13න් පහල ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට කළුතර විද්‍යාලය අපරාජිතව සුදුසුකම් ලබයි…

October 22, 2017 at 2:32 am | lanka C news
13න් පහල ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට කළුතර විද්‍යාලය අපරාජිතව සුදුසුකම් ලබයි…

2017 – 13න් පහල සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය තරග 07 කින් සමන්විත විය. ඒ සදහා පාසල් 07 ක් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගි සහභාගි වූ අතර, පානදුර රාජකීය විද්‍යාලය, පානදුර සුමංගල විද්‍යාලය, වත්තල සෙන් ජෝසප් විද්‍යාලය, පානදුර මහානාම විද්‍යාලය, අවිස්සාවෙල්ල සිතාවක විද්‍යාලය, මහරගම ජනාධිපති විද්‍යාලය, මොරටු විද්‍යාලය එම විද්‍යාල වේ.

එම විද්‍යාල සමග පැවැති තරග වලින් තරග 05 ක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට කළුතර විද්‍යාලය සමත්විය. තරග දෙකක් වර්ෂාව නිසා නොපැවැත්වුන අතර, තළුතර විද්‍යාලයේ 13 න් පහළ ඒ කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් ලෙස සිංගර් කුසලාන දෙවන වටයට මේ වන විට සුදුසුකම් ලබා ඇත.

කළුතර විද්‍යාලයේ විදුහල්පති නෙවිල් ජයරත්න මහතා, ක්‍රිකට් භාර ආචාර්ය උපුල් කුමාර මහතා, ප්‍රධාන ක්‍රීඩා උපදේශක ලෙස සුනිල් සළුවඩන මහතා සහ ක්‍රීඩා පුහුණුකරු බුද්ධික මධුශාන්ත මහතා කණ්ඩායම බාරව කටයුතු කරන අතර, විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුලු කලුතර විද්‍යාලයේ ක්‍රිඩකයින් මෙම ඡායාරූපයේ දැක්වේ.

– ප‍්‍රසන්න අධිකාරී

99 views
Main News