දවස් 37 ක් අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර මන්නාරම් කැලෑවකින් හමුවෙයි…

December 3, 2017 at 6:48 pm | lanka C news
දවස් 37 ක් අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර මන්නාරම් කැලෑවකින් හමුවෙයි…

මන්නාරම් ආන්දාංකුලම් කැලෑවක තිබියදී නරක් වී ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් 02වනදා හමු වූ බවට මඩු පොලීසිය කියා සිටියේය.

මන්නාරම් මැදවච්චිය මාර්ගයේ ආන්දංකුලම් 3 කනුව ප්‍රදේශයේ පිහිටි කැලෑවක තිබී අදාල පුද්ගලයාගේ මළ සිරුර ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ පිළිබඳව මඩු පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල් ස්ථානයට ගොස් මළ සිරුර හඳුනාගෙන ඇත.

මේ අනුව මිය ගොස් ඇත්තේ මන්නාරම් ආන්දංකුලම් ගම්මානයේ පදිංචි 56 හැවිරිදි අන්තෝනිපිල්ලේ සන්නික්ලෝස් නැමිත පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා මීට දන 37 කට පෙර නිවසෙන් අතුරුදහන්ව ඇති බවටද මඩු පොලීසිය වෙතට පැමිණිල්ලක් ලැබී ඇත.

කෙසේ වෙතත් අදාල පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පහ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර මන්නාරම් මහරෝහලට රැගෙන ගොස් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views
Main News