දකුණේ බලය මහින්ද පිල අල්ලයි.. වැය ශීර්ෂය පරාදයි.. කාෂිකර්ම ඇමති ඉල්ලා අස්වෙයි.. මහ ඇමතිත් අවදානමේ..
December 9, 2016 at 9:09 pm | lanka C news
අද දිනයේ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්යංශය වැය ශීර්ෂය සදහා පැවති ඡන්ද විමසීම පරාජයට පත්ව තිබේ. ඒ සමගම පළාත් කෘෂිකර්ම ඇමති යූ.ඞී.ජී. ආරියතිලක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්රකාශයට පත් කලේය.
එම අමාත්යංශය වැය ශීර්ෂයේදී පක්ෂය ඡන්ද 20ක් හා විරුද්දව ඡන්ද 26ක් ලැබින.
වැය ශීර්ෂයට පක්සය එජාපය හා ශ්රීලනිපය ඡන්දය භාවිතා කල අතර විරුද්දව ඡුන්දය භාවිතා කලේ ඒකාබද්ද විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි.
සන්ධානයට 38ක්, එජාපයට 14ක්, ජවිපෙට 03ක් ලෙස දකුණු පළාත් සභාවේ ආසන බෙදී ගොස් ඇත.
මේ තත්වය මත පළාත් මහ ඇමති ශාන් විජේලාල් සිල්වා 2017 සදහා පළාත් අයවැය සම්මත කර ගැනීම වෙනුවෙන් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.
Ahhhhhhhhh …. Shan ge bella thawa hira wenawa wage.
ආණ්ඩුවේ කටු කන්න යන්නේ නැති කෙලින් මිනිස්සු දකුණු පලාත් සභාවේ ඉන්නවා එහෙනම්.
ඡන්දය දුන් දකුණේ ජනතාවට ආඩම්බර විය හැකියි. තුට්ටු දෙකට තමන් පාවා නොදෙන ජනතා නියෝජිතයින් ගැන.
hoda wade oya shani ta maha bathala angak thiyagenna molle anga hama thanama….