‘ජනපති මෛත‍්‍රී සමග රහස් ගිවිසුමක්ද..’ දේශපාලන කුණාටුව මැද ගෝටා කතා කරයි…

October 14, 2016 at 12:00 pm | lanka C news
‘ජනපති මෛත‍්‍රී සමග රහස් ගිවිසුමක්ද..’ දේශපාලන කුණාටුව මැද ගෝටා කතා කරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග රහස් ගිවිසුමක් ඇතැයි පැතිර යන වාර්තා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.

වර්තමාන ජනාධිපතිතුමාට රණවිරැවන්ව අධිකරණයට ගෙනඒම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම සතුටුදායකයි.. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියලා මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවීමෙන්..මේ සම්භන්දව ජනාධිපතිවරයා සහ මා අතර කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ.

‘අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන් ම.මක් නිසාද යත් , දගගෙට නියම වී සිටින්නේ අපි වෙනුවෙන් ජීවිත පරදුවට තියලා රට ගැන සිතා සටන් කළ රණවිරැවන්.ඔවුන් ආරක්ෂා කර ගැනීම අපි අපේ යුතුකමක් ලෙස සැමවිටම සළකමු.

පැහැදිලිවම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය රහස් පොලීසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය දේශපාලන අවශ්‍යතා වලින් බැහැරව ස්වාධීන නෛතික රාමුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදය , භෞමික අකණ්ඩතාවය හා රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා වන අයුරින් ක්‍රියාත්මක විය යුතු බව මාගේ දැඩි ස්ථාවරයයි.

– Gotabaya FB

71 views

16 Comments to “‘ජනපති මෛත‍්‍රී සමග රහස් ගිවිසුමක්ද..’ දේශපාලන කුණාටුව මැද ගෝටා කතා කරයි…”

  1. chaminda sada- STF says:

    THANK YOU MR. GR. WE APPRECIATED YOUR KIND COMMENTS IN THIS REGARDS. SAME WOULD LIKE YOUR GREAT HANDS TOWARDS MR. MY3. YOU ALL WERE TOGETHER AND NOT LETS GET TOGETHER AND FIGHT AGAINST UNP MAFIA. I AM SURE MY3 WILL BE GENUINE THIS TIME.

    • Champa says:

      ගෝඨාභය රාජපක්ෂ, මම නම් හිතන්නේ ඔබතුමා මීට වඩා ක්‍රියාශීලී විදියට රටේ දේශපාලනයට සම්බන්ධ විය යුතුයි කියලා.

      ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි මේ වෙලාවේ. ඔබට දැන් පාර්ලිමේන්තුවට එන්න තියෙන එකම මග ජාතික ලැයිස්තුව නම්, ඒක එහෙම වුනාට කමක් නැහැ. ඔය ගැන කතා කලින් ආපු වෙලාවල මම හිටියේ වෙනත් මතයක. හැබැයි මට දැන් ඒ මතයේ ඉන්න බැහැ. නතර කරන්න බැරි තරමටම රට අගාධයට වැටීගෙන යනවා. කිසිම බලයක් නැති අගමැතිකමක් තියා ගෙන රට විනාශ කරන්න පුළුවන් උපරිමයෙන් රනිල් රට විනාශ කරනවා. රනිල් තමන් රටට කරන විනාශේ දන්නේ නැහැ කියන්න බැහැ. දැන දැනම මේක කරනවා කියන්නේ රනිල් ඉන්නේ නිරෝගී, ප්‍රකෘති මානසික තත්වයකින් නෙමෙයි කියන එක. සිරිසේන ජනාධිපතිට මේක නවත්වන්න ශක්තියක් නැහැ. නවත්වන්න හැදුවත් රනිල් ඒකට ඉඩ දෙන්නේ නැහැ.

      මම මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියන එක ඕනේ කෙනෙකුට තේරෙනවා. මම කවදාවත් එතුමාව අමතක කරේ නැහැ. කරන්නෙත් නැහැ. වෙන්න තියෙන හොඳම දේ වෙලාවට සිද්ධ වෙයි.

      මම කලින් comment එකක “උප ජනාධිපති” තනතුරක් ඇති කිරීම ගැන යෝජනාවක් කළා. රනිල් මේකට කැමති වෙන එකක් නැහැ. සිරිසේන ජනාධිපතිව මේකට කැමති කර ගන්න පුළුවන් වෙයිද මම දන්නේ නැහැ.

      එහෙම බැරිනම් හොඳම දේ ඔබතුමා පාර්ලිමේන්තුවට ගිහින් වගකිව යුතු, බලතල තියෙන ඇමතිකමක් බාර ගන්න එක. රනිල්ගේ අත්තනෝමතික බලය disable කරන්න තියෙන එකම මඟ මේක. එළියේ ඉඳගෙන මේක කරන්න බැහැ. එතකොට සිරිසේන ජනාධිපතිට වෙනවා ඔබ කියන එක අහන්න. රනිල්ගේ ගමන අඩාල කරන්න, ඊට වඩා බලයක්, ශක්තියක් තියෙන කෙනෙක් යොදවන්න ඕනේ. ඔබතුමාට ලේසියෙන්ම ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන්. මම කාලෙකට ඉස්සෙල්ල ඔබතුමා ගැන ලියපු comment එකක මෙහෙම ලිව්වා.

      “You never change things by fighting the existing reality. To change something, build a new model that makes the existing model obsolete.” (Buckminister Fuller)

      අපිට රනිල්ව නවත්තන්න තියෙන එකම මාර්ගය මේක. මම හුගක් ප්‍රයෝගිකව හිතන කෙනෙක්. මට එක තැන පල් වෙවී ඉඳලා පුරුදු නැහැ. මට හැම තිස්සෙම විකල්ප යෝජනා තියෙනවා. එකක් හරි යන්නේ නැත්නම් අපි ඊළඟ එකට යන්න ඕනේ.

      විමල් වීරවංශ මන්ත්‍රීතුමා, අපි 99.9% ක්ම හිතන්නේ එක වගේ. සමහර වෙලාවට ඔබ neutral වුනත් මම දන්නවා ඔබ මගේ අදහස් වලට එකඟයි කියලා. අපි දැන් ප්‍රායෝගික විකල්ප මාර්ගෙකට යන්න ඕනේ. ඔබ අවුරුදු 26ක් තිස්සේ අපේ රට වෙනුවෙන් සටන් කරනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි 18 ඉඳන් මේ දක්වා ඔබ මහන්සි වෙච්ච තරම, පහුගිය අවුරුදු 25ටම වෙලා නැතුව ඇති. ඔබ තරම් රටට ආදරේ කෙනෙක් මම තවත් දැකලා නැහැ. ඔබ තවත් ඔය විදියට දවල් රෑ නැතුව මහන්සි වෙනවා මට බලා ඉන්න බැහැ. මට දුක හිතෙනවා.

      පහුගිය අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. රටේ සංවර්ධන වැඩ නැවතිච්ච නිසා මිනිස්සුන්ට රස්සාවල් නැතිවුනා. අපේ ග්‍රාමීය ජනගහනය සියයට 86ක්. ඒ වුනත් ග්‍රාමීය ආර්ථිකය හොඳටම පිරිහිලා. කෘෂි කර්මාන්තය කඩා වැටිලා. ග්‍රාමීය කර්මාන්තය කඩා වැටිලා. ව්‍යාපාර කඩා වැටිලා. ආර්ථිකය දවසින් දවස ප්‍රපාතයට වැටෙනවා. අළුත් අයවැයෙන් UNP ආණ්ඩුව ඉලක්ක කරන්නේ ආණ්ඩුවේ වියදම් මහජන්තාවෙන් පියවා ගන්න. ඔය budget එක ආවොත් මිනිස්සු අන්ත දුක්ඛිත තත්වෙකට වැටෙනවා. මම Investopedia එකේ දැක්කා 2017 තෙල් මිල ඉහල යනවා කියලා. අයවැයවත් හදා ගන්න බැරි UNP ආණ්ඩුවට ඒ වගේ දෙකට මුහුණ දෙන්න කිසිම backup plan එකක් නැහැ. ලබන අවුරුද්දේ මිනිස්සුන්ට ඉතිහාසයේ නොවුන තරම් හුඟාක් පීඩා විඳින්න වෙනවා. මට හුඟක් දුක හිතෙනවා. මිනිස්සුනට දුක් විඳින්න වෙනවා කියලා දැන දැනම මට නිකම් ඉන්න බැහැ.

      ඒ නිසා අපි වෙනත් විකල්ප මාර්ගයකට යන්න ඕනේ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා, මම හිතන්නේ අපි hard campaign එක අතෑරලා soft campaign එකකට යන්න ඕනේ රට වෙනුවෙන්. දුක් විඳින මිනිස්සු වෙනුවෙන්.

      හැබැයි ඔබතුමා මේ ගමනට අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව එකතු කරගන්න ඕනේ. ඔබ කොහොම හරි ඒක කරන්නම ඕනේ. රාජපක්ෂ පවුලේ හැමදෙනාටම දේශපාලනය කරන්නත් එතුමාට විතරක් දේශපාලනය කරන්න ඉඩ නොදෙන්නත් හේතුවක් නැහැ. එහෙම කරනවා නම්, රට වෙනුවෙන් උදාර සේවාවක් කරපු එතුමාව අමතක කරලා මේ ගමන යනවා නම්, ඒක මහා අකෘතඥ කමක්.

      අනිත් එක එතුමා නැතුව රටේ ඉදිරි ගමන, රටේ ආරක්ෂාව ගැන හිතන්න බැහැ. රාජ්‍ය සහ රාජ්‍ය නොවෙන දක්ෂ නිලධාරීන්, පරිපාලකයන් එකතු කරගන්න පුළුවන් එතුමාට විතරයි. අනිත් එක එතුමාට ජාති, පාට පක්ෂ භේද නැතුව හැමෝවම එකතු කර ගන්න පුළුවන්. එතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන්න ඕනේ.

      ඊළඟට ඒකාබද්ධ විපක්ෂයයි, මස්කටු සංගමයයි (sorry, ok) ආණ්ඩුව පැත්තේ ඉඳ ගන්න ඕනේ. එතකොට රනිල්ට 2/3 නැති වෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ ශක්තිමත් වෙමු. රනිල්ට විරුද්ධ, රටට ආදරේ කරන UNP මන්ත්‍රීවරු ඉන්නවා නම් මේ පැත්තට අරගෙන අපේ ශක්තිය වැඩි කරගමු. එහෙම කරලා 2/3කට වැඩි බලයක්, පුළුවන් නම් 3/5ක් හදා ගෙන අගමැති තනතුර ඉල්ලමු. 2020 වෙනකම් උප ජනාධිපති තනතුරක් ඇති කරමු. අපි මේ ගමන පියවෙන් පියවර යමු.

      හැබැයි, එක දෙයක් අමතක කරන්න එපා. බලය ලැබුනා කියලා සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නවත්, විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්නවත් හිතන්න නම් එපා. ඒක තුට්ටු දෙකේ බාල වැඩක්. මොන වැරදි තිබුනත් එතුමාට 2020 වෙනකම් ජනාධිපති තනතුරේ ඉන්න දෙන්න ඕනේ.

      මේ ටික කියන්නේ මුළු රටටම. පහුගිය දේවල් ඔක්කොම අමතක කරලා, අපි අළුතින් පටන් ගමු. මගේ යෝජනාවට කැමති නැති අයට ඊට වඩා හොඳ යෝජනාවක් තියෙනවා නම් කරන්න පුළුවන්. (මගේ කතාව ටිකක් arrogant. ගණන් ගන්න එපා).

      ඔක්තෝබර් 10 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට එන්න කැමතියි කියපු දවසේ, අන්ධකාරය මැද මම රිදී ඉරක් දැක්ක. මම මෙච්චර කල් හිතපු විදිය වෙනස් කරන්න එතුමාගේ කතාවත් බලපෑවා. රනිල් අන්ධකාර කරපු, අපි පණ වගේ ආදරය කරන අපේ මාතෘභූමිය ආයෙමත් ආලෝකමත් කරන්න අපි සමගි වෙමු. අළුතින් හිතමු.

      විමල් වීරවංශ මන්ත්‍රීතුමා, මම කාලෙකට ඉස්සෙල්ල ඔබට මෙහෙම කිව්වා.

      ඉතිහාසය වෙනස් කරමු
      අළුත් අකුරු වලින් ලියමු
      ගොඩ නංවන අළුත් රටට
      පහණක් වී පාර කියමු

      මම පහණට තෙල් නම් එකතු කළා. පහණ පත්තු කරලා හැමෝටම ‘ආලෝකය’ පෙන්නන එක ඔබට බාරයි.

      • Champa says:

        Typo:

        In the sentence where I wrote about securing the majority in the Parliament, the fraction should read as :

        4/5 NOT 3/5

      • Champa says:

        Oh, my apologies.

        In the very beginning of my very first paragraph, I have dropped the word “MATHITHUMA”. Without that it sounds awkward and abrupt. I rarely read twice before sending.

      • Goviya says:

        Gota you are a good Administrater not a Politiciam. I know it from your schooldays.

        • Sakvithi Master says:

          Sorry Goviya, can’t believe you and Gota went to the same school.
          Because you’ve made several English mistakes in your comment!

  2. කමල් says:

    අාදරණිය මෙෙත්‍රි අමතන අනගාරික කමල්
    රනිල් අනුකාරකයෙක් නිසා මට හදන්න අමාරුයි හැබයි ඔබ හැදිය හැකියි. ඔබ ඉස්සෙලාම මහාවංශය කියවන්න අැහැලපොල ජාති දොහි විම නිසා අහිංසක පවුලක් වන්දි ගෙව්වා ඒ්කල්ලා යහපාලනය හින්දා අපෙ රට අපට නැති උනා යහපාලනයට කලින් අපි බැලිය යුත්තෙ ජාති දොහිද යන බවයි
    ප්‍රගිත් හා ලසන්ත ජාති දොහිනම් ඒ්ක ඉස්සරහාට ඒනවා ඒ්ක රාජ අණයි. මම නම් මදුරුවෙක්වත් මරන්නෙ නැ නමුත් යුද්ධය කියන්නෙ හරි සාහසික දෙයක් ඒහිදි බැලිය යුත්තෙ ජාති දොහි හා ජාති දොහි නැති බවයි.

  3. ExUNPer says:

    I like the last two paragraphs ! This should be the general view of every ‘Sri Lankan’ politician.
    Anyone who are outside this frame should be chased away !

  4. Nareen says:

    Dee kirata balallu saakkilu. Chandeta issaravelaa duushithayanta danduvam denavaa kivvata ova janathaavage chande balaagena kiyapu bava dan oppuvenavaa. Okkoma ekavalle pol.Kohoma unath adi 6k yatata yanava kiyapu aya dan adi 6k uda bava nam penenavaa.

  5. Alapaluwa says:

    අනේ පස්වාදහාසක් අපේ වීර උතුමාණෙනි අපි දෙවියන්ගේ නාමයෙන් ඔබෙන්ඉ ල්ලා සිටින්නේ මේ මුන්ගේ සුක්ෂයම ගැටවලට අසුවෙන්න එපා එපා එපා කියා. මුන් මහා හිවල්ලු දියයටින් ගින්දර ගෙනියන්න පුළුවන් ඩබලක්.අපි දන්නවා ඔබතුමාගේ සත්ගුණවත් බාවයෙන් බලා සිත උණුවුනිනම් එය අපිට පුදුමයක් නොවේ මොකද ඔබගේ කෙදිනකවත් කෘර පළිගැනීමේ අදිෂ්ටානයක් තුන්සිතකවත් නොමැති නිසා .නමුත් මුන්මේ බලන්නේ එවැනි ආකාරයට නොව මෙවැනි දෙයකින් රටේ බහුතරයක් ජනතාවගේ අප්‍රසාදය මොහොතකට නොමගයවන්න ක්‍රමවේදයක් පමණයි .දැන් බලන්න අර යස අගේට ඔය ඩබලම යන්නේ රටින් පිට අර විමල් සහෝදරයා කිවුවා සේ මුන් නම් තරගයට යනවා ඇයි හොඳාකාරවම දන්නවා මේ ඒ අයගේ අන්තිම ජවනිකාව බව. යන්න පුළුවන්,ගන්න පුළුවන් සියලුම සැප ගන්න බලනවා.මොහොතකට වත් සිතන්නේ නැ මේ කන්නේ,බොන්නේ ගින්දර සහා ලෝදිය බව අසරණ ජනතාවගේ දුක්මහන්සියෙන් උපයා ගෙවන බදුවලින් බව එය සිතන කොටයි මට දුක.අපේ එකම පැතුම ඔබතුමාලාව නැවත ගෙනත් මේ රට එක්සත් කර නැවත සපිරි පිරින් සිරි ලක්දිවක් කිරීමටයි.

  6. Micro Man says:

    සිරිසේන ජනාධිපතිවරයාත් හරියට ටියුබ් ලයිට් එකක් වගේය.මෙතුවක් කලක් කැඩී කැඩී දැල්වෙමින් තිබී දැන් නිවැරදිව දැල්වී ඇත.එහෙත් එය දවස් කිහිපයකටදැයි දන්නෙ ඔහුම පමණය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුරයේදී සංවිධානය කරන්ට යෙදුනු නව ජනතා බලවේගය ආරම්භක මහා ජන රැළිය සඳහා සහභාගී අති විශාල ජන සන්නිපාදය දැකීමෙන් සිරිසේන ජනාධිපතිවරයාට මෙසේ උවාද..? එසේ නොමැතිනම් යහපාලයක් කිරීමට පැමිණි තමා ප්‍රමුඛ යහපාලන රජය කරනුයේ රාජපක්ෂ පවුලෙන් හා රට ජාතිය රැකදුන් රණවිරුවන්ගෙන් පළිගැනීම බව සිරිසේන ජනාධිපතිවරයාටත් දැන් හොඳ හැටි දැනීවත්ද..? එහෙත් සිරිසේන ජනාධිපතිවරයා යනු තඹ සතයකට විශ්වාස කරන්නට පුළුවන් චරිතයක් නම් නොවේය.එය ඔහුගේ ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසන්ය.ඔහු සෑම විටම කියනුයේ ඒකාධිපති පාලනක් අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් ශ්‍රී ලංකාවට උරුම කිරීම සඳහා නිර්මාණය කළ යහපාලනය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බවය.එසේ නම් සිරිසේන ජනාධිපතිවරයා තවත් එක් වෙස් මුහුණක් පැළඳ මෙවර නටන්නට හදන නාඩගම කවරේද..? මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා ඔහු පසුගියදා සිදුකළ එම ප්‍රකාශයෙන් මවිත වී සිටිනුයේ මෛත්‍රී මෙවර පෙරළන්නට උත්සහ කරන පොත එතුමා තවමත් හඳුනාගැනීමට නොහැකි වූවා සේය.එහෙව් කාළයකදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරිසේන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සඳහා තම අදහස ප්‍රකාශ කිරීම තැනේ හැටියට ඇණේ ගැසීමක් බව කිව යුතුමය.නැතහොත් අවසානයේදී සිදු වනුයේ සිරිසේන ජනාධිපතිවරයා නිවැරදි වී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අභූත චෝදනා එල්ල වීමය.සිරිසේන ජනාධිපතිවරයාගෙත් යටි අරමුණ එයදැයි කාට නම් කිව හැකිද.මන්ද 2020 දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමට උත්සහ කරන පිරිසට එතුමාව එපා කරවීම සඳහා සිරිසේන ජනාධිපතිවරයා විසින් තබන පළමු වෙඩි මුරය මෙයම විය හැකි නිසාය.

  7. podi hamuduruwo says:

    ෙම්ක යටි කූට්ටු වැඩක්. ෙම් ෙම්ක ප්ෙර්ග්රැම් එකක් අහුෙවන්න එපා ෙගාටාභය මහතානනි. ෙම් රනිලයි ෙෙමත්තිරියයි සාකච්චා කරල අාෙයත් වතාවක් රවට්ටන්න කරන වැඩක ෙකාටසක්

  8. podi hamuduruwo says:

    mekata ahu wenna epa, gotabaya mahaththaya rawattagannai me soodaanama

  9. singha01 says:

    මට හිතෙන්නෙත් මේක බොරු ෂෝ එකක්. ටෝක් දෙන්න කාටත් පුලුවන්. කෙලින්ම රනිල්ට කියල ETCA එකයි ව්‍යවස්තා වෙනස් කිරීමයි ව්හාම නවත්තල පෙන්වන්න. එතකොට අපි විස්වාස කරන්නම්. එතකම් මේව බන ටෝක් විතරයි. දැන් අපිට පේන විදියට විධායක ජනධිපතිකම නමට විතරයි. ඔක්කොම කරන්නෙ අගමැති.

    • Asaranayaa says:

      මෙය බොරු රඟපෑමක්, අහුවෙන්න එපෝ. උන් පස්ස පැත්තෙන් හිනහා වෙනවලු., නිලයයි පඹයයි මියගිය දාට පමණක්; දෙශමාමකයනි මේවා විශ්වාශ කරන්න.

Main News