11 වැනිදා පොහොට්ටු සමුළුවට මන්ත‍්‍රීවරුන් පමණයි.. වෙනත් කිසිවෙකු නෑ..

August 3, 2019 at 6:26 am | lanka C news
11 වැනිදා පොහොට්ටු සමුළුවට මන්ත‍්‍රීවරුන් පමණයි.. වෙනත් කිසිවෙකු නෑ..

එළැඹෙන 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල මහා සමුළුව සඳහා සහභාගී වීම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ සුගතදාස ක්‍රීඩා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ආසන 5000 ක ප්‍රමාණයක් පමණක් වීමයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ් පලාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකතුවම 5000න් පමණ වන නිසා මෙම තීන්දුව ගෙන ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට නියමිතය.

ඔහු විසින් ඉන් අනතුරුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා හෙළි කිරීමටද නියමිතව තිබේ.

40 views

4 Comments to “11 වැනිදා පොහොට්ටු සමුළුවට මන්ත‍්‍රීවරුන් පමණයි.. වෙනත් කිසිවෙකු නෑ..”

  1. Modapala says:

    පාර්ලිමේන්තු මංත්‍රී නීතිය හරියටම කියෙව්වද?ආයි ගමනක් බොරු ලියුම් ඉල්ලන්න ගිහින් අමරවීරලට පච වෙන්න වෙයිද?

  2. Ranhami says:

    ආං හොඳයි.
    වෙන පක්ෂයක නායකත්වය ගන්නව කියන්නෙ ඉන්න පක්ෂය අතෑරල යාමක්.
    එතකොට මන්ත්‍රී කම නැති වෙනවා.
    අපේ කිරි ඇල්ල ඇමති තුමාට නිති පොයින්ට් එක මතු කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.

  3. damian speed says:

    Me gam kabaraya kiwwane mu pohotuwe samajikathwaya gathe na kiyala…

    Thopila me wage boru karayanta rawatila….

  4. damian speed says:

    Coming colours good.

    It seems to be Gone Gota cannot contest to the election and will loose his US citizenship too……

    Gahen watichcha minihata gona anna wagei….