12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හමුවේ…
December 19, 2021 at 12:40 pm | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ උදයාර්කට්ටු මුංකිලාරු ප්රදේශයේ අතුරුදහන්ව සිටි 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරුක් කැලෑබද ප්රදේශයක තිබී සොයාගත් බවට පොලීසිය පවසයි.
මුංකිලාරු උතුර නිවාස 200 ප්රදේශයේ පදිංචි දැරියක් පසුගිය 15 වනදා සවස සිට අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී තිබූ අතර පසුව මූංකිලාරු ප්රදේශයේ වැසියෙකු අස කැලෑවට ගිය විටදී දැරියකගේ මළ සිරුරක් දැක ඒ බව ඊයේ දින පොලීසියට දැනුම් දී තිබුණි.
අනතුරුව එම ස්ථානයට ගිය පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් අදාල මළ සිරුර අතුරුදහන් වූ දැරියගේ බවට අනාවරනය කොට ගෙන ඇති අතර දැරිය පදිංචි නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිරිටි කැලෑ ප්රදේශයක මෙම මළ සිරුර හමුව තිබුණි.
දැරියගේ මරණයට හේතුව මෙගෙක් අනාවරනය වී නොමැති අතර දැරිය සියදිවි හානිකරගෙන ඇත්තේද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව සෙවීමට මුලතිව් මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්ථා කොට මළ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ මුලතිව් මාන්චෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 12 හැවිරිදි දැරියක් වූ මූංකිලාරු නිවාස 200 ප්රදේශයේ පදිංචි යෝගරාසා නිදර්ශනා නැමති දැරියක් බවටද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ දිලුදු ජනතාව ගැන රජය වැඩි උනන්දුවක් දැක්විය යුතුය, උතුරේ නගර සබාවලට මුදල් නොදී රජය මගින් සුබසාදක කටයුතු සදහා කට යුතු කල යුතුය.
Another unforseen death reported from the North. What is happening to the people there??
Will the Tamils try to understand that there is a serious issue there and engaged in some daily Poojas.
It appears to be like a curse.