මයිලෝ බොන්න එපා.. මං මයිලෝ පැකට් එක අරගෙන රටපුරා ගොස් විරෝධතා පානවා..- ජනාධිපති මයිලෝ පැකට්ටුවක් අතේ තියාගනෙ කියයි..
November 13, 2017 at 3:25 am | lanka C news
‘මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවති. ඒ සමාන්‍යයෙන් 5% තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩි 16.5% පවතිනවා. ඒත් සෞඛ්‍යයක බලධාරීන් ඒ සම්බන්ධව සොයා නොබලන බවටත්’ ඊයේ 11 වෙනිදා දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
පසුගිය කාලයේදී බහුජාතික කිරිපිටි සමාගම් සම්බන්ධව දැඩි ප්රතිපත්තියක සිටින ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කලේ මෙරටේ සිටින ප්‍රධාන බහු ජාතික සමාගමක් වන නෙස්ලේ සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධවයි. එම සමාගම මෙරටේ ලදරු කිරිපිටි වන නෑන්, ලැක්ටෝජන මෙන්ම සීනි අධික නෙස්ප්‍රේ කිරිපිටි ද අලෙවි කරන සමාගමකි.
මෑතක සිට නෙස්ලේ සමාගම 20 % සිනී මිශ්‍ර කොට කිරිපිටි ලෙස “නෙස්ප්‍රේ එවරිඩේ” නමින් කිරිපිටි අලෙවි කරන අතර පාරිභෝගිකයා නොමග යැවීම සඳහා එහි අඩංගු සීනි ප්‍රමාණය සගවා අලෙවි කිරිමට පටන්ගෙන ඇති බව ජනාධිපතිවරයා අනාවරනය කරගෙන ඇත.
එහෙත් මේ වනවිට සෞඛ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් මේවනතෙක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වී නොමැති නිසා ජනාධිපතිවරයා විසින් මෙම මයිලෝ Milo පැකට් අරගෙන රටපුරා ඊට විරුද්ධව යන බවත් මේ සඳහා සීනි බද්ද පනවන ලෙසත් අදාල බලධාරීන් දැනුවත් කලේ ය.
වීඩියෝව මෙතනින්
Janadipathi unath aduwa thiyagena atha puchcha gannawata apitia karanna deyak natha. Aththatama me yaka moda pakayekda kiyala mata hithenawa!
මයිලොත් දැක්කා, ඒවායේ සීනිත් දැක්කා.
විල්පත්තුවේ වන විනාසේ තාම නොදැක්කා
yako nastle karayada janadi pati ubada janadipati nodakin patola hodai tawa.