13 එපා නම් දෙමල ජනතාවට දෙන විසදුම කියන්න..- දෙමළ පක්ෂ හතක් කියති..
January 31, 2022 at 6:20 pm | lanka C news
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේනම් දෙමළ ජනතව වෙනුවෙන් පිළිගත හැකි විසඳුම් යාන්ත්‍රණය කුමැක්දැයිහෙලිකරන ලෙසට දෙමළ දේශපලන පක්ෂ 7 ක් දෙමළ ජාතික ජනතා පෙරමුණට චෝදනා කරමින් අභියෝග කර සිටියි.
දෙමළ දේශපාලන පක්ෂ 7 ක නායකයින් විසින් යාපනයේදී පැවති රැස්වීමකින් අනතුරුව ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා මේ බව පවසා සිටියේය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජයට බලකරන ලෙසට දෙමළ ජාතික සන්ධානය, ඉගංගෙයි තමිල් අරුසකච්චි , තමිල් මක්කල් කූට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, ටෙලෝ සහ දෙමළ ජාතික පක්ෂය යන පක්ෂ 7 ක නායකයින් විසින් පසුගියදා විශේෂ ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා වෙතට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් ලබා දීමට පියවර ගෙන තිබුණි.
එයට දැඩි විරෝධයක් පාමින් දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු එම පක්ෂ ක්‍රියාකාරීන් විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පලකොට 13 ට එහා ගිය පාලනය උතුරු නැගෙනහිරට අවශ්‍ය බව පවසමින් අත්පත්ත්‍රිකා බෙදාදීම හා රථපෙලපාලි ගමන් කිරීම ආදී වැඩසටහන් පසුගිය දිනවල උතුරු පලාතේ සංවිධානය කොට තිබුණි.
කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා වැඩිදුරටත් කියා සිටියේ,
‘දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මේ වන විට දෙමළ ජනතාව මුලා කරමින් සිටිනවා 13 වැනි ආන්ඩුක්රම ව්‍යවස්ථාව එපානම් විසඳුම කුමක්දැයි පෙන්වා දිය යුතුයි නමුත් විධිමත් විසඳුමක් මේ දක්වා එම පක්ෂයට නැහැ. 13 න් එහාට ගිය පලනයක් ජනතාවට නොව අවශ්‍ය වී ඇත්තේ එම පක්ෂ නායකයින්ටයි.
එලඹෙන පලාත් සභා මැතිවරණයට මේ වනතුරුත් දෙමළ ජාතික ජනතා පෙරමුනෙන් මහඇමතිවරයෙක් නම් කරලා නැහැ පක්සය තුල ගැටීම් තියනවා ප්‍රතිපත්තියක් නැහැ එහෙම වාතාවරනයක මෙලෙසින් ජනතාව රැවටීම පිළිගත නොහැකියි. යනුවෙනි.
මේ අතර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පාමින් දෙමළ ජාතික ජනතා පෙරමුනේ සාමාජිකයින් උතුරේ ස්ථාන කිහිපයක රතපෙලපාලි සංවිධානය කොට තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ආයෙත් යහපාලුවො බලයට ආවොත් මුන් මේ ඉල්ලිම් ඉටු කර ගන්නව. ඒ නිසා කවුරුත් දිගටම පොහොට්ටුව බලයේ තබා ගැනීමට චන්දය දියයුතුයි.
විසඳුමක් 2009 දී දුන්න. ඒක මදි නම් තවත් එකක් දෙන්න පුලුවන්. ඔහොම යං.
Siyalu dravidayan unge nija bhuumiyavwana dakunu indiyawata yewoya yuthui.
Uthure, indian dheewarayanta viruddhawa negee sitina janathawage weda pilowela kadakappal kireemata RAW oththu sevayen karana lafa wedak neda?.
විසඳුම් එපා කියලානේ උඹලා යුද්ධ කලේ. යුද්ධෙන් පැරදුණානෙ. දැන් ආයි මොන විසඳුම්ද කට වහන් හිටපියව්. රටේ අනික් පළාත්වල මිනිසුන්ට ලැබෙන සියලු දේ දෙමළ ජනයාටත් එසේම ලැබේ.එපමණයි.
To Very Sorry
🌷👍❤