13+ බලය බෙදීමේ ස්ථාවරය එලෙසමයි..- මහින්ද

January 15, 2020 at 11:20 am | lanka C news
13+ බලය බෙදීමේ ස්ථාවරය එලෙසමයි..- මහින්ද

13 වන ව්‍යවස්තා සංශෝධනයෙන් එයාට ගිය බලය බෙදීමක් ගැන වූ තම ස්ථාවරයේ වෙනසක් නැති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

දෙමල මාධ්‍ය මාධ්‍යවේදීන් සමග වූ සාකච්චාවේදී ඔහු කියා සිටියේ තමන් තම මුල් ස්ථාවරයෙන් බැහැරව නැති බවයි.

13 වන සංශෝධනය ගැන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ස්ථාවරයන් පරස්පර නේදැයි මාධ්‍යවේදීන් කල විමසීමේදී ඔහු මෙසේ බව පැවසීය.

ප‍්‍රශ්නය – දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබා දීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගේ මතයේ වෙනසක් තියෙනවා. ඔහු කියනවා අවුරුදු හැත්තෑවක් දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවටූ බව. වත්මන් රජය දහතුන්වැනි සංශෝධනය සම්බන්ධ මතය වෙනස් කර ගෙන තිබෙනවාද ?

අග‍්‍රාමාත්‍ය වරයා – නැහැ එහෙම මතයක් වෙනස් කර ගෙන නැහැ. අවුරුදු හැත්තෑවක් පුරා දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවැට්ටුවා. දෙමළ මාධ්‍ය වුණත් ඊට අනුබල දුන්නා කියලා මම හිතනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ නම් දෙමළ මාධ්‍ය එහෙම කළේ නැහැ. පසුගිය අවුරුදු හතරහමාරක කාලෙ පුරා එජාප ආණ්ඩුවක් තිබුණා. ඔවුන් උතුරේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න කිසිම දේකට පිළිතුරක් ලබා දීමට පියවර ගත්තේ නැහැ. දෙමළ ප‍්‍රශ්න වේවා අතුරුදහන්වූවන්ගේ ඒ ප‍්‍රශ්නය වේවා උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන ප‍්‍රශ්නය වේවා කිසිම දෙයකට පසුගිය රජයේ පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේ නැහැ. එදා අම්මලා අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් උපවාස කරනකොට සමහර රජයේ ප‍්‍රධානින් එතනින් වාහනවලින් ගියා. ඔවුන් දිහා බැලූවේ වත් නැහැ. නමුත් මේ අයට ඡුන්දෙ දීලා ආණ්ඩුව පිහිටුවන්න මූලික වුණේ දෙමළ ජනතාවයි. සෑම විටම එජාප ආණ්ඩුව රැුක ගත්තේ දෙමළ ජාතික සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ආණ්ඩුවයි. සංවර්ධනය කිරීම තබා එක බෝක්කුවක් හදපු තැනක් මට පෙන්නන්න ඔයාලට පුලූවන්ද.

19,215 Viewers

12 Comments to “13+ බලය බෙදීමේ ස්ථාවරය එලෙසමයි..- මහින්ද”

  1. බන්ඩා says:

    අපි අපේ ඡන්දය දුන්නෙ ගෝඨාටය්. අපි ගෝඨාට ඡන්දය දුන්නෙ පොහොට්ටුව හෝ මහින්ද නිසා නොවෙය් ගෝඨාගේ ජාතික වාදී ප්‍රතිපත්තියටය්.

    • sayumi says:

      බහුතරය විරුද්ධ නිසා මේක ක්‍රියාත්මක කරන්න තමන් අකමැති බවයි, අපේ ජනාධිපති තුමා ඉන්දියාව මේ ගැන විමසූ වෙලේ පැවසුවේ. අපිත් එකඟ වන්නේ ඒ අදහසටයි. 13+බලය බෙදීමට අපි විරුද්ධයි.

  2. Roy says:

    13වන සංශෝදනය නිති විරෝධි, එය ඉන්දියාව ලංකාවමත බයකර බලෙන් පටවන ලද්දක්. 13වන සංශෝදනය වහාම විවස්ථාවෙන් අයින්කරනු!

    • දේවක says:

      Roy හා හරි හරි උබ කියනකම් හිටියෙ. අනේ පලෑන් බන් යන්න. 😀

  3. ගරසරප says:

    ඔය කතාවලින් චන්ද කැඩෙනවා. මොනව දුන්නත් දෙමල චන්ද පොහොට්ටුවට ලැබෙන්නේ නැත.

    • harsha says:

      ගෝඨාභයට නුදුන්නාට මහින්දට දෙමළ ජනතාව ඡන්දය දෙනවා.

  4. දේවක says:

    ඔබට සකුටුයිද දැන්

    • බන්ඩා says:

      2015 දි මහින්ද පැරදුනේ දකුනේ සිංහල ඡන්ද 2010 ට අඩු වූ නිසය්. 13+ කතාව නිසා මෙවර අපේ පවුලේ මනාප කොළඹින් මහින්දගෙ බැසිල් ගෙ කල්ලියට නැහැ.

  5. LION says:

    13 වන ව්‍යවස්තා සංශෝධනයෙන් එයාට ගිය බලය කියන්නේ එය තහනම් කලා කියන තේරුමයි දෙමළට අපේ බාෂාව තේරෙන්නේ නැහැ

  6. Dinidu Perera says:

    More power fo PC pave the way for 9 countries

  7. Gonsun says:

    Maiappu hemadama weda kale chanda balagena, Maiyo, oya wede athherapan.
    Kelinbhitagan, Turstan kollo kelin kollo, unwa paganna denna behe.

    Kelin hitiyothbVasala chanda ,laksa 10k aduwenawa, madyastha saha Hoo N P chanda ,laksa 20k apata enawa.

    Arithmatic Berida Ooi?.

Main News