‘දහම් කොලූවට මදනය නැගලා.. ක්ලබ් එකක් කුඩු කරලා..’ – විමල් පට්ටන්තරේම දිගඅරී.. [Video]

October 9, 2016 at 1:06 am | lanka C news
‘දහම් කොලූවට මදනය නැගලා.. ක්ලබ් එකක් කුඩු කරලා..’ – විමල් පට්ටන්තරේම දිගඅරී.. [Video]

මේ රටේ බහුතරයකට ඕනෙ වුණේ නයිට් ක්ල්බ් යන, ගහමරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු ජනපති කරවන වෙනසක්ද?

– ජානිපෙ නායක, විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ බහුතරයකට උවමනා වූයේ ‘නයිට් කල්බ් යන, ගහ මරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු’ ජනපති කරවන වෙනසක්ද? යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියේය.

ඊයේ (08) රත්නපුර නගරයේදී ‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ යන තේමාව යටතේ පැවැති මහා ජනතා රැලිය අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

“එදා 2015 පෙබරවාරි 18 වැනිදා ආරම්භ කරපු ‘මහින්ද සුළඟ’ තුන්වැනි වතාවට පැවැති ස්ථානය තමයි මේ රත්නපුරය. අද දෙවැනි වතාවටත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රත්නපුරයේ රොද බැඳගෙන සිටිනවා, ‘සිරිසේන-වික්‍රමසිංහ හවුල දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියන පණිවිඩය ලබා දීමට. මෙතැන සිටින පොලිස් නිලධාරිනුත් සියලු වැඩ නවත්තලා රැස්වීමේ කතාවලට සවන් දෙන බවයි පෙනෙන්නේ. ඔවුන්ට මේ හවුල බලයට ආවාම මෝටර් සයිකල් නොමිලේ දෙනවා කිව්වා. කලින් ආණ්ඩුව අය කළ රු.50,000.00 ආයෙත් දෙනවා කිව්වා. උසස්වීම් නිසි ආකාරයට දෙනවා කිව්වා. නමුත් අද ඒ එකක්වත් මේ හවුල ඉටුකර නැහැ. ඒ නිසා අද පොලිස් නිලධාරී මහත්වරුන්ටත් තිබෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන සටනට එක්වීම පමණයි.

1815 උඩරට ගිවිසුම අත්සන් කරලා සුද්දාට රට පාවා දුන්නාම ජාතිය ඉදිරියේ නිර්මාණය වූ සටනම තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ පරගැති හවුල බලයට ආවාම නිර්මාණය වූයේත්. අද ‘ජාඩියට – මූඩිය’වගේ පරගැති පාලකයෝ දෙන්නෙක් මේ රටේ ඉන්නවා. එක්කෙනෙක් හිටං. අනෙක් කෙනා හුටං. මේ ජෝඩුව අපේ ජාතිය මහදවල් විනාශ කරමින් යනවා. බටහිර න්‍යාය පත්‍රයක් කරේ තියාගෙන අද වික්‍රමසිංහ අගමැතිතුමා රට පාලනය කරනවා, සිරිසේන ජනාධිපතිතුමා පත්තරයක් බලලා කලබල වෙනවා
.
මේකෙත් නැහැ – ඒකෙත් නැහැ

ඒත් මෙහේ පත්තරවල හැම දෙයක්ම පළ වෙන්නේ නැහැනේ. ජනාධිපති සිරිසේන මහත්තයා, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී ‘ගහපු ගැහිල්ලක්’ ඕස්ටේ්‍රලියාවේ ජාතික පුවත්පත්වල පමණක් නොවෙයි, රූපවාහිනී නාලිකා ගණනාවක විකාශය වුණා. මේ රටේ නම් කිසිම රූපවාහිනී නාලිකාවක ඒ ප්‍රවෘත්තිය විකාශය වුණේ නැහැ.(රූපවාහිනී චැනල් ලෝගෝ පෙනවමින් පවසයි) බැරි වෙලාවත් මේ ‘ඕරලියානු ගැහිල්ල’ ඇතුලේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ හෝ රාජපක්ෂ කෙනෙකුගේ නමක් තිබුණානම් ඒ ප්‍රවෘත්තිය මේ නාලිකා සියල්ලේම විකාශය වෙනවා.

‘දහම් කොලුවාට මදනයා නැඟපු හැටි’

මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්‍ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වරගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. ‘එහෙම නම් පුළුවන් නම්, මේකත් දාන්න’ කියලා මම මේ රටේ මාධ්‍යවලට අභියෝග කරනවා එහෙම කළාට දාන්නේ නම් නැහැ. නමුත් සමාජ ඡාලා මාධ්‍යවලවත් යාවිනේ අනේ හාමුදුරුවනේ සමාවෙලා. මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මේයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන ‘ක්ලික්’ නැමති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂාව සහිතව. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජිප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. ‘පොඞ්ඩක් ඉන්න කියා’ පිළිතුරක් ලැබී තිබුණා. ‘පස්සේ එන්නම්’ කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා. එක සේවකයකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ල්බ් සේවකයාට දැන් ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වූණේ මේ වෙනස නේද? නාමල් රාජපක්‍ෂලා, නයිට් ක්ලබ් ගිහින් මරා ගත්තේ නැහැ. මේ රටේ බහුතරයකට ‘නයිට් ක්ල්බ් යන, ගහගන්න, මරා ගන්න පුතකුගේ තාත්තා කෙනෙක් ජනාධිපති කරවන වෙනසක් ඕනෙ වුණා. ඒ වෙනස 2015 ජනවාරි 08 වැනිදා සිදු වුණා.

‘මාස 16ක ගුවන් ගමන් වියදම කෝටි 16ක්’

දවසින් දවස මේ පාලකයෝ දෙන්නා රට අගාධයට අරගෙන යනවා. 7%කට පැවැති ආර්ථික වර්ධන වේගය අද 2.5%ක් දක්වා පල්ලම් බස්සලා තිබෙන්නේ. මේ රට මේ විදියට වැටෙන්න ඕනෙ රටක් නොවෙයි. මේ පොළොව 65,000ක් දිවි පුදලා, අතපය අහිමිකර ගෙන රැකගත්තු පොළොවක්. ඒ නිසා මේ කාලකන්නි පාලකයන්ට මේ පොළවත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න අපි කාටවත් අයිතියක් නැහැ. අපේ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා අගමැතිවරයාගෙන් විමසා තිබුණා ‘මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගුවන් ගමන් වියදම් පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුරු නොදී මඟ හැරපු මේ ආණ්ඩුව පසුගිය පාර්ලිමේන්තු සතියේදි බැරිම තැන ඊට පිළිතුරු දුන්නා. ඒ අනුව ගෙවී ගිය මාස 16ක කාලයට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගුවන් ගමන් වියදම හෙළිදරව් වුණා. ඒ මුදල කොමපමණද? රුපියල් විසි කෝටි දාහතර ලක්‍ෂයයි. මාස 16ට ඒ ගණන නම්, මාසයකට කීයද? එක්කෝටි විසිපන්ලක්‍ෂ අසූහත්දහස් පන්සියයයි. දවසකට හාරලක්‍ෂ දාහතරදහස් හත්සිය අසූතුනයි. කොයි වෙලාවේ බැලුවත් මේ උන්දැලා ටික උඩ ඉන්නේ. ‘ඇමති උඩ – මහජන ධනයෙන් ගෙවනු ලැබේ මිල’ ඒකයි සිද්ධ වුණු වෙනස.

පුතා නයිට් ක්ල්බ් ගිහිල් වීදුරු බිඳින කොට ජනාධිපති තාත්තා හැට හැත්තෑවක් අරන් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට යනවා. ‘හිටං ඒ ගණන ගෙන ගියාට ‘හුටං’ ඉන්දියාවට ගෙන ගියපු ගණන නම් මම දන්නේ නැහැ. අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කියන දේවල්වලට මට ‘විලි ලැජ්ජාවේ – සන්තෝෂේ’ බැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එට්කා ගිවිසුම අත්සන් කරනවා. දකුණු ඉන්දියාවත් එක්ක එකතු වෙලා මේ රට ස්විට්සර්ලන්තය වගේ එකක් කරනවා’ කියලයි හුටං කීවේ. එහෙනම් ‘ස්විස්ටර්ලන්තය’ කියන එකේ සිංහල තේරුම ‘සුඩානය’ කියන එකද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවට ගිහින් මෝඩි අගමැතිතුමාට පොරොන්දු වෙලා එතුමාගේ නම තමන්ට දමා ගන්න. (සභාවේ සිනා)

‘මව් පොළව බිලිගන්න එට්කා එනවා’

එට්කා කියන්නේ මේ රටේ ආර්ථිකයේ ඉතිරි වෙලා තියෙන ‘හුස්ම ටිකත්, මරලා දමන වැඩක්. ඉන්දියාවෙන් අපි ඓතිහාසිකව වෙන් වුණු හින්දා තමයි වෙනම ජාතියක්, වෙනම අනන්‍යතාවයක් සහිතව මේ පොළොව හැමදාම නැගිට්ටේ. මේ හදන්නේ සියවස් ගණනාවක් රැකගත්තු ඒ අනන්‍යතාව බිලිදෙන්න. එක පැත්තකින් දනුෂ්කොඩිවල සිට මන්නාරමට ‘හනුමන් පාලම’ හදන්න සූදානම් වෙනවා. පසුගියදා ඉන්දියාවට ගියපු වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියානු ප්‍රවාහන ඇමතිවරයා මුණ ගැහිලා තිබෙනවා. ඔහු එහිදී පවසා තිබෙනවා ‘අපි මන්නාරමේ ඉදලා කුරුණෑගලට, අනුරාධපුරයට හා කොළඹට එන්න තිබෙන පාරවල් ටික හදලා දෙන්නම්’ කියලා. දකුණු ඉන්දියාව සහ උතුරු – නැගෙනහිර භෞතිකව යා කරන්නයි මේ අය හදන්නේ. ඒ සමඟම එට්කා ගිවිසුම ගහපුවාම ඉන්දියානුවන්ට මේ රටේ රස්සාවලට, ව්‍යාපාරවලට එන්න අවසරය ලැබෙනවා. ඉන්දියාවේ කල්ලතෝනි ඔක්කොම ඇවිත් ඒ සමඟම මෙහි පදිංචි වෙනවා. මේ සිදුවන්නේ උතුරු – නැගෙනහිරත් එකතු කරලා ‘Greater Tamil Nadu’ හදන එකයි. ඒකයි මෙතැන ක්‍රියාත්මක වන්නේ. එදා මුණ්මුඩ චෝල මණ්ඩලම් තමයි ‘Greater Tamil Nadu’ ලෙස පැමිණෙන්නේ . එට්කා ගිවිසුම ගහන අපරාධයට ඉඩ දීලා අපි ජාතියක් ලෙස අතපය බැඳගෙන බලා හිටියොත් අපට ඒ සාපයෙන් මිදෙන්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ.

‘රනිල් හාමු අනුර මල්ලට කිවේ කුමක්ද?’

මම දැක්කා ‘එයාර් පෝට්’ එකේ මුහුණ හෝදන්න තියෙන සින්ක් එකකින් ඉන්දියානුවෙක් තමන්ගේ කකුල් හෝදනවා. පාර් මළපහ කරන, බස් රථයේ යන විට අනෙක් වැඬේ කරන, මේ රැකියා විරහිත ඉන්දියානුවන්ට මේ රටට එන්න ඉඩ දුන්නොත් අපට ඉන්න හිටින්න වෙන රටක් හොයාගන්න වෙනවා. මේ සිදුවෙමින් තිබෙන්නේ අපේ ඓතිහාසික අනන්‍යතාවය උදුරාගනිමින් ඉන්දියානු ව්‍යාප්තවාදයේ හිස එසවීමයි. අද තියෙන්නේ ‘ඒකට ඉඩ දෙනවාද, නැද්ද?‘ කියන සටන. කෝ අද රෝහණ විජේවීර සහෝදරයාගේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ පංතිය උගන්වපු මගේ පරණ පක්‍ෂයේ අලුත් නායකයෝ ටික? මේක ඉන්දියානු ව්‍යාප්තවාදය මහදවල් සිදුවන වෙලාවක්. පුංචි අම්මාපල්ලා කෝ අද මේ ජවිපෙ නායකයෝ ටික? රනිල් ‘හාමු’ අනුර ‘මල්ලිට’ නිශ්ශබ්දව ඉන්න කියලා. අද ඒ මහා පාවාදීම සිදු වෙමින් පවතිනවා.

අනෙක් පැත්තෙන් අද මේ ආණ්ඩුව බටහිර කොන්ත්‍රාත්තුව ඉටු කරමින් ඉන්නවා. රණවිරුවන් බිල්ලට ගන්නවා. අල්ලස් කොමිසමේ ‘රනිල්ගේ සුරතලිය’ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට එරෙහිව නඩු දමලා උසාවියට ගෙන්වනවා. මේ රට බේරාගත් වීරයන්හිරේ දාන්නයි කුරුමානම් අල්ලන්නේ. ඒ විදියට රණවිරුවන්, මහා සඟරුවන. හිරේට දානවා. එතැනින් නතර නොවී අද කතරගම දේවාලේ අලියත් හිරේට දානවා. මේ අයට මේ කරන අපරාධවලට වස් වදිනවා. අපි මේ ආණ්ඩුවට කියනවා. ‘සත්ව හිංසාව ගැන ඔය තරම්ම දුකනම් ගෙවල්වල බල්ලෝ හදන එකටත් විරුද්ධ වෙන්න’ කියලා. මේ දේවල් ගැඹුරෙන් තේරුම් ගන්න. මේ ගහන්නේ මේ රටේ ඓතිහාසික පදනමට. සුද්දාවත් එදා මේ ඓතිහාසික පදනමට මේ විදියට ගැහුවේ නැහැ. ගැහුවා නම් ගැහුවේ හෙමිහිට. මේ ‘සිරිසේන – වික්‍රමසිංහ ද්‍රෝහී රැල’ අද මේ විදියට තදින් ගහන්නේ මේ රටේ ඓතිහාසික පදනමට බව ඉතා හොඳන් තේරුම් ගන්න.

‘සිරිසේන හිතලා හිතලා හිතලා කියපු ඇත්ත’

සිරිසේන ජනාධිපතිතුමා හිතලා හිතලා බොහොම අමාරුවෙන් කීවා ‘ඇත්තක්’ නෙළුම් පොකුණ හදන්න මුල්ගල් තැබුවේ චබකු නෝනය ඒ මුල්ගල මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලයේ ගැලෙව්වාය’ කියලා. බලපුවාම නෙළුම් පොකුණේ චන්ද්‍රිකා නෝනා තැබූ මුග්ල එසේම ඇත. කවුරුන් හෝ සිරිසේන ජනාධිපතිතුමා අන්දා ඇත. නැත්තම් එයා ඇඳගෙන ඇත. මේවා අපි කිව්වාට මාධ්‍යවල යන්නේ නැහැ. ඒක තමයි අද තිබෙන ‘තරු පහේ’ මාධ්‍ය නිදහස. මේ විදියට පච වපුරලා, වෛරය වපුරලා,දේශපාලන දඩයමෙන් මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.
‘අපේ සටන නවත්තන්න බැහැ’

දැන් කොයි වෙලාවේ බැලුවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය හිරේ ඉන්නවා. මේ වන කොට අපේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහෝදරයා, ලොහාන් මන්ත්‍රීතුමාගේ සහෝදරයා වගේම මගේ සහෝදරයාත් ඉන්නේ හිරගෙදර. මේ විදියට දේශපාලන දඩයමෙන් අපේ සටන නතර කරන්න බැහැ. 1815 සුද්දාට යටත් වුණාට පසුව නැගිටපු මහජනයාගේ සටන පරද්දන්න බැරි වුණා වගේ, ‘ජාතියේ නූතන නිදහස් අරගලය නුඹලාගේ ඔය දඩයමෙන් නතර කරන්න බැහැ’ කියලා. අපි මේ රත්නපුර ඓතිහාසික වේදිකාවේ සිට සඵථ කරනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ගහන්න, ගහන්න, එතමා තවතවත් සුවඳවත් වෙනවා. ‘බටලන්දේ වධකයින්ගේ හවුල පරාජය කරන දිනය වැඩි ඈතක නොවෙයි කියන එකත් අපි මේ මොහොතේදි කියා සිටිනවා.

උතුරේ දෙමළ ජනතාව ඇති වූ සාමාකාමී වටපිටාව ඇතුළේ අන්තවාදය පිටු දැකලා හෙමිහිට නැගිටින්න පටන් ගත්තා නමුත් 2015 ජනවාරි 08 වැනිදා සිරිසෙන – වික්‍රමසිංහ හවුල බලයට ආවාට පසුව යළි අන්තවාදී කල්ලිවලට ඉඩකඩ හදලා දුන්නා දෙමළ ජන සමාජය තුළ අන්තවාදය වපුරන්න. දෙමළ අන්තවාදයට බැහැ උතුරේ දෙමළ සමාජයට සැබෑ සහජීවනය දෙන්න. සිංහල, දෙමළ, මුස්ලිම් සකල සහජීවනය හැදෙන්නේ එක අන්තවාදයකට උදව් කිරීමෙන් නොවෙයි. මේ ආණ්ඩුව කරන්නේ දෙමළ අන්තවාදයට උඩගෙඩි දීලා උතුරේ දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගත් පොඩිපට්ටම් කරලා මහ සඟරුවනට පය තැබීමට බැරි, බුදු පිළිම පැවැති බවට වූ ඓතිහාසික සටහන් මකා දමන පොළොවක් බවට උතුර පත් කරන්නයි. එතැනටයි අද මේ රට ඇදගෙන යන්නේ.

ඒ නිසා මේ මව් පොළොව ඔබේ හදවත වැළදගෙන ඉල්ලා සිටිනවා ‘මේ රට වෙනුවෙන් පෙරමුණ ගන්න. මේ ද්‍රෝහී ආණ්ඩුව පන්නන සටනට පාරට බහින්න. එට්කා ගිවිසුම අත්සන් කිරීමට එරෙහි සටනට එකතු වෙන්න’ කියලා.

ඒ අතරේ ‘ඒකීය ලේබල් ටික’ එහෙමම තියෙද්දි දෙමළ බෙදුම්වාදීන්ට ඕනෙ කරන ‘මදය’සහිත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ ආණ්ඩුව සැරසෙනවා. දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය කරන ප්‍රාන්ත පාලනයට, ස්වයං පාලනයට ඉඩ කඩ හදලා දෙන ව්‍යවස්ථාවකටයි මේ විදියට පාර කැපෙන්නේ. මේ සියලු සටන්වලට ඔබ සැමගේ තීරණාත්මක මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යයි. මේ හොර හවුල දැන් ඡන්ද තියන්නේ නැහැ. සමුපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා මේ අයගේ බඩ බුරුල් වෙලා. ජනමත විචාරණය, පළාත් පාලන ඡන්දය ආවොත් එතැනින් හරි, ඡන්ද නොආවොත් පාරට බැහැලා හරි මේ හොරිකඩ හවුල ගෙදර යැවීමට පෙරමුණ ගනිමු! රොද බැඳ ගනිමු”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

27 views

19 Comments to “‘දහම් කොලූවට මදනය නැගලා.. ක්ලබ් එකක් කුඩු කරලා..’ – විමල් පට්ටන්තරේම දිගඅරී.. [Video]”

  1. Micro Man says:

    විමල් වීරවංශ මහත්මයාගේ කතාවට සවන් දුන් සිරිසේන ජනපතිතුමා ජනතාව අමතන අවස්ථාවක්…

    මේ ඊයේ පෙරේදා මම අහගෙන අර රත්නපුරයෙද කොහෙද තිබුණු රැළියකදී එක්කෙනෙක් කියනවා.මගේ දහම් පුතා නයිට් ක්ලබ් එකක් කුඩු කරලලු.මං අහන්නෙ අපේ පුතාට මොලේ අමාරුවක්යැ ඔය කොහෙවත් තියන නයිට් ක්ලබ් වලට ගහලා ඒවගේ වීදුරු කුඩු කරලා ඒවගේ ඉන්න මිනිස්සුන්ටත් ගහන්ඩ.මේවා මේ අපේ හිතවත් මිත්‍රයෝ අපට ඉරිසියාවට කියන කතා කියලා තමුන්නාන්සෙලාටත් පේනවා ඇතිනේ.ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් වෙනුවෙන් මට ඡන්දය දුන් තමුන්නාන්සේලා එවැනි කතා විශ්වාස නොකරන විත්තිය මම හොඳින්ම දන්නවා වගේම එවැනි දෙයක් මේ මාතෘ භූමියේ කිසිඳු තැනක සිදු වීමට මා කිසිඳා ඉඩ නොතබන බවත් මම තරයේම කියා සිටිනවා.

  2. Champa says:

    Oh, love you Wimal for giving an exact delineation of ETCA and its impact to the sovereignty of our motherland.p

    In fact, at your speech at the conclusion of “Paada Yatra” you promised the entire country to bring a gigantesque flow of masses to Colombo if the government try to sign ETCA. Now we are at the 11th hour in terms of ETCA. ETCA is the biggest threat to our motherland and the federal state is a part of it.

    A big thank you for addressing the REAL ISSUES of the country.

    • Champa says:

      Correction: “addressing the issue” – I am so worried about ETCA, I may have thought Wimal is the President to ‘address the issue’. Alright it should read as follows:

      “A big thank you for bringing the REAL ISSUES into the limelight”.

      ඔබ ජෝන් ගැන කියපු කවියත් එක්ක මතක් වුනේ, “මහින්ද සුළඟ” ගිය අවුරුද්දේ රත්නපුරේට ආපු වෙලාවෙත් ලොකු පිට්ටනිය වට කරලා,වහලා, මිනිස්සු එළියේ නේද හිටියේ. මහින්ද නැතුවත් අනෝරා වැස්සේ තෙමීගෙන ලක්ෂයකට වඩා මිනිස්සු එදත් ඇවිත් හිටියා. පව් මිනිස්සු, 8 වෙනිදා වෙච්ච වැරැද්ද හරි ගස්සන්න අවුරුදු 2කට කිට්ටු වෙන්න ඇවිල්ලත් තාම උත්සාහ කරනවා. I want to listen to your full speech again.

      කවියක් ලියැවුනා නම් හොඳයි කියලා හිතෙනවා.

      මගෙ හද පුරා ඔබ සැරිසරා
      Excuuuse me, මට වැරදුනා
      නිල්පාට කමිසෙට හිත ගියා
      Stern look එක soft වෙලා

      ෂී…..කාලෙකින් කවියක් ලිව්වේ නැති නිසා, ඉස්‌සර වගේ එකපාරට වචන ආවේ නැහැ.

      • SALMAL says:

        Hon .Wimal Thank you for protecting our Motherland …..Loyalty to country ALWAYS. Loyalty to people ( SINHALESE FOLKS ) , when it deserves it.”This nation will remain the land of the free only so long as it is the home of the brave Sinhalese
        … ask not what your country can do for you, ask what you can do for your country.
        Hon .Wimal We Slaute you Sir . Thank you again

      • Champa says:

        සමන් දෙවියොත් ඇහැරුනා
        ඔබෙ “රණ හඩින්” රට පිබිදුනා
        අපි එකට එක්වී එක සිතින්
        රට, දිනන දින තව ලංවුනා

        මව් පොලොව අපි හැම නමදිනා
        කිසි කෙනෙකුටත් හිස නොනමනා
        ඔබ, ඉන්ද්‍රජාලය පරදනා…….
        එකම තැනකට රට ගෙනා

        එඩිතර රටක් ලෙස වැජඹුනා
        මුන් ඉතිහාස පොත කැත කළා
        මේ නිවට කැනහිල් පාලනා
        රට බංකොලොත් කර වනසනා

        උතුර වෙන්කර දී ගෙනා
        ගිවිසුමක් ‘එට්කා’ සකසනා
        ඉන්දියන් කොලනිය හදමිනා
        ගොන් තකතිරුන් ලෙස හැසිරෙනා

        වැටුනු රට අපි ගොඩ ගෙනා
        “සාටකය” යලි ලොව බබලවා
        අභිමානවත් ලෙස හිට ගනිමු අපි,
        ලොවම විශ්මිත කරමිනා

        අපේ ඉතිහාසය පුරා ……
        කැනහිලුන් නම් නැත රජ වෙලා
        අපි ප්‍රෞඩ සිහලුන් පෙළපතක් ඇති,
        දණ නමා නැත පැරදිලා….

        අපේ රට මේ, අපේ උරුමය,
        අපේ ආගම, අපේ ජාතිය,
        අපිට හිමි මේ අපේ භූමිය
        අපේ කරගමු අපේ අයිතිය

        සිංහ කොඩියේ සිංහයන් වී
        ජාතියක් ලෙස නැගිටිමින්……..
        ඔබෙ “රණ හඬින්” අපි පටන් ගත් මේ
        සටන නිමවමු ජය ගොසින්…….

        • Micro Man says:

          ඉස්සර නම් කවියෝ වැහි වැහැලා සිටියා මේ වෙබ් අඩවියේ.දැන් කවුරුවත් නෑ.රට ජාතිය වෙනුවෙන්,සෑබෑ දේශහිතර්ශී ජනතා නායකයන් වෙනුවෙන් ඔබතුමියගේ පද ගැලපුම සුපිරියි.රට ජාතිය වෙනුවෙන් තව තවත් නිර්මාණයන් කිරීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

          සිංහ කොඩියේ සිංහයන් වී
          ජාතියක් ලෙස නැගිටිමින්……..
          ඔබෙ “රණ හඬින්” අපි පටන් ගත් මේ
          සටන නිමවමු ජය ගොසින්…….

        • Champa says:

          Wimal, I have a great idea. Actually, I had this for some time, but time is not yet ripe to launch what I was hoping to suggest and the environment is also not conducive yet. As you know, I have been trying to get Gotabhaya to the forefront for some time now. Not only you and Mahinda but I need Gotabhaya also in the same platform. Can you please make that happen? Then I will tell you what we should do to chase the government. My idea is a sure shot to make a big impact. There is no point of repeatedly showing the “number of our people” to the government by way of rallies. They already know the numbers. What we should show the government is the “power of people”. I believe you agree with me.

          • Champa says:

            Wimal, don’t worry about my request above, ok. I don’t think I need that. Ok, relax, please. Love you.

    • Champa says:

      Dear Honourable Wimal Weerawansa, when you are organizing a protest/street march/foot journey whatever against ETCA, can you please do it with the same operational commitee that organized “Paada Yatra”? If my memory is correct, it comprised of yourself and Hon. MPP Mahindananda, Rohitha, Namal and Kanchana.

      More than the brilliant success it achieved, the 5-day-journey can boasts about inspiration, passion, commitment, discipline, peacefulness, warmth and the companionship it carried. It bonded the whole country together.

      Just after that, I remember someone proposing to organize a “Paada Yatra” from Matara to Colombo. I am not sure whether the time is adequate, but I think it is a brilliant idea to show our protest against ETCA because we all have roots in the down south, I mean, the majority of Sri Lankans are connected to down south one way or the other. It will be pure heartwarming. As people are voluntarily joining, you can have new additions, too, to make the journey colourful and memorable.

  3. Yahapaalane 😂 namal la yoshitha la ohoma chaa une ne kawadawath. Melo rahak ne. Maithree ge malli kupadi kame gihin poroo paarak kewa. Puthaa club gaane gihin maraa gannawa. 😀 anik un mona monawa karanawada danne ne.

  4. Asanka Wlk says:

    Malaka Silva #2

  5. ගමරාල says:

    රටේ ඉන්න දරුවන්ට හැදෙන්න කියලා බණ කියන්න දක්ෂයි.. හැබැයි තමන්ගේ දරුවා හදා ගන්න අදක්ෂයි…

    • CAT says:

      සමහරු පත්තර කියවා ටිකක් හිනාවෙන්නේය.සමහරු දුක් වෙන්නේය.සමහරු රටේ තොරතුරු දැනගන්නේය ඒවා සාමාන්‍ය දේවල්ය
      නමුත් අපේ රටේ ජනාධිපති රටේ සිදුවන දේවල් දැනගන්නේ පත්තරේ කියවාලු එවැනි මෝඩයකුට කෙසේනම් රටක් පාලනය පාලනය කල හැකිද ?
      රට ජාතිය අගාදයට යෑම වැළැක්විය හැකිද ? තමාගේ එකම පුතාව වත් පාලනය කිරීමට බැරි ගමරාල අපේ රට පාලනය කරන්නේ කෙසේද ?
      ගමරාල එකක් නම් හොදට දනී උතුරේ කොටින් දකින්න නෑගම් යන්න.. LTTE ත්‍රස්තවාදීන්ට වර වර මගේ ලගට කියමින් තස්තවාදීන් වටකරගෙන රට ජාතිය පාවා දෙමින් උතුරේ කොටින් ගහන පදයට නටමින් සිහින මවන්න , රට ගිනිගනිද්දී සිරිසේන කතා කරන්නේ ඔහුගේ පාසල් සමයේ ගුරුතුමා ඔහුට දුන් වෙවැල්පාර සම්බන්ධවයි ……ඒවායින් ජනතාවට ඇති පලය කුමක්ද ?
      සිංහල ජාතිය අපේ රට බිලි නොදී වහාම ජනාධිපති ඉල්ලා අස් වන්න
      ගරු විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට දේශහිතෙෂි සිංහල සංවිධාන වලට අපේප්‍රණාමය ඔබසැමට ජයවේවා
      යහපාලනය නෙරපා , රට ජාතිය රැකීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!

  6. Well said as always Hon Wimal Weerawansa….jayama wewa!!!!!!

  7. sp says:

    demaw peyo wandanawe giyahma pothala ayale yanawa.

  8. lankan says:

    මහජනයාට වැදි බණ දෙසමින් බොළඳා,
    සැප විඳි එකා නිරයට නොයතිද මළදා,,,

  9. perera says:

    රු විමල් මෑතිදුනි,ඔබ තුමාගේ වචන හරම්බය නියමයි.ලෑබුනු කාලය නස්ති නොකර,ඉන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ රටට අවශ්ය වෑදගත් කාරනා ඉතා උච්ච ස්වරයෙන් ප්‍රකාශ කරමින් ඔබ කරන මෙහෙය ඉතා අනර්ගයි.මෙ මගීන් නිදාසිටින ජාතිය නෑගිටිනවා.අනිවර්යයි.යුගයේ අවශ්ය තාවය ඔබතුමා මෑනවින් ඉටුකරනවා.ඔබගේ වචනවල අහක දමියයුතු කිසිවක් නෑත.ඔබතුමා යහපත් රාජ්යනායකයෙක් වේවා##### ඔබතුමාට දීර්ගායුවේවා.

Main News