13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..

September 30, 2020 at 3:50 pm | lanka C news
13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව වෙනසක් සිදුනොකරන බව අධිකරණ ඇමැති සබ්රි මහතා සඳහන් කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම රටේ අභ්‍යන්තර කටයුත්තක් යයිද පවසන ඔහු දහතුන්වන සංශෝධනය ගැන අනවශ්‍ය සැලකිලිමත් වීමක් නැති බවද පවසයි.

මෙරට නීති ක්‍රියාවලියේ දී සිදුවන කාලය නාස්ති වීම ගැන අදහස් පළ කළ ඔහු නීති පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට උපායමාර්ගයන් ගැන සලකා බලමින් සිටින බවද සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක් සමග පැවති අදහස් දැක්වීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

16,331 views

10 Comments to “13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ..”

  1. Mohan says:

    13 වැනි සංශෝදනය ඉන්දියාව ජයවර්ධන ජනාධිපති බයකර බලෙන් ලංකාව මත පැටවූවක්. එය නීති විරෝදි. දෙමල්ලු ගැන ඉන්දියාවට ඔය හැටි කැක්කුමක් තියනවානම් නැවත ලෝකයේ එකම දෙමල නිජබිමවන තමිල්නාඩුවට ගෙනවිත් පදිංචි කරවගන්න. ශ්‍රී ලංකාව සිංහලයාගේ නිජභූමියයි, එය ඉන්දියාවේ කොලනියක් නොවෙයි.

  2. merata eka says:

    Dan sapai ne baiyanta.kaapiyaw pork curry ekka pol roti.

  3. TM says:

    එහෙනම් මොන කෙහෙම්මලකටද 20 ගේන්නේ?

  4. Suranimala says:

    රනිල් මයිත්‍රී බල අරගලයට වඩා එහා ගිය ගැටුමක් තමා ජනාධිපති හා මහින්ද අතර ඇත්තේ. ජනපති කරන පත්වීම් වලට අගමැති කැමති නෑ. මහින්දට අවස්‍ය තමන්ට හිතවත් හොර තක්කඩි තනතුරු වලට පත්කිරීම. කැබිනට් එක පත්කලේ මහින්ද. අද අපි ඒවාගේ ප්‍රතිපල බුක්ති විදිනවා .එස් එම් චන්ද්‍රසේන වගේ වගේ කැලෑපාලුවන්ට ඉඩම් ඇමතිකම දුන්නා .අනෙක් ඇමති දූරත් එසේමයි .මේ රට දියුනුව කරා ගෙන යාමටනම් කිසිම සංශෝධනයකින් තොරව 20 සම්මත කර ජේ ආර් ට තිබූ බල තල ලබා දිය යුතුයි. 69 ලක්ශයක් ජනාධිපතිට චන්දය දුන්නේ 19 අහෝසිකර ජනපතිට බලය ලබා දීමටයි. අලි සබ්‍රි මහතා එන් ජී ඕ කුක්කන්ගෙ හා තක්කඩි අමන දේස පාලුවන්ගේ බලපෑම් වලට යටත් නොවී 20 කඩිනමින් සම්මත කල යුතුයි .

    • Sam says:

      Well said . Great comment

    • Saman says:

      @ suranimala. ඔය කතාව තමා මුලු රටම කියන්නේ. අගමැති බලතල ඉවත්කල යුතුයි. නමුත් සෑම රාජ්‍ය ආයතනයක්ම විගනනයට ලක්කල යුතුයි . එසේ නොඋනහොත් පනින රිලව් ට ඉනිමං ඇල්ලීමක් වෙනවා .

      • narada says:

        Saman මහත්මය, මම හිතන්නේ ආණ්ඩුවේ amendments වලට විගනනය ඇතුලත් කරලා තියෙන්නේ

  5. S.Vitharana says:

    Honorable Minister,

    Whatever you are going to hide, one thing is sure to me. You are not ready to say to Mody that we shall scrap 13A.
    As long as 13 is there we are not free from all forms of bonds.

  6. Bonal Suruwa says:

    pol buuru sabri. Tho pothey gurek unata melo rahak nethi common sense knob jockeyek vitharai😅😅😅😅😆😆😆