කොටි සැකකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..

August 22, 2017 at 12:40 pm | lanka C news
කොටි සැකකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..

යුද සමයේදී හා යුද්දයෙන් පසුව උතුරු හා නැගෙනහිර පලාත් වලින් අත්අඩංගුවට පත් දේශපාලන සිරකරුවන් මේ වන විටත් 132 ක් බන්ධනාගාරවල කිසිදු නඩු විභාගයකින් තොරව සිටින බැවින් ඔවුන් සියලු කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමන් කියා සිටියේය.

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත වූ දේශපාලන සිරකරුවන් පිළිබඳ විමසීමේදී ශක්තිවේල් පියතුමන් මේ බව කියා සිටි අතර එහිදී වැඩි දුරටත් පියතුමන් කියා සිටියේ,

‘මේ වෙනකොට අනුරාධපුර බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් උපවාස කරමින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙසටත් වෙනත් බන්ධනාගාර වලට මාරු නොකරන ලෙසටත්ය නමුත් මේ ආකාරයට කිසිම නඩු විභාගයකින් තොරව වැඩි වශයෙන් උතුරු හා නැගෙනහිර පලාත්වලින් අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 132ක් ඉන්නවා අපි කියන්නේ මේ අයව කොන්දේසි විරහිතව නිදහස් කර යුතුයි එසේ නිදහස් කිරීමට පෙර ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කළ යුතුයි

වත්මන් යහපාලන ආණ්ඩුව ජාතිවාදය පරාජය කළ බව පැවසුවද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් නොගන්නේ ඇයි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි මේ රජය ක්‍රියා කරන්නාවූ ක්‍රියාකලාපය යහපත් පාලන ක්‍රියාකලාපයක් නෙවෙයි මේක තවමත් මහින්ද රාජපක්ෂ පාලන ක්‍රියාකලාපයමයි අපිට තවමත් පේන්න තියෙන්නේ මේක අපිට පිළිගන්න බැහැ.

දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 9ක් වෙන්න ආවා ඇයි මේ ආන්ඩුවට දේශපාලනික තීන්දුවක් ගන්න බැරි ජාතිවාදින්ගේ උවමනාවන් මත ඔවුන් පසුබට වෙනවා ඇයි මේ අය නිදහස් කරන්න ජනාධිපතිට තීන්දුවක් ගන්න බැරි ඇතැමුන් කියනවා දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දියයුතු බව එහෙම සමාවක් දෙන්න ඔවුන් වරදක් කර නැහැ ඒ නිසා පොදු සමාවක් දීම පිළිගන්න බැහැ වරද කරේ පසුගිය කාලයේ පාලනය කල ආණ්ඩු මේ තරුණයන් යුද්දයකට පෙළඹවීම නිසා දැන් හෝ මේ අය නිදහස් කිරීමට තීන්දුවක් ගත යුතුමයි මේක අධිකරණ ඇමතිතුමාගෙ වගේම යහපාලන ආණ්ඩුවෙත් වගකීම කියලයි අපි කියන්නේ’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views

5 Comments to “කොටි සැකකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..”

  1. love nature says:

    The top 3 Catholic Bishops of Jaffna, Mannar and Trincomalee-Batticaloa (Rev. Thomas Soundaranayagam, Rev. Dr. Joseph Rayappu and Rev. Kingsley Swamipillai) regularly meet the LTTE leadership and grace LTTE events.

    The LTTE supremo, Velupillai Pirapaharan, named his first born son with a Christian name, Charles Lucas Anthony, in memory of his dead comrade. Would any religious-minded Hindu father ever give his son a fully Christian name?

  2. dodampe appuhami says:

    Love Nature,

    Very True………….

    I really don’t understand why they are oppose this much to “Anti Terrorism Act” if they aren’t supporting separatism……

    Can any loyalist of this “Gavapaalana Regime” justify that???????????????

  3. බකලදාස says:

    “….වරද කරේ පසුගිය කාලයේ පාලනය කල ආණ්ඩු මේ තරුණයන් යුද්දයකට පෙළඹවීම නිසා ….”

    ආංඩුවනෙ (හිටපු) මේ තරැනයො යුද්දෙට පෙලඹෙව්වෙ!

  4. Jay says:

    Surrounded by myths. Was he doing with a devotion or as a public show