බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමියි.. ව්‍යවස්තා කමිටු වාර්තාවේ වගන්ති මෙන්න..

October 4, 2017 at 3:28 am | lanka C news
බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමියි.. ව්‍යවස්තා කමිටු වාර්තාවේ වගන්ති මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානයට සහ ඒකීයභාවයට අත නොතබන බවට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නැවත නැවතත් ප්‍රකාශ කරනවා. නමුත් මහ නායක හිමිවරු ඇතුළු බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය කියන්නේ ප්‍රමුඛස්ථානයට හානි කර ඇති බවයි. ඊට පිලිතුරු දෙමින් ඊයේ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා කියන්නේ හානියක් නොකර ඇති බවයි. මම මාධ්‍යවේදී ඔබට ආරාධනා කරනවා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමන් සහ එතුමන් සමග මාධ්‍ය හමුවට පැමිණි සුරෙන් ප්‍රනාන්දු නීතිඥතුමත් එක් පාර්ශවයක් ලෙසත් ජනධිපති නීතිඥ මනෝහරද සිල්වා මැතිතුමන් සහ මා අනෙත් පාර්ශවය ලෙස ගෙන මේ පිළිබද සංවාදයක් තියන්න. එතකොට වඩා හොදින් රටේ ජනතාවට දැන ගන්න පුළුවන් වේවි මේ ව්‍යවස්ථා උප්පරවැට්ටිය හරහා බුදු දහමට කරන්නේ කුමක්ද කියලා. අතුරු කමිටු වාර්තාවෙන් ඉතාම සූක්ෂමව බුදු දහමේ ප්‍රමුඛස්ථානය විනාශ කරලා තිබෙන හැටි දැන් අපි බලමු.

මෙම වාර්තාවේ බුදු දහම පිළිබඳ කියැවෙන නව වන වගන්තියට විකල්ප දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු විකල්පය බොහෝ දුරට පවතින වගන්තියට සමානයි. ඒ නිසා අපි දෙවන විකල්පය බලමු.

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියළු ආගම් සහ විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන් කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියළුම පුද්ගලයින්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

අපේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තියේ මේ ගැන කියවෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් දහවෙනි ව්‍යවස්ථාවෙන් සහ දාහතරවෙනි ව්‍යවස්ථාවේ පලවෙනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂාකරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂනය කිරීම රජයේ වගකීම විය යුත්තේය ලෙසයි.

දැන් අපි මේ වාර්තාවේ අඩංගු කරුණු වෙත නැවත අවධානය යොමු කරමු.

එහි මේ ජේදයේ පළමු වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරි නමනවා. නමුත් දෙවන වගන්තියෙන් කිසිම ආගමකට වෙනස් කර සලකන්න බෑ කියනවා. ඉංග්‍රිසියෙන් ලියූ මුල් පිටපතේ තිබෙන්නේ “විත්අවුට් ඩිස්ක්‍රිමිනේෂන්“ කියලා. ඒ කියන්නේ හැම ආගමටම සමානව සලකන්න ඕනෑ. වෙනත් වචන වලින් කියනවා නම් බුද්ධාගමට දෙන ප්‍රමුඛස්ථානය අනිත් ආගම් වලටත් එනම් හින්දු ආගමට ක්‍රිස්තියානි ආගමට ඉස්ලාම් ආගමට දෙන්න ඕනෑ. ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් නෑ කියන එකයි. පලවෙනි වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව. දෙවෙනි වගන්තියෙන් ආපසු ගන්නවා

ඒ වගේම දැනට පවතින ඡේදයේ තිබෙන්නේ “10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර“ කියලා. 10 වන වගන්තියෙන් කැමති ආගමක් ඇදහීමේ නිදහස සෑම තැනැත්තෙකුටම ලබා දී තිබෙනවා. නමුත් 14(1)(ඉ) වගන්තියේ දැක්වෙන ආගම ප්‍රසිද්ධියේ ඇදහීමේ සහ ඉගැන්වීමේ අයිතිය තිබෙන්නේ පුරවැසියන්ට පමණයි. නමුත් යෝජිත වගන්තියෙන් සෑම පුද්ගලයෙකුටම ඒ අයිතිය ලබා දීලා. එහි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියළුම පුද්ගලයන්ට සහතික කරමින් කියලා. ඒ කියන්නේ ලංකාවේ ආගමික ඉගැන්වීම් කරන්න විදේශීය මූලධර්මවාදින්ට ලංකාවට පැමිණීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම සහතික කර තිබෙනවා. ඒ කියන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය නැත්නම් ගාළු මුව දොර වගේ තැන් වල යාඥා මෙහෙයන් පවත්වන්නේ. අන්න ඒ වගේ දේවල් විදේශිකයන්ට කරන්න පුළුවන් විතරක් නෙමෙයි මූලධර්ම වාදී විදේශිකයන්ට වස්ථාවෙන්ම ඒ සදහා අයිතිය සහ ආරක්ෂාව ලබාදෙනවා.

ඒ නිසා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ‍අතුරු කමිටු වාර්තාව අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතනින් බුදු දහමට අනතුරක් කර තිබෙනවා.

ඒකීය භාවයටත් බුදු දහමේ ප්‍රමුඛස්ථානයටත් අත තබන්නේ නෑ කියා ජනපතිතුමන් සහ අගමැතිතුමන් නිතරම කියනවානෙ. එහෙම නම් ඉතින් ඔය වගන්ති දෙක තිබෙන විධියට තිබ්බොත් වැඩේ ඉවරනෙ. ඇයි ඕකේ පද පෙරලි කරන්නේ?

ජයම්පති මන්ත්‍රිතුමා ඉතා වැදගත් කාරණයක් ගැන රටේ අවධානයට යොමු කළා. ඒ තමයි මහනායක හිමිවරු පෙරමුණේ තබා ගෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන නව වන වගන්තිය රැක ගන්න අපි සටන් කරද්දී බුදු සසුණ රැකගන්න බිහි කරපු ජාතික හෙළ උරුමයේ පා ච රණවක ඇමතිතුමා කමිටුවට කියනවා බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන නව වන වගන්තිය හුදු සැරසිල්ලක් පමණි කියා. එතුමා දන්නේ නැති වුණාට නව වන වගන්තියෙන් කාරණා තුනක් ඉටු වෙනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරි නැමීම, බුදු සසුන පෝෂණය. එනම් පන්සල් ආදිය හදන්න උදව් කිරීම අර සිල් රෙදි වගේ දේවල් ලබා දීල බුදු සසුණ පෝෂණය කරන්න ආණ්ඩුව නැත්නම් රාජ්‍යය බැදී ඉන්නවා. තෙවනුව බුදු සසුන සුරක්ෂිත කිරීම. මූලධර්මවාදි සංවිධාන පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාපනය කිරීමට උත්සාහ කළ අවස්ථාවන් හි දී ඒවා නතර කරමින් හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා මැතිතුමාත් ශිරාණි බණ්ඩාරනායක මැතිණියත් තීන්දු ලබා දුන්නේ ඔය සැරසිල්ලක් කියන නව වන වගන්තිය යටතේ තමයි. මම ගරු පා ච රණවක ඇමතිතුමාට ආරාධනා කරනවා “නව වන වගන්තිය බුදු දහමට කළ සේවය“ ව්‍යවස්ථා නීතිය දන්න නීතිඥයෙකු ගෙන් අසා ගන්න.

අති උතුම් කාදිනල්තුමාත් අබෞද්ධයෙකු වන මනෝ ගනේෂන් ඇමතිතුමාත් නව වන වගන්තිය රකින්න ඕනෑ කියනවා. බෞද්ධයින් රැකීමට බිහි කළ ජාතික හෙළ උරුමය නියෝජනය කරන පාච රණවක ඇමතිතුමන් ඒක තිබුණත් එකයි නැතත් එකයි හුදු ව්‍යවස්ථාමය සැරසිල්ලක් පමණයි කියනවා. කාලය මැවු වෙනසක අරුමේ. කාලය ද ඩොලර් ද කියන එක කියන්න ඕනෑ එතුමාම තමයි.

– අරවින්ද අතුකෝරල

121 views

15 Comments to “බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමියි.. ව්‍යවස්තා කමිටු වාර්තාවේ වගන්ති මෙන්න..”

  1. ajith says:

    Tamil diaspora spends billions of Dollars to pay for our politicians’ foreign bank accounts in dollars (now they do not have to spend on weapons to be sent to Sri Lanka as the war was over). Tamil diaspora had bought these traitors who are to sell this cherish land, Island for money.

    Our Politicians (who were bought by Tamil diaspora) check their bank accounts frequently and they are full of Tamil diaspora Dollars.

    Tamils diaspora is laughing from their back for being able to buy these politicians. We know who they are. They are the ones who come and talk to us as if nothing will change for unitary status and position of Buddhism. I personally feel angrier and wish them speedy karma for selling this country. Hope people will not get deceived.

    Sinhalese population is declining according to establish facts (UN reports) and this constitution will speed up that. Traitors!!!

  2. Nalinda says:

    ඉංග්‍රීසි ජාතිවාදය රටතුළ පැළකිරීමේ කාර්යයේ නියමුවන් සුදුරෙද්ද ඇදගෙන ජාතිය අමතයි. ගෝලයා සහ ගුරා දෙදෙනාම ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ සුරතලුන් ය. එංගලන්ත කිරීටයට රට ගෙනියන, 47 සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගේන්න හදන, පළාත් සභාවලය වැඩි බලතල දෙන්න හදන, සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් තව එකක් කියන නියම ජාඩියයි…මූඩියයි තමා මේ මනෝහාර-ගම්වන්පිල යුවල….

    • එක්නැලිගොඩ says:

      රට බෙදන්න ජාත්‍යන්තරයේ උදව් අරගන්න ඕක. ඒකෙදි උන් මේ නව ව්‍යවස්ථාව පාවිච්චි කරනව. එතනදි උන් ජාත්‍යන්තරයට අරන් යන්නේ සිංහල පිටපතවත් දෙමළ පිටපතවත් නෙමේ. ඉංග්‍රීසි පිටපත. ඒකෙ ඒකීය හෙවත් යුනිටරි වගේ වචන හලමින් වඩා දියාරු ඉංග්‍රීසි ව්‍යවස්ථාවක් හදා ගෙන ඒක ජ්‍යාත්‍යන්තරයට ඉදරිපත්කරනව. පලාත් වළට මහා බලයක් ඇති ඒකීය නොවන දියාරු ව්‍යවස්ථාවක් ජ්‍යාත්‍යන්තරයට ඉදිරිපත් කරගැනීමෙන් වඩා පහසුවෙන් රට බෙදීමේ වැඩ පිලිවෙලට ජ්‍යාත්‍යන්තරයට මැදිහත් විය හැකියි. අන්න ඒ නිසයි සිංහල දෙමළ සහ ඉංග්‍රීසි ව්‍යවස්ථා තුනේම එකම විදිහට තිබිය යුත්තේ.
      උදාහරණයක් විදිහට තමු්නගේ පාස්පෝට් එකේ තමුන් සුජාත ලන්කාපුත්‍ර රත්නයෙකි කියල ගහල ඉංග්‍රීසි භාෂාවෙන් මේකා පට්ට හොරෙකි කියල ගැහුවොත් පිටරටකදි ජාත්‍යන්තරයෙදි තමුන්ට මොකද වෙන්නේ. ලිංමැඩි මානසිකත්වයෙන් මේ ප්‍රශ්නය විසදන්න බෑ.

  3. ajith says:

    Also mind full on merger of the north and east. They might try to distract our minds form that as well. There should not be any provision in constitution for that. That will be beginning of breakdown of Sri Lanka.

    (Read ‘Rubeus memories’ – 15th century Portuguese army officer’s memories on Ceylon). He clearly says two powers in North and East. East (Trincomlee) was under Kandiyan Rule!.

    Are we going to succumbed to Tamil Diaspora dollars?

  4. upul says:

    බුදු දහම ආරක්ෂා කර ගැනීමට නම් සිංහලයාගේ මව් භාෂාව වන සිංහල බස ආරක්ෂා කිරීම පළමුව කළ යුතුය…මනෝහාර සහ උදයට සිංහල යනු ගැරඩියාට භූමිතෙල් වගේ ය.

    • එක්නැලිගොඩ says:

      අනේ ගොනෝ රට බෙදන්න ජාත්‍යන්තරයේ උදව් අරගන්න ඕක. ඒකෙදි උන් මේ නව ව්‍යවස්ථාව පාවිච්චි කරනව. එතනදි උන් ජාත්‍යන්තරයට අරන් යන්නේ සිංහල පිටපතවත් දෙමළ පිටපතවත් නෙමේ. ඉංග්‍රීසි පිටපත. ඒකෙ ඒකීය හෙවත් යුනිටරි වගේ වචන හලමින් වඩා දියාරු ඉංග්‍රීසි ව්‍යවස්ථාවක් හදා ගෙන ඒක ජ්‍යාත්‍යන්තරයට ඉදරිපත්කරනව. පලාත් වළට මහා බලයක් ඇති ඒකීය නොවන දියාරු ව්‍යවස්ථාවක් ජ්‍යාත්‍යන්තරයට ඉදිරිපත් කරගැනීමෙන් වඩා පහසුවෙන් රට බෙදීමේ වැඩ පිලිවෙලට ජ්‍යාත්‍යන්තරයට මැදිහත් විය හැකියි. අන්න ඒ නිසයි සිංහල දෙමළ සහ ඉංග්‍රීසි ව්‍යවස්ථා තුනේම එකම විදිහට තිබිය යුත්තේ.

      • Ruwan says:

        මනෝහර ගී අසභ්‍ය පැටියෙක් කටහඬ අවදි කර ඇත .

    • Saumya says:

      indian low quality aagam lankaawata epaa.
      hariyata alto wage

  5. වල්මත්වූ වල්මත්තේ මහතැන says:

    මේ ඉන්න ටිකේ බෙන්ස්, විදේශ සංචාර, පුරඟණන්, හා සැප කෑම 5000/= මිටි වගේ පිරිකර ලැබෙනවනං ඔය මළ ඉලව් කොල කෑලිවල මොනව ලියල තිබුනාහම මොකදැ?

  6. Nalika says:

    Ko me hata delakshaye wadi parapura.Wena ratawal bududahama walanda gannakota lankawa athaharinawa. Budu dahame ashirwadaya nathnam lankawa melahakatath naththatama naha. Idiriyedi swabawika wipathwalin aduwak wena ekak naha aye dekak naha.

  7. ඇත්ත says:

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් දක්නට තියෙනවාද?
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරමාධිපත්‍යයට අයත් ඡන්ද වන්නේ
    1. ජනාධිපතිවරණය 2. පාර්ලිමේන්තු මැතිවරණය සහ 3. ජනමත විචාරණය පමණයි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කරන මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඉංදීය ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කරන බවට චෝදනාවක් තියෙනවා. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් එහෙම කරනවද?
    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා අර්ථ නිරෑපණය කරන මුවාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙයුම්පතේ නීතිමය වලංගු බව ගැන පාර්ලිමේන්තුවට දන්වල යවපු තීරණයේ තියෙනව පළාත් සභා මැතිවරණ ඡන්ද විමසීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරමාධිපත්‍යයට අයත් ඡන්දයක් කියලා….ඒ කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාවෙ දක්වල නැති පළාත් සභා මැතිවරණයක් 4ඉ ව්‍යවස්ථාවට එකතු කරල තියෙනවා..
    මේ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණය එකතු කරල තියෙනවා. වෙන විදියකින් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් කරල තියෙනවා.මෙහෙම කරන්නෙ කොහොමද?
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කරන මුවාවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන්නේ මේවගේ දේවල් වලටයි.

  8. Lapaya says:

    පක්ෂ පාට බේද නැති, සිංහල ජාතිය බදු දහම වෙනුවන් කතා කරන එඩිතර මිනිසුන් රැකිම සිංහල ජාතියේ වගකීමක්. පුත්ගලික වාසියට සහ බලයේ සිටීමට ජාතිය පාවාදෙන්නා වසලයෙකි. අනාගත පරපුරක් බිහිකිරීමට ශක්තියක් නැති, බෙල හීන, නපුන්සක, ඒ ගැන සිතීමටවත් මනසක් නැති, ඒ නිසාම අනාගත දරුපරපුර වෙනුවන් වයිර කරන පාලකයින් සිටින රටක මිට වැඩි දෙයක් බලා පොරොතු විය නොහැක. මුන් පත් කරගත්ත 62 ලක්ෂයක් මි හරක් රැළට සාප වේවා වැහි නැති හෙන පත් වේවා යයි කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත. පැරණි ජනවහරේ ඇති ආඩි හත් දෙනාගේ කැද හැලියේ කතාව ට නව පණක් දී ඇති බව නම් පෙනේ.

  9. saumya says:

    hooray niyamayi………indhiyan dhewal apita epa….. baala kolity badu.

Main News