සමාජ ශාලා සිද්ධියේ දහම් සහ ආරක්ෂකයින්ගේ CCTV පැහැදිලි නෑ.. පොලීසිය කියයි..
October 14, 2016 at 10:35 am | lanka C news
පසුගිය 08 වැනිදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්රි සමාජ ශාලාවටටත් එහි ආරක්ෂකයෙකුටත් පහර දීම සම්බන්ධ සම්බන්ධ CCTV දර්ශණ පැහැදිලි නැති බව මරදාන පොලීසිය විසින් පවසයි.
අදාල දර්ශණවල ජනාධිපති පුත් දහම් සිරිසේනගේ ආරක්ෂකයන් පිරිසක් සිටියත් තත්පර 90ක පමණ වූ එම දර්ශන හරි හැටි පැහැදිලි නැතැයිද පොලීසිය කියයි.
මේ වන විටත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ශාලාවේ අයිතිකරුගෙන්, පහරකෑමට ලක්වූ ආරක්ෂකයාගෙන්, කළමනාකරුවන් දෙදෙනෙකුගෙන් කටඋත්තර ගෙන ඇතැයිද පොලීසිය වැඩි දුරටත් කියා සිටී.