අතිකාල කපලද.. මං දන්නෑනේ..- කම්කරු ඇමති

September 1, 2017 at 6:32 am | lanka C news
අතිකාල කපලද.. මං දන්නෑනේ..- කම්කරු ඇමති

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් 50%කින් කපා හැරීමට අමාත්‍යාංශ පරිපාලනය විසින් ගෙන ඇති තීන්දුව වහාම  අත්හිටුවා පෙර පරදී ගෙවීම් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

මෙම අතිකාල කප්පාදුව තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුව ඇති බව අවධාරණය කරන අමාත්‍යවරයා මින් ඉදිරියට මෙවැනි තීන්දු ගැනීමට පෙර තමන් දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

කම්කරු අමාත්‍යාංශය වැඩකරන ජනතාවගේ අයීතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අමාත්‍යාංශයක් බව සඳහන් කරන අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේම සේවකයන්ට හිමි වරප්‍රසාදයක් කප්පාදු කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරයි.

අමාත්‍යාංශයේ සේවකයන්ට අතිකාල සහ ගමන් වියදම් ගෙවීමට  වෙන් කරගත් මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ නම්, භාන්ඩාගාරයෙන් අමතර ප්‍රතිපාදන ලබාගෙන හෝ අමාත්‍යාංශයේ  වෙනත් වියදම් සඳහා ඇති අරමුදලකින් හෝ සේවකයන්ට හිමි එම දීමනා අඛන්ඩව ගෙවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

– ධම්මික තිලකරත්න

88 views
Main News