Exclusive : 113 ඉක්මවු දැවැන්ත බලයක් පෙන්වන්න සූදානම්.. ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි… ජනපති හමුවේ සන්ධානය අද ගත් තීන්දු මෙන්න..

February 19, 2018 at 3:50 pm | lanka C news
Exclusive : 113 ඉක්මවු දැවැන්ත බලයක් පෙන්වන්න සූදානම්.. ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි… ජනපති හමුවේ සන්ධානය අද ගත් තීන්දු මෙන්න..

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද රැස්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම විසින් නොගත් බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සිදු විය යුතු වෙනස් වීම් සම්බන්ධයෙන් පක්‍ෂයේ මතය එලෙසින්ම ඇති බවත් ඉදිරි දින කිහිපයේදී එම ප‍්‍රබල වෙනස්කම් සිදු කරන බවත් අද තීන්දු කලේ යයි ඇමතිවරයා එහිදී පැවසීය.

සන්ධාන මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඇතිවන තත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ 113ට වැඩි විශාල බලයක් ශ‍්‍රිලනිපය ඇතුළු සන්ධානයට ඇති බවත් අවශ්‍ය වෙලාවට එම බලය පෙන්වන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

ඇමති එස්.බි. දිසානායක විසින් අදහස් පල කරන ලද සම්පුර්න හඬ පටය මෙහි වෙයි.

78 views

45 Comments to “Exclusive : 113 ඉක්මවු දැවැන්ත බලයක් පෙන්වන්න සූදානම්.. ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි… ජනපති හමුවේ සන්ධානය අද ගත් තීන්දු මෙන්න..”

  1. රට වෙනුවෙන් අපි. says:

    රට වෙනුවෙන් අපි.රනිල් රකිමු සංගමයේ ලොකු ආසනය පරාද තවත්හි වලෙකේ මෙසේ කීය.

  2. Rohana says:

    ආයේ සැරයක් ඒකාබද්දේ සිරිසේනගේ සුසිල්ගේ ලණුවක් කාල නිකන් සවුත්තු වුනා. ගම්මන්පිල කියපු අපි තරහයි චිත්‍රපටයේ අවසන් ජවනිකාව.

  3. ඇ.ර. සොයිසා says:

    අපි තරහයි නාඩගමට රැවටිච්චි අය අත් උස්සන්න බලන්න
    දැං අලුත් නාටකය බැංකු හොරා සමග අමු හෙලුවෙන්

  4. Basil bappa says:

    Mala baddeta mokada une

Main News