114ක් සමගින් ආණ්ඩුවක් පිහිටුවන්න මහින්ද සූදානම්..

February 22, 2018 at 9:20 am | lanka C news
114ක් සමගින් ආණ්ඩුවක් පිහිටුවන්න මහින්ද සූදානම්..

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනපතිට අගමැතිකම ලබා දීමට සූදානම් නම් පාර්ලිමේන්තුවේ 114ක සරල බහුතරය පෙන්වීමට සූදානම් බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මේ බව කියා සිටියේය.

සන්ධාන ආණ්ඩුවක් සෑදම සදහා ජනාධිපතිවරයා විසින්ම ආරාධනා කල මිස ඒකාබද් විපක්‍ෂය ඔහු පස්සේ නොගිය බවද කී ඔහු ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් පැමිණ ඒ සදහා නිල වශයෙන් ආරාධනා කල බවද කියා සිටියේය.

ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි මැතිවරණ වේදිකාවේ කෑගසා කියූ කතාවලට අද සිදුව ඇත්තේ කුමක්දැයි ඔහු එහිදී ප‍්‍රශ්න කලේය.

මෙවර පැවති පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්පූර්ණ විකෘතියක් යයිද කී ඔහු එමගින් ඇප පවා අහිමිවූ කණ්‌ඩායම්වලින්ද මන්ත්‍රීවරුන් පත්වී ඇතැයිද කීවේය.

88 views

12 Comments to “114ක් සමගින් ආණ්ඩුවක් පිහිටුවන්න මහින්ද සූදානම්..”

  1. වේත්‍රධාරියා says:

    උඹලාට 114ක් ඉන්නවා නම්, පොරටෝක් දෙන්න කලින්, ඊළඟට පාර්ලිමේන්තුව රැස්වන ආසන්නතම දිනයේ දී, මන්ත්‍රීවරු 114 ක ගේ අත් එක පාර උස්සලා පෙන්නපල්ලා. මේක වැඩ පෙන්නන්න පුළුවන් කෙනාට කට අරින්නෙ නැතුවම වැඩ පෙන්නන්න පුළුවන් කාරණාවක්. කට කියව කියව ඉන්න දෙයක් නැහැ. 114 තියෙනවා නම්, ඉස්සෙල්ලාම රනිල් ට එරෙහිව විශ්වාසභංගයක් අස්සන් කරලා බාර දීලා පෙන්නන්න, අත්සන් 114ක් තියෙන. ටෝක්ස් ඉෂූ කර කර ඉන්නේ නම්, වැඩ පෙන්නන්න බැරි අය. කොටින්ම රනිල් වුනත්, එයාට 113 ක් ඉන්නවයි කිව්වට, අත්සන් 113ක් එකතු කරලා පෙන්නන්නෙ නැත්තේ, එයාටත් අත්සන් වශයෙන් 113ක් නැති නිසා. ඇත්ත වශයෙන් ම කියනවා නම්, මේක කිසිස්ම කෙනෙකුට 113ක් නැති පාර්ලිමේන්තුවක්. මේකෙ කරන්න පුළුවන් පොර ටෝක් දි දී ඉන්න එක විතරයි.

    • hari says:

      Hariyata harie kiyamana masuran

    • Senkolaya says:

      Kathava nam aththa boss. Kiyava kiyava yanne nathiva vada valin pennuvanam phottuwata thava minissunge aakarshanaya vadi vevi. Mehema kivvama , vadeth venne nathnam phottuva nikan deke koleta vatenava vitharai. Mama hithanne mevage kalaya saha shakthiya nikarune vaya karanne nathiva prayojanavath nava upakrama hoyanna thamange kalaya saha shakthiya yedevvanam yam prathi palayak anagathayedi dakaganna puluvan vevi.

    • samuvel says:

      ඒක තමයි යකෝ පොහොට්ටුවේ අපි කියන්නේ මේ අස්තාවර පර්ලිමේන්තුව විසුරුවා චන්දෙකට යමු කියලා. එතකොට බලාගන්න පුලුවන් , කවුද පොර ටෝක් දීලා සවුත්තු වෙන්නෙ කියල.

  2. රජින්ද says:

    කලින් ඕක එපා කිව්වා නේද?

  3. Aurora says:

    ප්‍රවේසමෙන්. මේ ලෝකේ බිහිවූ ලොකුම බොරුකාරයා සමඟ කරණ ගණුදෙනුවක් බව සිහියේ තබාගෙන කටයුතු කලොත් යෙහෙකි. මගේ ආදරණීය මව්බිමටත් පොහොට්ටුවටත් ජයවේවා!

  4. මහින්ද මැතිඳු ගේ පැත්තගෙන ශිෂ්ට සමාජයක් පතා අත්තීතයේ සිට පෙනීසිටි හා දැන් පෙනීසිටින ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍රයින් වහන්සේලා කරන්නේ දේශපාලනයක් නොවේ.
    සම්බුදු බුදුපියාණන් ගේ ශ්‍රේෂ්ට දහම පවතින්නේ අපේ සිරිලක් පින්බිමෙහි බව බුදුපියාණන් ද අනාගත වාක්‍ය දෙසු නිසා ඒ සඳහා මේ පින් බිම රැක ගැනීමටයි .

    ඉහත චීවරදරියගේ අරමුණු කිහිපයක් ඇති.

    – රටෙහි මේ වනවිට ඇතිවී තිබෙන ජනමතය වෙනතකට යොමුකිරීම.
    – එන්ජීඕ ඩොලර් වපුරන ” මුලදර්මවාදීන්ට” ජය ලැබෙන පරිදි බෞද්ධ බික්ෂුව හා චීවරය අපහාසයට ලක් කිරීම . ආදීවශයෙන්……

    අපේ ශ්‍රේෂ්ට නාහිමිවරුන් මේවාට මැදිහත් වී ධර්ම සංගායන කොට චීවරයට අපහාස කරන්නන්ට දැඩි නීති පැනවිය යුතුය.

  5. Karu Jayasuriya says:

    ඔබතුමා නැවත බලයට පත්වෙන්න ප්‍රර්ථනා කරනවා. ඔබතුමා රටට කරපු සේවය සහ ඔබතුමාගෙන් සිදුවූ යම්කිසි වැරදි ගැලපීමේදී ඒවා නොගිනිය හැකිය බව මගේ විස්වාසයි. නමුත් රටේ ජනතාව එවැනි සුළු වරදක් හෝ නොඉවසන බව වටහාගෙන නැවත මේ රට ගොඩගැනීමට ඉදිරියට පැමිණෙන්න කියලා ඉත සිතෙන් ප්‍රර්ථනා කරනවා.

  6. President Mahinda Rajapaksha PLEASE make your deshapremi governmement immediately & SAVE our MOTHER LANKA….. we all [deshapremi voters islandwide] voted for you on FEB 10th to SAVE OUR motherland again SOON …so please form your government immediately…..THANK YOU SIR.

  7. මහින්ද මැතිදුනි ! යකුන් සමග එක්වී හෝ ආණ්ඩුවක් පිහිටුවා ලෝක සිතියමෙන් අතුගෑ වීගෙන යන දේශය බේරාගනු මැනවි .
    මේ යටපත් කරගෙන සිටි බහුතර ජනමතය රටෙහි පැනනැගුනේ යමපාලනය බිහිවූ අලුත සිටමය.
    එබැවින් තවත් බලාසිටීමට කාලයක් නොමැත.

    • සිංහල බන්ඩා says:

      මම කියන්නෙත් පොහොට්ටුවට පියාඹා එන ඔිනෑම මංත්‍රි කෙනෙක් අවස්ථාවෙ හැටියට බාර ගත යුතුය කියන එකය්.

  8. Rupa says:

    මහින්ද මැති තුමා රට කොටියාගෙන් ගලවා ගැනීම 100%, කල සන්වර්දන වැඩ 100% , කල සුබසාදක වැඩ 100%, ගැන 100% කින් සතුටු වෙන්න පූලුවන් කම තිබියදී …. විරුද්ද වාදීන් සොරකම් කලා යැයි ඔප්පු කල නොහැකි බොරුවට කරන චෝදනා මොකට ගනන් ගන්නවාද.

Main News