හදිසි තත්වයක..?? සියළු පොලිස් ස්ථාන සක්රීය තත්වයට පත් කරන්නට ජනපතිගෙන් නියෝග..
October 13, 2016 at 3:00 pm | lanka C news
වහාම ක්රියාත්මක වන පරිදි අද පස්වරු 06.00 සිට බස්නාහිර හා දකුණු පලාත් තුල සියළුම පොලිස් ඒකක සක්රිය තත්වයට (Alert) පත් කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.
මේ බව මේ වන විටත් පලාත් තුල සියළු පොලිස් ස්ථානයන් වෙත දන්වා ඇති අතර නිවාඩු ගිය නිලධාරීන් පවා වහා රාජකාරියට කැදවා ඇත.
සක්රීය තත්වයට පත් කිරීම යනු ඕනෑම හදිසි තත්වයකට මුහුන දීම සදහා සූදානමින් සිටීම වන අතර ජනාධිපතිවරයා විසින් මෙසේ සිදු කර ඇත්තේ කුමන හේතුවක් මතදැයි වාර්තා නොවෙයි.