කොලොන්නාව කුණු කන්ද ඉවත් කරන්න එන සමාගමේ වත්කම පවුම් 100යි.. බස්නාහිර මහ ඇමතිගේ රෙදි ලිහේ..

October 14, 2016 at 8:02 am | lanka C news
කොලොන්නාව කුණු කන්ද ඉවත් කරන්න එන සමාගමේ වත්කම පවුම් 100යි.. බස්නාහිර මහ ඇමතිගේ රෙදි ලිහේ..

මේ දිනවල සියලුදෙනාගේ වැඩි අවධානයක් යොමුව පවතින කැලිකසල අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි‍ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ මධම කාරක සභිකයන් වන නීතිඥ ටියුඩර් පෙරේරා සහ සිවිල් ඉන්ජිනේරු අමිල ප්‍රියන්ත යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය හැඩිගල්ලේ නිශාන්ත වර්ණසිංහ මහතා විසින් අද ලෝකයේ සෑම රටකටම ප්‍රශ්නයක් වෙලා තියෙන කැලිකසල අර්බුධය කැලිකසල මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඒ ස‍්හා විසඳුම් සෙවිය යුත්තේ බුද්ධිමත්ව හා විචාරශීලිව බවත් ප්‍රකාශ කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

මේ වනවිට කොළඹ නගරයතුළ දිනකට කුණු මෙට්‍රික් ටොන් 800ත් 1100ත් අතර ප්‍රමාණයක් ඒකරාශී වනවා. ඒ කුණු අතර කොළඹ නගරවාසීනගේ කුණුවලටත් වඩා කොළඹට පිටපළාත් වලින් පැමිණෙන අය ගෙනවිත් දමන අපද්‍රව්‍ය වලින් බව අද ඔප්පුවෙලා තියෙනවා. මෙලෙස කුණු ගොඩගැසීමට ප්‍රධාන වෙලා තියෙන්නේ ගෘහයන් තුළ සහ ආයතන තුළ එකතුවන කැලි කසළ නිසිලෙස වර්ගීකරණයක් නොකිරීම නිසයි.

නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා ගොඩගැසෙන කැලිකසල අවසානයේ මහා කුණු කඳු බවට පත්වෙනවා. අද මීතොටමුල්ලේ කුණුකන්දේ ප්‍රශ්නේට හේතුවෙලා තියෙන්නෙත් ඒකයි.  මේ කසල කඳුවල තියෙන වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික් දිරාපත් නොවන නිසා ඒවා ගිනි තැබීමෙන් පිටවන විෂවායු පරිසරයට එක්වීමෙන් විවිධ රෝගාබාධා සහ පිළිකා වැඩිවශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.  මේ කුණුකසල පිළිබඳ ප්‍රධාන වගකීම තියෙන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. වෙන කිසිම අමාත්‍යාංශයකට එහි ඍජු වගකීම පැවරෙන්නේ නැහැ. මෙවැනි තත්වයක් උඩ තමයි කොළඹ නගරයේ එකතුවෙන කුණුකසල ඒකල ප්‍රදේශයේ අක්කර 27 ක පෞද්ගලික ඉඩමක තැන්පත් කරන්න යෝජනා කරලා තියෙන්නේ.

දැන් ඒකට විරුද්ධව පිරිසක් පාරවල් වහලා උද්ඝෝෂණ කරනවා. විපක්ෂයේ වගේම ආණ්ඩුපක්ෂයේම දේශපාලඥයන් ඊට සහයදෙමින් ජනතාව කුපිත කරවීමට උත්සහ කරනවා. ඇත්තටම මේ ප්‍රශ්නයේ මානුෂීය ස්වභාවයක් තියෙන්න පුළුවන්. නමුත් මේ කැලිකසල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමට අප සියලු දෙනා එක්ව ජාතික වැඩපිළිවෙලක් සකසාගත යුතුයි. හුඳු සටන්පාඨ පැවසීම තුළින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. ඒ සඳහා රජයේ කඩිනම් මැදිහත්වීමෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් යටතේ කැලිකසල ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි.

මේ අතරතුර බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මැතිතුමා එස්.ජේ.පී. කියන එංගලන්ත සමාගමත් සමඟ ගිවිසුමක් ඇතිකරගෙන මීතොටමුල්ල කුණුකන්දේ කුණු ප්‍රතිචක්ක්‍රීකරණය කිරීමට ඒ අවටින් අක්කර 03ක ඉඩමක් දෙන්න කියලා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා. ඉන් අනතුරුව මීතොටමුල්ල කුණු කන්ද කුණුගොඩ ඉවත් කරන්න මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉඩදෙන්නේ නෑ කියලා එතුමා දිගින් දිගටම මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබෙනවා. ඒ කතාවේ කිසිඳු සත්‍යතාවයක් නෑ. මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත් සභාවට ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ කුණුකන්දේ අක්කර විසි එකකම (21) කුණු පුරවලා තියෙන්නේ කොළඹ මහ නගර සභාවයි. නගර සභාවේ කුණු ප්‍රශ්න විසඳන්න බලය තියෙන්නේ පළාත් මහ ඇමතිතුමාටයි. අපි කවුරුත් එතුමට ඒකට බාධා කරලා නැහැ.

නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 03ක් ඉල්ලන්න කලින් එතුමා කරන්න ඕනේ කොළඹ නගරසභාව කුණූ පුරවලා තියෙන මීතොටමුල්ලේ අක්කර විසි එකේ කුණුගොඩ ඉවත් කරලා එම ඉඩකඩම් නැවත නාගරික සංවර්ධන අධිකාරියට නිදහස් කිරීමට කටයුතු කිරීමයි.

අනෙක් කාරණාව තමයි මහ ඇමතිතුමා ගිවිසුම් ගහලා තියෙන එස්.ජේ.පී සමාගමට මීතොටමුල්ල කුණු කන්දට විසඳුම් හොයන්න බෑ කියලා ඔප්පුවෙලා තියෙන එක. ඒ සමාගම 2015 ජනවාරි මාසයේ ඵලකල ලේඛන අනුව අදාල සමාගමේ වත්කම පවුම් 100යි. මේ අවුරුද්දේ මුල වාර්තාවේත් එහි විශාල වර්ධනයක් වෙලා නෑ. එවැනි කුඩා සමාගමකට පුළුවන්ද මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කරන්න?ඊට අවශ්‍ය වත්කම ඔවුන් සතුව තියෙනවාද? මේ කුණුගොඩේ වැඩිහරියක්ම තියෙන්නේ ප්ලාස්ටික්, පොලිතීන් වගේ දේවල්. ඒ නිසා ඒ කුණූවලින් හදන පොහොර කියන්නේ විෂකාරක මූලද්‍රව්‍ය වලින් හැදුනු විසගුලියක්.අනෙක් ප්‍රශ්නය තමයි මේ පොහොර කෘෂිකර්මයට භාවිතා කරන්න සුදුසුද?කියන එක. ඒ වගේම ඔය ව්‍යාපෘතියෙන් නිපදවනවා කියන බලශක්ති ඒකකයක නිෂ්පාදන වියදම කීයද? ඒ බලශක්ති ඒකක මිලදී ගැනීමෙන් රජයට අත්වන්නේ රජයට ලාභයක්ද? පාඩුවක්ද? මේ කිසිම ප්‍රශ්නයකට ඔවුන් ලඟ පිළිතුරු නැතිබව අප දන්නවා. ඒ එක්කම මා නැවතත් මතක් කරනවා මේ කුණූ ප්‍රශ්නය විකුණන් කන කුණු මාෆියාවක් ක්‍රියාත්මක වනවා. මේ සියලු ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ ඒ මාෆියා බලවේගයයි.

ඒ නිසා මේ ජාතික ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීමට රජයත් අනෙකුත් වගකිව යුතු පාර්ශවත් හැකි ඉක්මණින් මැදිහත් වියයුතු බවට අප යෝජනා කරනවා යැයි නිශාන්ත වර්ණසිංහ මහතා විසින් ප්‍රකාශ කරසිටි අතර ඉන් අනතුරුව නීතිඥ ටියුඩර් පෙරේරා මහතා සහ ඉන්ජිනේරු අමිල ප්‍රියන්ත මහතා විසින්ද වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

46 views

3 Comments to “කොලොන්නාව කුණු කන්ද ඉවත් කරන්න එන සමාගමේ වත්කම පවුම් 100යි.. බස්නාහිර මහ ඇමතිගේ රෙදි ලිහේ..”

  1. lobsaang says:

    “පූජ්‍ය හැඩිගල්ලේ නිශාන්ත වර්ණසිංහ මහතා” 🙂

  2. RW says:

    People must help to find a solution to this global problem rather than trying to play political games.

  3. Ishan Siddeek says:

    oya varnasinghe kiyana hora thakkadiya saha uge apirisidu jaathika hela karumaya pakshaye innewunta kiyalama
    oya kunukanda suddakoraganna,mun nikan padikana ewunnisaa,munta salli nodeema wede koraganna kiyala CMC mayor mr.muzammilta mama kiyami.

Main News