14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..

June 8, 2021 at 2:10 pm | lanka C news
14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..

එළැඹෙන 14 වනදා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් යයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට පවත්නා සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ කිහිපයක් ම පෙන්වා දී ඇත්තේ පවතින සංචරණ සීමා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත් ජනතාවගේ සංචරණය සීමා වීමක් සැලකිය යුතු මට්ටමකට සිදු වී නැති බවත්ය.

ඒ හේතුවෙන් වසංගතය පාලනය වන තෙක් ඇදිරි නීතිය පැනවීමක් සිදු කල යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.

42,059 views

22 Comments to “14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..”

  1. ධර්මපාල තුමා says:

    සිංහලයන්ට වම් ශ්‍රිපාදය පමණක් තියාගෙන ලොකේ රකින්න බැ. එයට දකුණු ශ්‍රිපාදය සච්ච බද්ද බෞද්ධයන්ට අයිති කර ගත යුතුයි. ඉන්දියානුවන්ට කියන්න ඔනේ අපි නිවට ජාතියක් නොවන බව. සියලු සිංහලයනි සමගිවවු සච්ච බද්ද බේරාගනිවු. මෙයට සියලු ථෙරවාදි හා මහායාන රටවල් එකතු කර ගනිවු. පළමුව සිංහලයනි තොපි සමගිවවු.

    • Ravana Parapura says:

      ඊට පලමුව තෝ අංගොඩ පල.

    • සයිමා says:

      අම්බෝ, ඔබ තුමානම් දෙවියෙක් නෙවියි, දෙව් රජෙක්. අරිනවා කිව්වම නිකන් බඩ හිස්වුනා වගෙයි දැනෙන්නේ.

      • රැම්බෝ says:

        මටත් ඕකම හිතුනා. අපි දේව පූජාවක් තියමු හමුදාපති තුමාට ඉක්මනින්ම ෆීල්ඩ් මාශල් ලෙස උසස් වීමක් ලැබේවා කියල.

      • ශ්‍රී මුඛයෙන් says:

        ඇයි මොකද අරිනව කිව්වහම බඩ හිස්වුනා වගේ දැනෙන්නෙ? අරින්නෙ රට මිසක් ඔහේගෙ අහවල් එකේ නෙමෙයි.

  2. මාස 32 says:

    අරින්න එපා සර්..වහල තියා ගන්න තියෙන්නෙ තව මාස 32යි.

    • නරි කෑ මල් says:

      ඔරකල් සිස්ටම් ගැන කතා කරමින් ලංකාවේ බලයට ආ තකතීරු මැදමූලන පවුලේ ගං කබර කෙරුවාව ගැන මීටත් වඩා තව උදාහරණ අවශ්‍යද..

    • චිත්ත කාඩ්බෝඩ් සේකර says:

      අරින්න දෙයක් නැහැ ස ආපු ගමන් ඇට නම ලස්සේ වස්සෝ ඔක්කොටොම ඇරියේ සදාකාලිකව මතක හිටින්න. එහෙත් කොරෝනා නිසා රට ලොක් කරන්, මෙහෙන් ඔක්කොම ප්‍රයිවෙට් සෙක්ට එක වැඩ හෝ ගාල, ඒ අස්සේ කොරෝනා නගිනවා නහුතෙට, මිනිස්සු මැරෙනවා නිකන් හුළඟට කොළ වැටෙනවා වගේ, ඒ අස්සේ එකෙක් කියනවා රට දුවන්න සල්ලි නැහැ එක්කෝ ණය ගන්න වෙනවා නැත්නම් මේක ටික ටික විකුණන් කන්න වෙනවා කියලා. තව එකෙක් අපි තමා හොඳටම කරේ කියල හතර අතේ හයිවේ ප්‍රෝජෙක්ට් ස්ටාට් කරනවා.
      බහුතරයක් ගෙවල් වලට වෙලා අතේ සතේ නැතුව කන්න බොන්න නැතුව අපා දුක් විඳිනවා. අනේ ස කරුණාකරලා ඔය බයියෝ විතරක් කොහෙට හරි ගෙන්නඟෙන පෝලිමේ තියලා කරන එකක් කරන්න. අපිට නම් එපා.

  3. අපි ගොන්නු නොවේ......! says:

    වේලක් කාලා හරි හිටපු මින්ස්සුන්ට 5000ක් දෙනවා කියලා ආතල් එකක් දීලා….ග්‍රාමයා 5000 පුකේ ගැටගහගෙන දෙන්නෙ ආණ්ඩු ෆේල් වේගෙන එනවා ……රට අරින්න ….වෘත්තීය සමිති කාරයොයි බහුජාතික සමාගම්වල වෛද්‍ය ඒජන්තලයිගෙ වුවමනාවට මේවා කරන්න එපා…..

    • චන්ඩි මල්ලි says:

      ඇරල බලපන් උඹට හුස්ම ගන්න බැරුව හතිය අදිනකොට කොරෝනා හැදිලා. එතකොටවත් තොට තේරෙයි රට වහල තිබ්බෙ කාගෙවත් වුවමනානට නොව තොගෙ ම ජීවිතේ බේරාගන්න කියල. හැබැයි පුතෝ, එතකොට උඹ පරක්කු වැඩියි.

      • අපි ගොන්නු නොවේ....! says:

        උඹේ හුස්ම හිරවෙනවනම් පලයන් මහරගම නාවින්න ආයුර්වේදයට එතන තියෙනවා රු20 පේයාව පැකට් එකක් සංස්ථා පේයාව කියලා ඒක අරන් බීපන් …හැබැයි තෝ මස් කන අරක්කු බොන කාළකණ්ණියෙක් නම් ඒවා ඇඟට අල්ලන්නේ නෑ…පහුගිය ටිකේ ආයුර්වේද බෙහතේ කඩත් වහල….කන්න එලවලුත් නෑ….ගන්න සල්ලිත් නෑ…

  4. 🙏🙏🙏 says:

    නීතියට අවනත නොවී රෑට බීලා නටයි
    හුස්ම හිරවන විට රටවැසි කඳුළු පෙරයි
    අල්ලපු රටේ විඳවන වාට්ටු පිරිල ගොඩයි
    බේරමු රටම නීතියට ගරුව ගෙදර සිටයි
    🙏🙏🙏

  5. Nishali says:

    horana paththenam kisima sancharana semawak na..minissu samanya vidiyata athuru parawal wala yanawa….athyawashya nowana factries arala…

  6. sunimal says:

    බරපතල තත්ත්වයක් ඇති නොවන්නම් එන්නතට පළමුවෙන් සියලු ජනතාවට හෙළ ඔසු ලබා ගන්න ඉඩ සලසන්න. කොරෝනාවට හෙළ ඔසු තහනම ඉවත දමන්න.

  7. Silva says:

    සංචරණ නීති යටතේ මේ තරම් ජනගගක්, වාහන ගංගාවක් නගරවල සැරිසරනවා සීමා අයින් කරොත් එක රැයින් කොවිඩ් මුලු රටේම පැතිරෙනවා. පවතින සංචරණ සීමා පෞද්ගලික ආයතන උල්ලංඝනය කරනවා. හැම සේවයකයාටම ලිපි දීලා පාරට බස්සනවා . සොයාබලන්න .

  8. Silva says:

    අත්‍යාවශ්‍ය සේවා ලේබලයට මුවාවී පෞද්ගලික ආයතන ප්‍රධානින් තමුන්ගේ සියලු සේවයකයින් රාජකාරියට ගෙන්වා ගන්නවා. ඒ හන්දා පාරේ වාහන සහ මිනිස්සු පිරෙනවා . කොවිඩ් පැතිරෙන එක වලක්වන්න බැහැ . සොයාබලන්න

  9. සමයං says:

    හොඳයි සර්.. එතකම් අපි මැටි රොටී වත් කන්නම්..

    මීට
    සමයං

  10. sumudu says:

    වසංගතය පාලනය වන තෙක් ඇදිරි නීතිය පැනවීමක් සිදු කල යුතුයි

Main News