දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා… අසාමාන්‍ය ධනවතෙක් වුනේ කොහොමද..
September 15, 2016 at 11:22 pm | lanka C news
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.
ලංකාදීප මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
“දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද? ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. දැන් මේ කතා කරන මම ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.
ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා. එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.” යැයි ඔහු පැවැසී
අනේ ඔබ කියන දේ මීට වසරකට පමණ පෙර අපිත් විස්වස්ස කළා.. ඒ විස්වාසය නැතිකාලේ අපි නොවේ… ඔබගේ අදහස් හා ඒ ඒ අවස්ථාවල කතා කල හා නිහඬව සිටී හැසිරීම.. ඒ නිසා තවත් ජනතාව මුලා නොකර රට පිටු නොපා රට හිතැති පැත්තේ හිටගන්න ලෙස කාරුණික ඉල්ලා සිටිනවා මහාචාර්ය තුමෝ….. මේ කිව්වේ දුමින්දගේ තීන්දුව සම්බන්දයෙන් නම් නොවේ…
කඩුවෙල බුද්දෙත් පාරෙ තියාගෙන බත් පැකට් විකුනුවලු ඒ කාලෙ, ඔය බත් පැකට් සෙල්ලමේ මොකක් හරි තියෙනව, දුරාචාරි තුමාත් බත් පැකට් කරල විකුනල බලන්න, මාසෙකට ලැබෙන NGO $$ කුට්ටියට වඩා ආදායමක් එයි
A gono
Professor don’t tell lie Duminda’s father is a rich person and he is a director of a reputed paint company and a chartered accountant.
Dminda was brought to politics by UNP. He was a Provincial Council Member of UNP. He became rich when UNP was in Power i 2001-2004. Ask Ranil how he espoused him to be rich.
Look like when he became rich you are jealous with him
.Don’t waste time on jealousy. Sometimes you’re ahead, sometimes you’re behind.
Jealousy… is a mental cancer…..More men die of jealousy than of cancer.
.