දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය ‘සූර්යා’

December 4, 2017 at 12:40 pm | lanka C news
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරෙන් එන අලුත්ම සන්ධානය ‘සූර්යා’

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානයක් යටතේ තරඟ වැදීමට ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය ඇතුලු ද්‍රවිඩ පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ඊයේ (03) යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව තුළ මේ වන විට පැහැදීමක් නොමැති බවයි.

ඒ අනුව තමා නායකත්වය දරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සහ ආනන්ද සංගරී මහතා නායකත්වය දරණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ එක්ව නව සන්ධානයකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවටයි.

මේ අනුව නව සන්ධානය සූර්යාගේ ලකුණින් ඉදිරි පලාත් පාලන මැතිවරණයන් වෙනුවෙන් තරඝ වැදීමට බොහො දුරට ඉඩ ඇති බවටද ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ අභ්‍යන්තර ආරංච් මාර්ග සඳහන් කොට සිටියේය.

මේ අතර ගජේන්ද්‍රන්කුමාර පොන්නම්බලම් මහතා නායකත්වය දරණ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය සමඟ උතුරු මහඇමති නායකත්වය දරන දෙමළ ජනතා සභාව මැතිවරණයට ඉදිරිපත් වීමට කැමත්ත පල නොකිරීම හේතුවෙන් බොහොදුරට ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාද නව දෙමළ සන්ධානය යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ දනවල සාකච්ඡා පැවත්වෙමින් පවති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

227 views
Main News