11-12-13ට සදුදා සිට පාසැල් විවෘතයි.. 7.30 සිට 3.30 දක්වා පැවැත්වෙයි..

July 24, 2020 at 4:40 pm | lanka C news
11-12-13ට සදුදා සිට පාසැල් විවෘතයි.. 7.30 සිට 3.30 දක්වා පැවැත්වෙයි..

ලබන සඳුදා දින සිට රට පුරා සියලු පාසල් 11 12 13 පන්ති වල සිසුන් සඳහා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයත් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරන්නේ එළැඹෙන සඳුදා සිට එම පන්ති පෙරවරු 7.30 සිට පස්වරු 3.30 තෙක් පැවැත්වෙන බවයි.

සෙසු පන්ති අගෝස්තු මස 10 වනදා සිට යළි ආරම්භ කෙරේ.

සිසුන් පාසලට ගෙන්වීමේදී ලබාදී ඇති සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසද සියලුම බලධාරීන් වෙත දැනුම් දී ඇත.

514 views
Main News