ජනපති මෛත‍්‍රීට ශ්‍රිලනිප නායක වෙන්න මධ්‍යම කාරක සභා අනුමැතිය නෑ.. බිරිඳ, දරුවන් හැරගොස් එජාප හොර අඹුව හා පවුල් කෑ විපාකය වයෝවෘද්ධ වියේ විදින්න වෙයි..

August 29, 2017 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රීට ශ්‍රිලනිප නායක වෙන්න මධ්‍යම කාරක සභා අනුමැතිය නෑ.. බිරිඳ, දරුවන් හැරගොස් එජාප හොර අඹුව හා පවුල් කෑ විපාකය වයෝවෘද්ධ වියේ විදින්න වෙයි..

ශ්‍රිලනිප නායකත්වය ජනාධිපති ලෙස හිමිවීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පාක්ෂිකයෝ නොසලකා එජාපය සමඟ හවුල් වී ආණ්ඩු කිරිම හරියට තමන්ගේ විවාහක බිරිඳ සහ දරුවන් නොසලකා හොර අබුව සමඟ සිටීමට සමාන යයි ද එහෙත් වයසට ගොස් කරකියා ගත නොහැකි අවධියක් නැවත තම නිත්‍යානුකූල බිරිඳ හා දරුවන් ලගට පැමිණිමෙන් ඵලක් නොවන බව ඊයේ සංවිධායක ධූරය ඉවත් කල පොල්ගහවෙල ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

තමා වසර 28 ක් ශ්‍රිලනිප කුරුණෑගල සහ පොල්ගහවෙල ආසනවල සංවිධායක ලෙස කටයුතු කල ඔර්ජිනල් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකු බවත් ඒ බව කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව හොදින්ම දන්නා බවත් තමාගේ සංවිධායක ධූරය ඉවත්කිරිම සම්බන්ධව කණගාටු නොවන බවත් ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රිලනිප නියම උරුමක්කාරයින්ට පක්ෂය නැවත ලබාදීමට කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ශ්‍රිලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ස්වංක්‍රියව ලැබුන හැරුණු කොට එය ශ්‍රිලනිප ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාවේ හෝ විධායක සභාවේ අනුමැතිය සහිතව ලබා නොගත් බවට තවමත් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ සමාජිකයකු ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේය

වීඩියෝව මෙතනින්

71 views
Main News