‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න..’- ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දන්වයි…

October 7, 2021 at 3:22 am | lanka C news
‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න..’- ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දන්වයි…

ශ්‍රී ලංකාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කර තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

එම හමුවේදී විදේශ ලේකම්වරයා ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පවසා තිබුණේ, ශ්‍රී ලංකාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දීය ස්ථාවරයට අනුව 13 වැනි සංශෝධනයට ඇතුළත්ව ඇති බලතල බෙදී යාම පිළිබඳව ඇති වගන්ති සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සිදුකළ යුතු බවත් ය.

ඉන්දියාව 13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන ලෙසට ඉතා පැහැදිලිව කියා තිබුණ ද (06) මාධ්‍ය හමුවක් කැඳ වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ පිළිබඳව කිසිදු සඳහනක් සිදු නොකළේ ය.

ඒ වෙනුවට මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳවයි.

”ඉන්දියාව සුදානම් මහාපරිමාණ ආයේජන අපේ රටට කරන්න. කෝවිඩ් 19 වසංගතයෙන් ගොඩ යන කොට ආර්ථිකයට නව ජීවයක් ශක්තියක් එකුතු කිරීම සඳහා ඉන්දියාවෙන් ආයෝජන විශේෂයෙන්ම හඳුනාගෙන තිබෙනවා ක්ෂේත්‍ර 2 ක්. ඖෂධ නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණය. ඒවාගේම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිළිබඳ තත්ත්වය වඩා දියුණු මට්ටමකට ගෙන යාම සඳහා ඉන්දියානු රජය ඉන්දියයානු මහ බැංකුව සමග සාකච්ඡා කරලා විවිධ විකල්ප තියෙනවා. ඒවා ගැනත් විශේෂ අවධානයක් යොමු කළා”

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා කළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය.

”ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන විශේෂ අවධානයක් යොමු වුණේ, නෑ. මේ තෙල් ටැංකි පිළිබද ගිවිසුම් දැනටම තියෙනවා. ඒක හුග දෙනෙක් දන්නේ නැ. ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් ලොකු බලපෑමක් වෙනවා කියන මතය වැරදියි. ෂ්‍රිංග්ලා මැතිතුමා එහෙම බලපෑමක් කිසිසේත් කළේ නෑ. ඉන්දියාවේ ස්ථාවරය රටවල් 2 ටම උවමනා පරිදි රටවල් 2 ම අභිප්‍රාය ඉටුවන පරිදි මේවා සකස් කර ගනිමුයි කියන ස්ථාවරයේ ඉදලා තමයි ෂ්‍රිංග්ලා මැතිතුමා ඉන්දියානු රජය අප සමග ඒ විෂය ගැන සාකච්ඡා කළා. සියලුම පාර්ශවකරුවන් සමග වෘත්තිය සමිති අන් සියලු දෙනා සමග බොහොම විවෘතව සාකච්ඡා කරලා තිමයි අවසාන නිගමනයකට එන්නේ. එහෙම නිගමනයකට දැනට ඇවිල්ලා නෑ. සාකච්ඡා පැවැත්වුවා විතරයි”

මේ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට වන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් දැයි අද මාධ්‍යවේදීහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියහ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ පැවැත්විය යුතුය යන මතයේ රජය සිටින බවත් එහි කිසිදු වෙනසක් නොමැති බවත් ය.

”අපි පැහැදිලිව අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දියන් විදේශ ලේකම් තුමා පැමිණියේ අලෙප් රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් තියෙන සහයෝගය වැඩි කරන්න. ඒ වාගේම මං හිතන්නෙව් දේශපාලන පක්ෂ කීපයක් හම්බවෙලා තියෙනවා. ඒ හම්බවෙච්ච වෙලාවේ කරපු ප්‍රකාශ තියෙනවා. මං හිතන්නේ ඒවා ඒ පක්ෂයට කරපු ප්‍රකාශ. හැබැයි පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ තියන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා. එහි කිසිම වෙනසක් නෑ”

– newsfirst

22,356 views

23 Comments to “‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න..’- ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දන්වයි…”

  1. minisun says:

    වසුදෙවගේ මස්සිනා උතුරු පළාත් මහා ඇමති කාලේ උතුරට වෙන්කරපු අරමුදල් වලින් බාගෙට වැඩිය ආපහු දුන්නා වියදම් නොකර. එකේ අරමුණ ජනතාවට වැඩ කරොත් ඔවුන් ශ්‍රී ලංකාව ගැන කැක්කුමක් එනවා. මුකුත් නොකර ඒ මිනිස්සුන්ගේ ජීවිත අමාරු කරොත් ශ්‍රී ලංකාව ගැන වෛරයක් ගොඩනගන්න පුළුවන්. ඉතිං ඉන්දියාවට ලංකාවේ උතුරු පළාතේ ඉන්න මිනිස්සු කියන්න වෙනවා අපිට පළාත්සභා එපා කියලා. පළාත්සභා රටට පිළියක්. එකයි රනිල් පළාත්සභා පනතේ තියන් සියුම් දුර්වලතාවක් පාවිච්චි කරලා නැත්වත පළාත්සභා චන්දය පැවැත්විය නොහැකි ලෙස සීමා නිර්ණය වෙනස් කලේ. දැන් තියන් ආණ්ඩුව තම 2/3 බලය පාවිච්චි කරමින් එය වෙනස්කර නැතව පලාත්සභා චන්දය පැවැත්වුවහොත් ජනතාව නිසි පාඩම උගන්වනු ඇත. සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් පොදුවේ පළාත්සභා සඳහා කමයිය. මොකත්ද තම දරුපැටවුන්ට දේශපාලන අත්පොත් තැබීමට සුදුසුම මාර්ගය එයයි. තවද, තම හෙන්චයියන් පත්කර හොරාකමට ඇති පහසුම ක්‍රමය එයයි.

  2. Jayalath says:

    Indian Mee Harak oneda apita updates denna?

  3. Jagath says:

    It is India that is pushing Sri Lanka towards China. Being closely allied with China is the only way a small country like Sri Lanka can mitigate the uninvited Indian & Western interference with our sovereign nation’s internal affaires. The regional bully India is disliked not only by us but by all it’s neighbors as well.

    • Mangala says:

      Agreed, but no need to dance all the time for China tune also.

      • Jagath says:

        There is no need for Sri Lanka to dance to China’s tune if India and the west stop bullying us and their uninvited interference in our sovereign nations internal affairs. Simple!

  4. ගමයා says:

    එහෙම ගිවිසුමි බලාත්මක කරනවානමි සිරිමා ශාස්ත්‍ිර ගිවිසුමත් එ් එක්කම බලාත්මක කරාහනමි හරි

  5. Mangala says:

    පළාත් සභා ඡන්දෙ තියන්න එපා. ඔහොමම වැලලිලා ගියදෙන්. රටේ සල්ලි කන සුදු අලියා. ඉන්දියාව අපිට ඔය මගුලට වියදම් වෙන සල්ලි දෙනවද.

  6. Kalu Albot says:

    Palaath Sabhaa apata kohethma uwamanaa natha! Janamatha vichaaranayak dammoth kisivek kamathi wanu athayi sithiya nohakiya. Wahaama Palaa Sabhaa awalangu karanu!!

  7. Rabok says:

    Who is this guy to tell us what we should do ?????? Hello!!!!! we are an independent sovereign country – those who rule this country have independent brains to take decisions for the country – Go and fly a kite with 13th Amendment

Main News