13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ඝණදෙවී පිළිමයක් මන්නාරමේදී කැනීමකින් හමුවෙයි…

July 19, 2019 at 2:02 am | lanka C news
13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ඝණදෙවී පිළිමයක් මන්නාරමේදී කැනීමකින් හමුවෙයි…

මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ඝණදෙවි කෝවිලක් සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ඝණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේනුතු කාර්යාලය පවසයි.

කුරුන්දන්කුලම් වැව අසල පිහිටි මෙම ඝණදෙවි කෝවිලේ කැනීම් කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශය හා යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

පසුව සිදුකරනු ලැබූ කැනීම් වලදී එහි තිබී හමු වූ ඝණ දෙවි පිළිමය පරික්ෂාවට භාජනය කිරීමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා විසින් පරික්ෂාවකට භාජනය කොට ඇති අතර ඔහුද එම ඝණදෙවි පිළිමය 13 වන සියවස දක්වා ඉපරණි ඉතිහාසයක් ඇති බවට සැක පල කොට ඇත.

කෙසේ වෙතත් අදාල ඝණ දෙවි පිළිමය හා අනෙකුත් පුරාවිද්‍යා නටබුන්හි නිශ්චිත කාල නිර්ණයක් සිදු කොට නොමැති බවත් එහි පරික්ෂා කිරීම් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවටද යාපනය පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වැඩි දුරටත් සඳහන් කොට සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,543 Viewers

One Comment to “13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ඝණදෙවී පිළිමයක් මන්නාරමේදී කැනීමකින් හමුවෙයි…”

  1. sinha le says:

    පිරපාකරන් හිංදු නොවේ තලගොයි මස් කන මස් වැද්දෙක්ලු

Main News