ක්‍රිකට් අභාවයට යවමින් බුකි කරායෝ කොටිපතියන් වන ප්‍රතිපත්තිය.. බලධාරීන් නිහඬයි..
August 30, 2017 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන කරන පුද්ගලයින්ගේ පවුල්වල උදවිය රේස් ඔට්ටු ඇල්ලිමේ බුකිවල හිමිකරුවන බව ඒ උදවිය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වට්ටවමින් තම මඩිය තරකර ගැනීමට තම රේස් බුකිවල ක්‍රිකට් මැච් පරදිනවාටත් ඔට්ටු අල්ලවා කෝටි ගනන් හම්බකරන ප්‍රවෘත්තියක් දින දෙකක් ඔස්සේ හිරු රූපවාහිනි නාලිකාවේ CIA වැඩසටහන ඔස්සේ ප්‍රචාරය විය.
ජනතාවට යහපාලනයක් ඇති කොට ඉතා ආදර්ශමත් රටක් ගොඩනගන උදවිය හරහා සූදූව ද ප්‍රචලිත රජයේ අනුග්‍රහය ලැබෙන බව මෙයින් දැකගත හැකිය.
මේ අතර නීතිය සහ යුක්තිය ඉටු කිරීම සඳහා මහජනතාව ලබා දුන් ජනවරම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය නිමා කිරීමට කාලය එළැඹ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලිපියකින් දන්වා සිටී.
එමෙන්ම නීති විරෝධී, දූෂිත හා අදූරදර්ශී වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කර ඒ සඳහා කොමිසමක් හෝ කමිටුවක් පත් කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් යෝජනා කර සිටී.