13 අහෝසි කරන්නේ නෑ.. මං සහතික වෙනවා..- ඇමති ඩග්ලස්
August 22, 2020 at 3:50 pm | lanka C news
ඉදිරියේදී සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හානියක් සිදු නොවන බව ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.
13 නැකි සංශෝධනයෙන් සුළු ජාතීන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ බලතල අහිමි කිරීමට රජය උත්සාහ කරන බවට ප්‍රචාරය කරමින් ජාතිවාදය මත පදනම්ව දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
එම ප්‍රචාරයක් පදනම් විරහිත අසත්‍ය ඒවා බව බවත් ඒවා පිළිබඳව කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.
මෙවන් පදනම් විරහිත කරුණු ගැන අනියත බියක් හෝ කණගාටුවක් ඇති කරන්න නොගන්නැයි තමන් සමස්ත සුළු ජාතීන් ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.