140,000ක් ඝාතනය කල ගෝටාභය ජනාධිපති සිහිනය අතහැරිය යුතුයි.. මහින්ද නැවත බලයට ඒම වලක්වන්න අපි අයවැයට පක්ෂ වෙනවා..- TNA
March 27, 2019 at 3:29 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම සදහා දකින සිහිනය අතහැරිය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසයි.
එක්ලක්ෂ හතලිස්දහසකට වැඩි උතුරේ ජනතාවක් ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් විසින් මරා දැමූ බවත් ඔහු සදහන් කලේය.
මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලැක්වීම සදහා අයවැයට පක්ෂව ඡුන්දය දෙන බවත් ඔහු සදහන් කලේය.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පුරා සිවිල් වැසියන් දහස් ගනනකට මරු කැඳවූ මිනීමරු කොටි ත්‍රස්ථවාදය 2009 දී අවසන් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බටහිර බලපෑම් වලට යටත් නොවී අවසානය දක්වා යුද්ධය පවත්වාගෙන යාමට තීරණය කල නිසාය. එදා යුද්ධයේ අවසාන අදියරේදී බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් හා ප්‍රංශයේ විදේශ ඇමති බර්නාඩ් කුෂ්නර් ලංකාවට පැමිණ “ ඔබ විසින් දැන් යුද්ධය නතර කිරීම බටහිර රටවල අභිලාශය වේ “ කියා කී විට ඇබිලිපිටියේ වැව් තාවුල්ලේ සිට ලංකාවේ ජනාධිපතිවරයා ඔවුන්ට උත්තර දුන්නේ මෙසේය.
“මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. ඒ තත්වය 1948 අවසන් වුනා.ත්‍රස්ථවාදය අවසන්වන තුරු මා කිසිසේත්ම යුද්ධය නතරකරන්නේ නැහැ. ලංකාවේ මිනිසුන් මැරෙන විට ඔබට එය ප්‍රවෘතියක් පමනයි. වේදනාව අපටයි. ලංකාවේ පාලකයා ලෙස මා කරන්නේ මගේ රටට අවශ්‍ය දෙය බව පමනක් මතක තබාගන්න”
ඉන්දියාවේ බිහිවූ ඉන්දියාව සහ ලංකාවේ කොටස් එකතුකර දෙමළ රටක් සෑදීමේ ව්‍යාපාරය 1963 දී ලංකාවට සංක්‍රමණය වෙයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ 1961 දී ඇතිවූ ඉන්දු චීන දේශ සීමා යුද්ධයයි. එම යුද්ධය නිසා ඉන්දියාවේ ඇතිවූ රට ගැන හැඟීම පාවිච්චිකල ජවහල්ලාල් නේරු මහතා ඉන්දියාව කැඩීම ගැන කවර ආකරයකින් හෝ කථාකිරීම හෝ අනුබල දීම නීති විරෝධී වෙන ලෙස අණපණත් සම්මත කළේය
Racist politicians cannot misleed tamil nation further as they realized the truth.That is why these fellows shouting.
gotata demala koti chanda one nehe. ugath demal aya , 80% buddhist aya saha katholika aya chande dei. umbala wage minimaru parayange maylakwath ethumata epa.