සහල් ටොන් පන්ලක්ෂයක් රටින් ගෙන්වයි.. කිලෝව 73ට සතොසින් සහල්..
October 23, 2017 at 5:30 pm | lanka C news
ජනතාවට සහන සලසන්න ස:තො:ස ජංගම වෙළඳ රථ මඟින් අත්‍යාවශ්‍ය භාන්ඩ ගම්මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුධීන් පවසයි.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (23) වවුනියාවේ සතොස අලෙවි මධ්‍යස්ථානයක සංචාරයක් සිදු කරමින් මාධ්‍යට අදහස් දක්වමින්ය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක් සහන මිලට ස:තො:ස ජංගම වෙළඳ රථ මඟින් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේ උපදෙස් මත අද (23) දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කල බවත් ඉදිරියේ දී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
මෙහි මූලික අධියරේදී ජංගම වෙළඳ රථ 50ක් යොදවා ඇති බවත් දිවයින පුරා ඇති ස:තො:ස වෙළඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තුලින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් අමාත්‍ය වරයා මෙහිදී පැවසීය.
මේ වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ5ක් මෙරටට ගෙනඒමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සහල් රැපියල් 73 දක්වා අඩුකිරීමට හැකිවී ඇති අතරම අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟයකින් තොරව ජනාවට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හලාල් හාල් අපට එපා
every player needed to consult psychologist separately.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන වෙතයි,
දැන් මේවයෙ වස විෂ නැද්ද? ඔක්කොම කොම්පෝස්ට් දාල වවපුවද? අම්මගෙ රෙද්ද තමා.