වෘත්තීය සමිති ලොක්කෝ මහජන බැංකු මැනේජර්ට තර්ජනය කරලා.. මහජන බැංකුවෙන් උඩම තැනට පැමිණිලි..
November 24, 2017 at 12:40 pm | lanka C news
මහජන බැංකුවේ අම්පාර ශාඛා කළමණාකාර මහතාට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, මහජන බැංකු කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.
වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ්රය වෙත බලහත්කාරයෙන් ඇතුලූ වී මෙලෙස ක්්රියාකර ඇති බව ශාඛා කළමණාකාර මහතා සහ ප්රාදේශීය කළමණාකාර මහතා විසින් මහජන බැංකු කළමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව, මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ 2017 නොවැම්බර් මස 20 වැනිදා ම අදාල ශාඛා කළමණාකාර මහතා විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
යම් මහජන බැංකු සේවකයකු ආයතනික විනය රීතීන් උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත් තරාතිරම නොබලා ආයතනික පැවැත්ම පිළිබඳ වූ විනය සංග්රහයේ ප්රතිපාදනයන් ප්රකාරව කටයුතු කරන බව මහජන බැංකුවේ කළමණාකාරීත්වය දන්වා සිටියි.
– මහජන බැංකුව
මේ යුනියන් එකේ නේද ඉන්නේ අර රුවායිස් කියන බැංකුව හලාල් කරන්නෝනේ කියලා කියන මිනිහා. බැංකුවෙන්ම හම්බකරගෙන, බැංකුවෙන් කාලා බීලා තියන තරමක් ණය එහෙමත් අරගෙන ඒ මදිවට මුන් දැන් බැංකුවේ එකට වැඩ කරන උන්ට තඩිබාන්නත් පටං අරගෙන. තමන්ගේ සාමාජිකයින්ට පහර දෙන නායකයෝ ඉන්න එකම සංගමේ මේක වෙන්න ඇති