මුලතිව් නගරයට සුනාමි බියක්.. නගරය පාලුවට යයි..
November 22, 2017 at 6:29 am | lanka C news
කිසියම් පිරිසක් විසින් ඊයේ (21) මුලතිව් මුහුද ගොඩගලන අවධානමක් ඇති බවට පවසා ඇති හෙයින් අද උදෑසන මුලතිව් නගරයම දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබුණි.
ඊයේ උදෑසන සිට මුලතිව් නගරයේ කිසිදු වැසියෙකු දැකගන්නට නොමැති වූවේ ඊයේ සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවධානමක් ඇති බවට ජනතාව බිය ගැන්වීම නිසාවෙන් වැසියන් සියලු ගමන් වලින් වැලකී සිය නිවෙස් තුලටම වී සිටියහ.
කෙසේ වෙතත් මුලතිව් පොලීසිය කියා සිටියේ කිසිදු සුනාමි අවධානමක් නොමැති බවටත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුවත් කළ බවටයි.
කෙසේ වෙතත් පසුගිය දිනයන්හි ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහල යමනිසා මුලතිව් ධීවරයින් හා ජනතාව යම් බියකින් පසුවන බවටද දැන ගන්නට ඇත.
සුනාමි බිය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලටද බාධා සිදු විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔහොම දෙයක් හරි වෙලා ඔය මලවදයෙන් නිදහස් වෙන්න පලුවන්නම් කොච්චර දෙයක්ද