එජාපය ජනපතිට එරෙහිව පළමු බලඇණිය සටනට කැදවති.. සිවිල් සංවිධාන 48ක් හදිසි මාධ්‍ය හමුවක…

October 13, 2016 at 10:40 am | lanka C news
එජාපය ජනපතිට එරෙහිව පළමු බලඇණිය සටනට කැදවති.. සිවිල් සංවිධාන 48ක් හදිසි මාධ්‍ය හමුවක…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කල සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති බහුතරයක් විසින් හදිසි මාධ්‍ය හමුවක් හෙට දිනයේ කැදවා ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් අධිකරණය හමුවට පැමිණිවීම හා අල්ලස් කොමිසම CID FCID යන ආයාතන දේශපාලන උවමනාව මත භාවිතා කිරීමට තමන් දැඩි විරෝධය පල කරන බවත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශයට ඔවුහු සිය විරෝධය පල කරති.

ගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කරමින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 48ක් එක් වූ අතර හෙට පැවැත්වෙන මාධ්‍ය හමුව සදහා ඒවායේ සියළු නියෝජිතයින් සහභාගී වනු ඇතැයිද පැවසෙයි.

මෙම වෘත්තීය සමිති හා සංවිධාන බොහෝමයක් එජාපය විසින් මෙහෙයවන හෝ එජාප හිතවාදී ඒවා වෙයි.

0 views

7 Comments to “එජාපය ජනපතිට එරෙහිව පළමු බලඇණිය සටනට කැදවති.. සිවිල් සංවිධාන 48ක් හදිසි මාධ්‍ය හමුවක…”

  1. හිටං හුටං says:

    ආප්පය කපෝති! අර දෛවඥය කියාපු දේ හරියන්නයි එන්නෙ. ඔය පේන්නෙ සොහොන් ලකුනු තමා.

  2. චන්ද්‍රගුප්ත මෞර්ය says:

    හිටං හුටංට අරිනව! හුටං හිටංට අරිනව!!. අපිට ජොලි!!!

    හැබැයි ගොයියො මේක බොරුවක්. මෝඩ චූන් ගන්ඩ එපා. මුන් දෙන්න ලෝක කපටි. ආයෙමත් රැවටෙන්ඩ එපා.

  3. Alapaluwa says:

    මචන්ලා හිටං හුටන් ඇරගන්නවා ඒ අපි ඔයාලට පෙනෙන්න.මොකද දහම්ගේ සින් එක යටගාන්න හොඳම Drama එක අවුවෙන්න එපෝ මුන්ගේ මේ මගඩි වලට.අනෙක විශේෂයෙන් බැඳුම්කාර මගඩියෙන් වංචනිකව උපයාගත් කථාව අපිට අමතක වෙන්නත් එක්කයි .මුන් හිතන් ඇති ඉස්සර හිටපු පරණ කොන්ඩේ බැඳපු අය තමයි තවමත් ඉන්නේ කියලා අනේ සිරිසේන පවු ඔයාලා දෙන්නට.

    • කමල් හසන් says:

      ඔබ හරි, මුන් ටික නටන්න හදන නාඩගම ඕක තමයි.

  4. Dickie Bird says:

    Aiyoh……………………….. this is a game.

    Through this artificially created conflict ETCA will be born. Perpetual will go on a shares buying spree.
    We will be focused elsewhere.

    Mahajanaya clean bowled.

  5. Dushantha says:

    ෂුවර් එකටම අර රතන අප්පිරියා කියන සිරිකොතේ අසූචි බුදින මුස්පේන්තු සක්කිලි මේල් නර්ස්ව එවයි.

  6. Champa says:

    Don’t worry, Mr. President. හරි දේ කරන්න බය වෙන්න එපා. මේ පඟර නැට්ටෝ කවුද? මට නම් පෙන්නන්න බැහැ. අවස්ථාවාදියෝ. ජනාධිපතිවරණෙට උදව් කලාට මේගොල්ලන්ට මිලියන් වලින් ලැබිලා තියෙන්නේ. ඔබ විධායක ජනාධිපති. මුන් කවුද? වැඩිම වුනොත් ස්ට්‍රයික් එකක් කරයි. Who cares ? අනිත් එක රටේ මහජනතාව කොහොමත් විරුද්ධයි FCID එකටයි රනිල්ගෙ ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් වලටයි. ඒ නිසා මෙවුන්ට කාගේවත් සහයෝගයක් නැහැ. ඕන නම් රැස්වීම් තහනම් කරන්න. සමහර මිනිස්සුන්ට උත්තර දෙන්න ඕනේ ගැලපෙන language වලින්. මම කියලා දෙන්නම් ප්‍රශ්ණ විසඳගන්න හැටි. Simple වැඩක් කරන්න තියෙන්නේ.

    ඉස්සෙල්ලම අල්ලස් ලොක්කිට කියලා හිටපු ආරක්ෂක ලේකම් තුමාට දාපු නඩුව ඉල්ලා අස් කරවන්න. මට ඒ ගැන ලොකු හිතේ අමාරුවක් තියෙනවා. ඔබ අර කතාව කිව්වේ අවංකවමද කියලා මට දැන ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ step එක කියන්නම්. කැමති නම් කරන්න. මම ඔතන හිටියා නම් සිං සිං ගාලා දවස් දෙකෙන් රට හරි track එකට ගන්නවා, ලංකාවම තූෂ්නිම්භූත කරලා.

Main News