118 ලයිස්තුවේ දයාසිරිගේ නම නෑ..- ජනාධිපති ලේකම්
June 2, 2018 at 3:00 pm | lanka C news
පර්පෙච්චුවල් ට්රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනාගේ ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගේ නම නැතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා සදහන් කර ඇත.
තමන් අදාල වාර්තාව ගැන වීමසීමේදී ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටි බව මන්ත්රී දයාසිරි ජයසේකර පවසයි.
කෙසේ වෙතත් ඇලෝසියස්ගෙන් චෙක්පතක් ගත්තේදැයි තමනට මතකයක් නැති බවත් එම මැතිවරණ කාලයේ ලැබුණු මුදල් මැතිවරණය සදහාම වියදම් කලේ යයි මන්ත්රිවරයා කියා සිටී.