටින තත්වය දැන ගන්න ලැබෙන හින්දා…

  5. Mudiyanse says:

    This is the best outcome for Gotabhaya,s victory!

  6. තත්වය ව්‍යාකූල පොහොට්ටුව නෙමේ……උබ ආපු Unp එකේ ජනාදිපති අපේක්ශකය කවුද කියල තාම තීරනය නොකරපු නිසා….එයා සජිත් නම්…මෙතන පවුල්වාදයක් ගැන කියල උබල කීපදෙනා …ඒ බෝට්උවට ගොඩවෙනව .නමුත් බටගිරයන් විසින් මෙහෙයවන උන්ගේ නියෝජිතය සජිත් වෙන්න ඉඩක් නැනැ….උබලගෙ ව්‍යාකූලත්වය එතනයි……රනිල්ට ඇවිත් වැඩක් නෑ…මලකරුමෙ දාන්න බලාහෙන හිටියත් ඒකට උන්ගෙ වැඩිදෙනෙක් කැමති නෑ…ප්ලෑන් එක අබිලික් උනේ එතන.

  7. siri says:

    Mahalekam thanathurata nusudussek pathunahama pissuma thamai kelinne,

Main News